LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

නොබෙල් සාම ත්‍යාගයෙන් පැය කිහිපයකට පසු ජාත්‍යන්තර අධිකරණය අඩපණ කිරීමට ඇමෙරිකාවෙන් සම්බාධක! - ට්‍රම්ප් මෙච්චර කිපුණේ ඇයි?

දියුණු යැයි කියාගන්නා සමාජයක් මැන බලනුයේ එහි ධනයෙන් හෝ බලයෙන් පමණක් නොවේ. සදාචාරාත්මක මනුෂ්‍ය හැසිරී එහි විශාල කොටසක් ආවරණය කරන්නේය. අනෙක් අතින් රටේ ජනමතය හා ජන විඥානය අනෙක් අතින් ඒ රටේ දේශපාලනයේ සහ දේශපාලන නායකත්වයේ ප්‍රකාශනයක් ලෙස ඇත්තේය. ලෝකයේ බලවත්ම රාජ්‍යයේ දුගී ස්වරූපය පසුගිය සිකුරාදා ලෝකය හමුවේ නිරුවත් වී ගියා ද?. එය ලෝකයට යහපතක් ඇති කරන සලකුණක් නොවන බව පැහැදිලිය.

LSN Sri Lanka · 10 October 2026

නොබෙල් සාම ත්‍යාගයෙන් පැය කිහිපයකට පසු ජාත්‍යන්තර අධිකරණය අඩපණ කිරීමට ඇමෙරිකාවෙන් සම්බාධක! - ට්‍රම්ප් මෙච්චර කිපුණේ ඇයි?

ලොව ඉහළම ගෞරවය හිමිකර දෙන නොබෙල් සාම ත්‍යාගය, දකුණු අප්‍රිකානු ජාතික ප්‍රකට මානව හිමිකම් නීතිඥවරියක හා විනිසුරුවරියක වන 85 හැවිරිදි නවි පිල්ලේ වෙත පිරිනැමීමෙන් පැය කිහිපයකට පසුව, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව දැඩි නව සම්බාධක පැනවීමට පියවර ගත්තේය. මෙම සිදුවීම් ද්විත්වය සිදු වූ කාලවේලාව සහ පසුබිම ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වී ඇත.

නවි පිල්ලේ 2003 සිට 2008 දක්වා කාලය තුළ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා මණ්ඩලයේ විනිසුරුවරියක ලෙස සේවය කළ අතර, පසුව ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කළාය. මෑතකදී ගාසා තීරයේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමේ මුලසුන හෙබවූයේ ද ඇයයි. එහිදී ඊශ්‍රායලය විසින් ගාසා හි ජන සංහාරයක් සිදු කර ඇති බවට එම කොමිසම නිගමනය කළේය.

නෝවේජියානු නොබෙල් කමිටුව විසින් 2026 නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනමමින් ප්‍රකාශ කළේ, “සමකාමී බව සහ ජාත්‍යන්තර නීතිය සුරැකීම වෙනුවෙන් ඇය දැක්වූ විශිෂ්ට කැපවීම” මෙලෙස ඇගයීමට ලක් කළ බවය. නීතියේ ආධිපත්‍යයේ ඇති වැදගත්කම අවධාරණය කරන අතරම, ජාත්‍යන්තර අධිකරණ සහ විනිසුරුවරුන් වර්තමානයේ දේශපාලන ප්‍රහාරයන්ට ලක්වෙමින් සිටින බව සිහිපත් කිරීමට ද මෙම සම්මානය හොඳම අවස්ථාවක් බව කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, වොෂින්ටනයෙන් ඊට ලැබුණු ප්‍රතිචාරය ඉතා වේගවත් මෙන්ම දැඩි විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව සම්බාධක පනවන බව නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකානු පිරිස් නඩු විභාගයට ලක් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, මෙම “අත්තනෝමතික අධිකරණය” සමඟ කෙරෙන මූල්‍ය හා වෙළඳ ගනුදෙනු තහනම් කර එහි සම්පත් අහෝසි කරමින් ක්‍රියාකාරීත්වය අඩපණ කරන බවත් ඔහු පැවසීය. මෙම අධිකරණය එල්ල කරන “තර්ජන” වහා නතර කළ යුතු බවත්, එසේ නොමැති නම් එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන මෙම අධිකරණයේ පැවැත්ම ඇමෙරිකාව විසින් අවසන් කරනු ඇති බවත් පැවසූ රූබියෝ, අධිකරණයේ සාමාජිකත්වය දරන යුරෝපීය මිත්‍ර රටවලින් ඉල්ලා සිටියේ මෙම ආයතනය පාලනය කරගන්නා ලෙසය.

