LSN News › Sri Lanka

ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහලට ගෙන යයි!

වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ඊයේ (08) දිනයේ දී ඇගෙන් ලබාගෙන තිබිණි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ දී බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රුධිර සාම්පල ලබාගත් බවයි.

LSN Sri Lanka · 9 October 2026

ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහලට ගෙන යයි!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ අද (09) පෙරවරුවේ කොළඹ අක්ෂි රෝහල වෙත යොමු කළ බව වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත පවසයි.

</p>

<p>

ඒ අක්ෂි පරීක්ෂාවක් සිදු කිරීම සඳහා ය.

</p>

<p>

වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ඊයේ (08) දිනයේ දී ඇගෙන් ලබාගෙන තිබිණි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ දී බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රුධිර සාම්පල ලබාගත් බවයි.

</p>

<p>

ඉන් අනතුරුව ඇය බන්ධනාගාර කාන්තා අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන තිබුණි.

</p>

<p>

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ සියයක මුදලක් ලබාගෙන දූෂණය සහ සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනා යටතේ පසුගිය 07 වැනිදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි. ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.