LSN News › Sri Lanka

මෙට්‍රෝ බස් රථවලට හිතාමතා හානි කිරීම් පිටුපස කුමන්ත්‍රණයක් – දැඩි නීතිමය පියවර ගන්නා බවට පොලිසිය සහතික වෙයි!

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. පී. සේනාධීර ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ සිදුවීම් දාමය දෙස බැලීමේදී කිහිපදෙනෙකු විසින් මෙය සංවිධානාත්මකව සිදුකරන බව පැහැදිලි වන බවයි.

LSN Sri Lanka · 9 October 2026

මෙට්‍රෝ බස් රථවලට හිතාමතා හානි කිරීම් පිටුපස කුමන්ත්‍රණයක් – දැඩි නීතිමය පියවර ගන්නා බවට පොලිසිය සහතික වෙයි!

මෙට්‍රෝ බස් රථවලට හිතාමතා හානි කිරීම් පිටුපස කුමන්ත්‍රණයක් – දැඩි නීතිමය පියවර ගන්නා බවට පොලිසියෙන් ප්‍රතිඥාවක්

මෙට්‍රෝ බස් රථවලට හිතාමතාම හානි සිදුකිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් නිරීක්ෂණය වී ඇති බවත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. පී. සේනාධීර ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ සිදුවීම් දාමය දෙස බැලීමේදී කිහිපදෙනෙකු විසින් මෙය සංවිධානාත්මකව සිදුකරන බව පැහැදිලි වන බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සිටි සිදුවීම් කිහිපයක් මෙසේය:

•අතුරුගිරිය: ඊයේ දින අතුරුගිරිය මිලේනියම් සිටි අසල දී පුද්ගලික බස් රථයක් හිතාමතාම පසුපසට ගෙන මෙට්‍රෝ බස් රථයක ගෙටීමට සලස්වා ඇත. මෙම රියදුරා විසින්ම ඊට පෙර දින රාජගිරිය ප්‍රදේශයේ දී ද මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක්කර අලාභහානි සිදුකර තිබේ.

•මාකුඹුර: ඊයේ අලුයම 3.15 ට මාකුඹුර ප්‍රදේශයේ දී මෙට්‍රෝ බස් රථයකට අලාභහානි සිදුකර ඇති අතර, එය රියදුරා නොව කොන්දොස්තරවරයා විසින් හිතාමතාම එය සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත.

•කැස්බෑව: අද උදෑසන 7.00 ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් හිතාමතාම මෙට්‍රෝ බස් රථයක අනතුරට ලක්කර ඇත.

•බොරැල්ල සහ කොල්ලුපිටිය: මීට දින දෙකකට පෙර බොරැල්ල ප්‍රදේශයේ දී ද මෙලෙස හිතාමතා අනතුරක් සිදුකර ඇති අතර, ඊට පෙර දින කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ද මෙවැනිම සිදුවීමක් වාර්තා වී තිබේ.

මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, හානියට පත්ව ඇත්තේ රාජ්‍ය දේපල බැවින් එම අලාභයන් සම්බන්ධයෙන් පූර්ණ තක්සේරුවක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බව පැවසීය.

අපරාධ නීතිය, ඊට අනුශාංගික නීති මෙන්ම මෝටර් රථ වාහන පනතේ ඇති ප්‍රතිපාදන යටතේ වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර ඊයේ අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ රථයක් අනතුරට ලක් කළ පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අනතුරුට ලක්වන ආකාරය නිරීක්ෂණය වන CCTV දර්ශනද ලබා ගනිමින් විමරශන සිදුකර තිබේ. එම දර්ශන ද සමග කඩුවෙල අධිකරණය වෙත අද (09) දිනයේදී අදාල සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කිරීමටද නියමිත බව පොලිසිය සඳහන් කළේය.