ඥානසාර හිමි හිරෙන් නිදහස් කරගන්න අරඹන සත්‍යග්‍රහ පා ගමනේ කතාව... මිහින්තලේ හිමි ප්‍රමුඛ භික්ෂු පිරිසක් දවස් හයක් තිස්සේ පා ගමනින් කොළඹ එන හැටි!
විශේෂත්වය වන්නේ මේ පා ගමන ආරම්භ වන්නේ ජනාධිපතිවරයා විසින් මහා නායකහිමිවරුන් සමග සකච්ඡා පවත්වා උන්වහන්සේලාට පිළිගත හැකි විසඳුමක් සති දෙකක් තුළ ලබා දීමට පොරොන්දු වී අදාල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව වීමය.
LSN Sri Lanka ·

අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මේ වනවිට බන්ධනාගාරගතව සය වසරක් බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප්‍රතිඥා දෙමින් භික්ෂූන් පිරිසක් අද ශ්‍රී දළදා මාළිගාවේ සිට ඥානසාර හිමියන් බන්ධනාගාරගත කර සිටින මැගසින් බන්ධනාගාරය දක්වා අධිෂ්ඨාන පා ගමනක් ආරම්භ කළහ.

මේ සත්‍යග්‍රහ කටයුත්තේ මූලිකත්වය දරනු ලැබුවේ මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ පහමුණේ සුමංගල හිමියන් විසිනි.

හිමිවරු 105ක සංඛ්‍යාවක් සහ ගිහි පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ. ඔවුහු මුලින්ම දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේට පුෂ්පෝහාර පවත්වා අනතුරුව වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුව අභියස හිඳ සුමංගල හිමියන්ගේ සහ ඥානසාර හිමියන්ගේ සමානාත්වය පෙන්වා දෙමින් සිය සත්‍යග්‍රහ පා ගමන ආරම්භ කළහ.

මෙහිදී පහමුණේ සුමංගල හිමියන් මෙන්ම මිහින්තලේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ උද්වේගක කතා දෙක්ක පැවැත්වූහ.

විශේෂත්වය වන්නේ මේ පා ගමන ආරම්භ වන්නේ ජනාධිපතිවරයා විසින් මහා නායකහිමිවරුන් සමග සකච්ඡා පවත්වා උන්වහන්සේලාට පිළිගත හැකි විසඳුමක් සති දෙකක් තුළ ලබා දීමට පොරොන්දු වී අදාල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව වීමය.

ජනාධිපතිවරයාගේ ප්‍රවේශය පුන්‍යානුමෝදනා කර භාර ගන්නා බවට මහා නායක හිමිවරුන් විසින් ලිඛිත නිවේදනයක් ද නිකුත් කර තිබිය දී වීමය.

අනෙක් වැදගත් නිරීක්ෂණය වන්නේ මේ සත්‍යග්‍රහ කටයුත්ත වෙනුවෙන් මල්වතු අස්ගිරි පාර්ශවයන් නියෝජනය කරන එකදු වගකිවයුතු නායක හිමිනමක් මේ අවස්ථාවට එක් වී නොසිටීමය.

කෙසේ වෙතත් මෙම අවස්ථාව අමතමින් පහමුණේ සුමංගල හිමියෝ ආරම්භක කතාව කළහ. උන්වහන්සේ මේ රජය හඳුන්වා දුන්නේ නිරාගමික දීන ආණ්ඩුවක් ලෙසය. පහමුණේ සුමංගල හිමියෝ මෙසේ පැවසූහ.

"සිදුව තිබෙන ඛේදනීය ඉරණමින් සම්බුද්ධ මුදා ගැනීම වෙනුවෙන්, උතුම් දළදා හාමුදුරුවන් වහන්සේගේ අභියස, ඒ වගේම මේ අපේ මාතෘ භූමියේ නිදහස උදෙසා තමන්ගේ ජීවිතය කැප කරපු වාරියපොල සුමංගල හිමිපාණන් වහන්සේගේ පිළිරුව අභියස ඉඳලා මේ කතා කරන්නේ. වාරියපොල සුමංගල හිමියන්ට අත්වූ ඉරණමම අද ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ අපේ ඥානසාර හාමුදුරුවන්ට මේ නිරාගමික ආණ්ඩුව මගින් අත්කරලා දීලා තිබෙනවා.“

“ එදා වාරියපොල හාමුදුරුවෝ හිරබත් කෑවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ ජාතිය වෙනුවෙන්. ඥානසාර හාමුදුරුවෝ අද සිරගත වෙලා ඉන්නේ උන්වහන්සේගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි, එදා වාරියපොල හාමුදුරුවෝ අභීතව නැගුවා වූ ඒ හඬම වර්තමානය තුළ අප වෙනුවෙන්, රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හඬනගන්නට ගිහිල්ලා... ජාතියේ නිදහස, දැයේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කතා කරලා.“

“ඒ නිසා අපි උන්වහන්සේ තනියම නොතබා, අපි උන්වහන්සේ වෙනුවෙන් අද දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ අලුයම් කාලයේ සිට සපථ කළා, අධිෂ්ඨාන කළා..., ඒ රටේ නිදහස වෙනුවෙන්..., සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්..., අපේ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වෙනුවෙන්.

ඒ නිසා උන්වහන්සේගේ නිදහස කියලා කියන්නේ රටේ නිදහස, අපේ නිදහස. උන්වහන්සේ අප වෙනුවෙන් හිරබත් කනවා නම්, සිරගත වුණා නම්, අපි උන්වහන්සේ තනියම නොතබා උන්වහන්සේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි.