ඇමෙරිකාවේ මෙම තීරණයට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ද ක්ෂණික හා තදබල පිළිතුරක් ලැබිණි. මෙම සම්බාධක පැනවීම නීතියේ ආධිපත්‍යයට සහ ජාත්‍යන්තර නීති පද්ධතියේ පදනමට එල්ල කළ සෘජු ප්‍රහාරයක් ලෙස අධිකරණය හඳුන්වා දුන්නේය. තමන්ට තනිව නැගී සිටිය නොහැකි බවත්, අධිකරණයේ අනාගත පැවැත්ම රඳා පවතිනුයේ එය නිර්මාණය කිරීමට දායක වූ සාමාජික රාජ්‍යයන් 125 මත බවත් අධිකරණය සඳහන් කළේය. අනතුරුව “ඉතිහාසය විසින් මෙම මොහොත විනිශ්චය කරනු ඇත” යනුවෙන් අවධාරණය කරමින් තම රාජකාරි අඛණ්ඩව ඉටු කරන බවට සපථ විය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවන ලද රෝම ප්‍රඥප්තියට ඇමෙරිකාව අත්සන් තැබුවද, එය මෙතෙක් පාර්ලිමේන්තුව හරහා අපරානුමත කර නොමැත. තම රටේ පිරිස් විදේශීය අධිකරණයකින් නඩු විභාගයට ලක්කිරීමට ඇමෙරිකාව කලක සිටම දැඩි ලෙස විරුද්ධ වී ඇත. මීට පෙර පනවන ලද සම්බාධක අධිකරණයේ පුද්ගලික විනිසුරුවරුන්ට සහ පැමිණිලි මෙහෙයවන්නන්ට පමණක් සීමා වුවද, මෙවර පියවර කෙලින්ම සංස්ථාපිත ආයතනය වෙතම එල්ල කර තිබේ. මෙය ද හේග් නුවර පිහිටි මෙම අධිකරණයට සත්කාරකත්වය සපයන සහ සහාය දක්වන යුරෝපීය සහකාර රාජ්‍යයන් සමඟ විශාල මතභේදයකට ට්‍රම්ප්ගේ මේ ප්‍රවේශය මග පදා ඇති බව මේ වනවිට පෙනෙමින් තිබේ.

ජාත්‍යාන්තර නිරීක්ෂණය

බොහෝ ජාත්‍යන්තර නිරීක්ෂකයෝ සහ දේශපාලන විශ්ලේෂකයෝ මෙම සිදුවීම් දෙක අතර ඇති දැඩි පරස්පරතාව සහ පසුබිම පෙන්වා දෙති. විශේෂයෙන්ම, තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවේ යැයි දැඩි බලාපොරොත්තුවක පසුවූ ඩොනල්ඩ් ට්‍රම්ප්, එය තමන්ට අහිමි වී ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරුවරියකට හිමිවීම හමුවේ ඇතිවූ දැඩි කලකිරීම සහ කෝපය මෙලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත සම්බාධක පැනවීම හරහා පිටකර ඇති බවට ද ලෝකය පුරා ප්‍රබල මතයක් ගොඩනැගෙමින් පවතී.

එක් පසෙකින්, කිසිවෙකුත් නීතියට ඉහළින් නැත යන පදනම වෙනුවෙන් පෙනී සිටි හිටපු ජාත්‍යන්තර විනිසුරුවරියක නොබෙල් සම්මානයෙන් පිදුම් ලබද්දී, අනික් පසින් ලොව බලවත්ම රාජ්‍යය එම අධිකරණය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට තැත් කරන්නේ මෙවැනි පෞද්ගලික හා දේශපාලනික කෝපයක් පාදක කරගනිමින් බව බොහෝ දෙනාගේ අදහසයි.

සම්මානය හිමි වූ පුවත ඇසූ මොහොතේ නවි පිල්ලේ විහිළුවට මෙන් ප්‍රකාශ කර තිබුණේ, මිනිසුන් මීට වඩා තමන්ට අත්පොලසන් දුන්නොත් මෙම සම්මානය ට්‍රම්ප් සමඟ බෙදා ගැනීමට සිදුවිය හැකි බවය. (පසුගිය වසරේ නොබෙල් සම්මානලාභිනිය ඇගේ පදක්කම ඇමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රදානය කිරීමේ සිදුවීම සිහිපත් කරමින්). කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු සම්බාධක ප්‍රකාශයට පත්වීමත් සමඟ ඇගේ එම විහිළුව වෙනස්ම මුහුණුවරක් ගත්තේය.

