LSN News › Sri Lanka

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ගැහැණු සීබ්රා සතාට හදිසි ශල්‍යකර්මයක්: ආහාර ජීරණ පද්ධතියේ සිරවීමක් නිසා විශේෂඥ පශු වෛද්‍ය උපදෙස් මත පියවර!

මෙම සීබ්රා සතා දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන ගැහැණු සීබ්රා සතුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අතර, පසුගිය 2026 සැප්තැම්බර් 29 වන දින සිට අසනීප ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

LSN Sri Lanka · 10 October 2026

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ගැහැණු සීබ්රා සතාට හදිසි ශල්‍යකර්මයක්: ආහාර ජීරණ පද්ධතියේ සිරවීමක් නිසා විශේෂඥ පශු වෛද්‍ය උපදෙස් මත පියවර!

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ගැහැණු සීබ්රා සතෙකුගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති වී තිබෙන සිරවීමක් ( obstruction ) හේතුවෙන්, ඊට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය පරිදි ශල්‍යකර්මයක් සිදුකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ඊයේ (09) සවස එම ශල්‍යකර්මය කිරීම සඳහා සැලසුම් කර තිබිණි.

මෙම සීබ්රා සතා දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන ගැහැණු සීබ්රා සතුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අතර, පසුගිය 2026 සැප්තැම්බර් 29 වන දින සිට අසනීප ලක්ෂණ පෙන්නුම් කර තිබේ. ඒ අනුව සිදු කරන ලද විවිධ පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් සතාගේ ආහාර ජීරණ පද්ධතියේ යම් සිරවීමක් පවතින බව අනාවරණය වූ අතර, සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කණ්ඩායම විසින් සතාට අවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලදී.

කෙසේ වෙතත්, ලබා දුන් ඖෂධීය ප්‍රතිකාර මගින් සතාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට පත් නොවීම හේතුවෙන්, සත්වෝද්‍යාන බලධාරීන් විසින් ඔක්තෝබර් 08 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අශ්වයන් සම්බන්ධ විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරාගේ උපදෙස් සහ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලින් පසුව, මෙම සිරවීම ඖෂධ මගින් පමණක් සමනය කළ නොහැකි බව හඳුනාගත් අතර, විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත අදාළ සිරවීම ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට පශු වෛද්‍ය කණ්ඩායම තීරණය කළේය.

ඒ අනුව, අදාළ විශේෂඥ පශු වෛද්‍යවරයා සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ දිනයේ ( ඔක්තෝබර් 09) සන්ධ්‍යා කාලයේ දී මෙම ශල්‍යකර්මය සිදුකිරීමට කටයුතු යොදා තිබුණි.

විශේෂඥ උපදෙස් මත පදනම්ව සතාගේ තත්ත්වය යහපත් කිරීම සඳහාත්, සුදුසු වෛද්‍ය ආරක්ෂාව සහ සත්කාර ලබා දීම සඳහාත් අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම, සීබ්රා සතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරි යාවත්කාලීන කිරීම් ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. ( ඩේලි මිරර්)