LSN News › Sri Lanka

ග්‍රික බැඳුම්කර නඩුවට එරෙහි පෙත්සම නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්කර ගනී!

කොළඹ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇති බැවින්, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

LSN Sri Lanka · 10 October 2026

ග්‍රික බැඳුම්කර නඩුවට එරෙහි පෙත්සම නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්කර ගනී!

2012 වසරේ සිදුවූ ග්‍රීකබැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමන්ට එරෙහිව පවරා ඇති නඩුව අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (09) පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

ග්‍රීකබැඳුම්කරවල රුපියල් බිලියන 1.8 ක මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොළඹ මහා අධිකරණය හමුවේ තමන්ට එරෙහිව නඩුවක් පවරා තිබූ බව පෙත්සම්කරු එම පෙත්සම මගින් සඳහන් කර තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුව එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගෙන, ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) හමුවේ නැවත තමන්ට එරෙහිව චෝදනා ගොනු කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් දක්වා තිබුණි.

ඒ අනුව, දෙවන අධිචෝදනා පත්‍රය දූෂණ විරෝධී පනතේ වෙනස් ප්‍රතිපාදන යටතේ ගොනු කර ඇති බවත්, මෙලෙස චෝදනා ගොනු කිරීම නීතියට පටහැනි බව දක්වමින් තමන් ත්‍රිපුද්ගල මහා අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළ ද, එම විරෝධතාව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් ඔහු සඳහන් කර තිබේ.

එබැවින් ත්‍රිපුද්ගල මහා අධිකරණය විසින් සිය මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙසත්, තමන්ව අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙසත් අජිත් නිවාඩ් කබ්රාල් සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, කොළඹ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇති බැවින්, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නේය.