ගැටලුව සංකීර්ණය

මෙය නෛතික හෝ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් පමණක්ම නොවේ. සංවර්ධිත සමාජයක් වගවීමේ මූලධර්ම කෙරෙහි දක්වන සැලකිල්ල පිළිබඳවද මෙයින් බරපතල ප්‍රශ්න මතු කරයි. දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකානු නායකයින් ප්‍රකාශ කළේ තම රට නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවය. ජන සංහාර, යුධ අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි බරපතලම වැරදි විමර්ශනය කිරීමට ගොඩනැගූ ජාත්‍යන්තර අධිකරණයකට බලවත් රජයක් විසින් මූල්‍යමය බලපෑම් එල්ල කරන්නේ නම්, ඉන් ලැබෙන පණිවිඩය පැහැදිලිය. එනම්, අනෙක් රටවල් අනුගමනය කළ යුතු රීතීන්ගෙන් මිදී සිටීමට බලවත් රාජ්‍යයන්ට අයිතියක් ඇති බවය.

ඇමෙරිකානු ජාතිකයන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ක්‍රියාකලාපය සමඟ එකඟ නොවීමට අයිතියක් ඇත. එහෙත්, අධිකරණයේ සේවය කළ විනිසුරුවරියකට නොබෙල් ත්‍යාගය හිමිවී පැය කිහිපයක් ඇතුළත මෙවැනි දැඩි සම්බාධක පැනවීමෙන් මතු වන්නේ වෙනත් ප්‍රශ්නයකි. මෙවැනි හැසිරීමකින් පිළිඹිබු වන්නේ ආත්මගරුත්වයද, නැතහොත් බලය සීමා කළ හැකිය යන යථාර්ථය භාර ගැනීමට ඇති අකමැත්තද?.

සංවර්ධිත සමාජයක ස්වභාවය මැන බලනුයේ අපහසු අවස්ථාවන්හිදී පවා විවේචන දරා ගැනීමට ඇති හැකියාවෙනි. ස්වාධීන අධිකරණයක් සමඟ සාකච්ඡා කර සංශෝධන සිදු කරනවා වෙනුවට, එය සතුරෙකු ලෙස සලකා විනාශ කිරීමට නායකයෙකු උත්සාහ කරන විට මුළු ලෝකයම එය නිරීක්ෂණය කරයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු පූර්ණ නිවැරදි ආයතනයක් නොවේ. කිසිදු අධිකරණයක් පූර්ණ නොවේ. නමුත් එහි පැවැත්ම පදනම් වී ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගුණු සරල පරමාදර්ශයක් මතය. එනම් ඇතැම් අපරාධ කෙතරම් බරපතලද යත්, ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම එම අපරාධය සිදුකළ රාජ්‍යයේ කැමැත්ත මත පමණක් සිදු නොවිය යුතු බවයි. එම සංකල්පය ගොඩනැගීමට ඇමෙරිකාව ද දායක විය. නමුත් වර්තමානයේ ඇමෙරිකානු රජය උත්සාහ කරන්නේ එම සංකල්පය ඉදිරියට ගෙන යන ප්‍රධාන ආයතනය අක්‍රිය කිරීමටයි.

යුරෝපීය රටවල් සහ අනෙකුත් පාර්ශවයන් ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව කණගාටුව සහ නොඑකඟතාව පළ කර ඇත. මෙම සම්බාධකවල ප්‍රායෝගික බලපෑම රඳා පවතිනුයේ සාමාජික රටවල ඉදිරි ප්‍රතිචාරය සහ පුද්ගලික සමාගම් අධිකරණයට අඛණ්ඩව සේවා සපයන්නේද යන්න මතය. නමුත් මින් සිදුවන විශාලතම හානිය දැනටමත් සිදුවී හමාරය. වගවීම සහ සාධාරණත්වය ශක්තිමත් කිරීම උදෙසා පිරිනැමූ සම්මානයකට පැය කිහිපයක් ඇතුළත පිළිතුරු ලැබුණේ අධිකරණයේ බලතල කැපීමේ ප්‍රයත්නයකිනි.

අධිකරණය ප්‍රකාශ කළ පරිදිම ඉතිහාසය විසින් මෙම මොහොත විනිශ්චය කරනු ඇත. සාමාන්‍ය ජනතාවට ද මෙය විනිශ්චය කළ හැකිය. දියුණු යැයි කියාගන්නා සමාජයක් මැන බලනුයේ එහි ධනයෙන් හෝ බලයෙන් පමණක් නොවේ. සදාචාරාත්මක මනුෂ්‍ය හැසිරී එහි විශාල කොටසක් ආවරණය කරන්නේය. අනෙක් අතින් රටේ ජනමතය හා ජන විඥානය අනෙක් අතින් ඒ රටේ දේශපාලනයේ සහ දේශපාලන නායකත්වයේ ප්‍රකාශනයක් ලෙස ඇත්තේය. ලෝකයේ බලවත්ම රාජ්‍යයේ දුගී ස්වරූපය පසුගිය සිකුරාදා ලෝකය හමුවේ නිරුවත් වී ගියා ද?. එය ලෝකයට යහපතක් ඇති කරන සලකුණක් නොවන බව පැහැදිලිය.