ඒ නිසා මේ අධිෂ්ඨානය අපි අද මෙතනින් නවතින්නේ නැහැ. මෙතනින් මේ දළදා හාමුදුරුවන් වහන්සේට සපථ කොට, වාරියපොල සුමංගල හාමුදුරුවන්ගේ ප්‍රතිමාව අභියස ඒ අභීත බව අපි පසක් කරගනිමින්, සපථ කරගනිමින් ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි මේ අධිෂ්ඨානය තවත් සපථ කරන්නට පාගමනින් කොළඹ ඥානාසාර හිමියන් සිරගත කර සිටින බන්ධනාගාරය වෙත යනවා.

අපි මේ අධිෂ්ඨානය අරන් යන්නේ..., ඥානසාර හාමුදුරුවන් වහන්සේ සිරගත කර සිටින තැන දක්වා අපි පාගමනින් යනවා... දළදා හාමුදුරුවන්ගෙන් ලැබුණු ආශීර්වාදයත් වාරියපොල සුමංගල හාමුදුරුවන්ගෙන් ඒ ගත්තා වූ අභීත බව අරගෙන අපි යනවා....“ ඥානසාර හිමියන්ගේ නිදහස උදෙසා තමන් මේ මොහොතේ සිට ගමන් කරන බවත්, නිදහස ලබාදෙන තුරු දිවිහිමියෙන් සටන් කරන බවත්, තමන් සිර කළත් මේ සටන අත්නොහැර උන්වහන්සේ සමග උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවත් පහමුණේ සුමංගල හිමියෝ කීහ.

පහමුණේ සුමංගල හිමියන් එසේ කියනවිට වටේ සිටිය උන් සාධුකාර දුන්හ.

අනතුරුව වේගවත් කතාව සිදුකරනු ලැබුවේ මිහින්තලේ නායක හිමියන්වන වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ය.

උත්තම දළදා හාමුදුරුවෝ ඉදිරියේ දනින් වැටී නමස්කාර කර රට වෙනුවෙන් දිවි පිදූ වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුව අසල සිට මේ අධිෂ්ඨානය සිදුකරන බව උන්වහන්සේ කීහ. උන්වහන්සේ කතාව ආරම්භ කළේ යුරෝපයට බයිබලයත්, මැදපෙරදිගට කුරාණයත්, ඉන්දියාවට භගවත් ගීතාවත් තිබෙන නමුත් බෞද්ධයින්ට කිසිත් නැති බව කියමිනි.

මේ ගත කරන්නේ කාලිංග මාඝගේ කාලයේ සිටි පස් වැනි මිහිඳු රජුගේ වකවානුව වැනි අතිශයින්ම විනාශකාරී කාලයක බව ද මිහින්තලේ හාමුරුවෝ කීහ. ඒ රජාගෙන් පසු අවුරුදු දහස් ගණනක් තිබුණු අනුරාධපුර රාජධානිය විනාශ වූ බව ද පැවසූහ. මේ ආන්ඩුව කළගුණ දන්නේ නැති බව කී හිමියන් මාලිමා ආණ්ඩුවේ බොහෝ දෙනා චීවරයට මුවා වී ජීවිතය බේරාගත් පිරිස් බවට චෝදනා කළහ. බ්‍රිතාන්‍ය පාලකයින්වත් චීවරයට අත තිබ්බේ නැති බව කී ධම්මරතන හිමියන් මෙසේ ද පැවූහ.

“ඥානසාර හාමුදුරුවන්ට නෙවෙයි මේ අරහත් ධජයටයි මුන් අත තිබ්බේ! මේ ඇස්කහ සිවුරටයි අත තිබ්බේ! අවුරුදු 2,000 ගාණක් තිස්සේ පැවැතිච්ච මේ අරහත් ධජයයි මුන් ගැලෙව්වේ. මුන් ගලවලා සංදර්ශනයක් පෙන්නුවා ඩයස්පෝරාවට, එන්.ජී.ඕ. නඩයට, බුක්කන්ට පෙනෙන්න චිත්‍රපටියක් පෙන්නුවා, 'මෙන්න අපි නිරාගමික කල්ලියක්, නිරාගමික ආණ්ඩුවක්, මිථ්‍යාදෘෂ්ටිකයෝ, කල්ලතෝනියෝ'. ධර්මපාලතුමා කියපු දේවල් හරි නේද? ධර්මපාලතුමා කියපු දේවල් හරි නේද?“

“එහෙමනම් කල්පනා කරන්නට ඕනේ, අද දවස වෙනකොට මේ අරහත් ධජයට සිංහල බෞද්ධ මිනිසුන්ටයි මේ අභියෝගය නැත්නම් තර්ජනය දීලා තියෙන්නේ, වෙනත් ආගම්වලට නෙවෙයි. “

“අද අපි මරයි, වෙඩි තියයි, හිරේ දායි. අපේ මේ වෑයම, උත්සාහය මේ අරහත් ධජය මේ ශාසනය තියෙන තුරු, මේ ලක්දිව තියෙන තරු, මේ දළදා හාමුදුරුවෝ වැඩඉන්න තුරු මේ ශාසනය අවුරුදු දසදහස් ගාණක් පවතින්නට ඕනේ. ඒකයි අපේ අධිෂ්ඨානය. එම නිසා අද පටන් අරගෙන මේ යන්නේ ඥානසාර හාමුදුරුවෝ විතරක් නෙවෙයි, මුළු සිංහල ජාතිය, මුළු බෞද්ධ ජනතාව වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරලා... මේ කටයුත්තට නිදහස ලබාගැනීම අරහත් ධජයටයි.

වාරියපොල හාමුදුරුවෝ යාපනයේ හිරගෙදරට දැම්මේ සිවුර පිටින්ම අපවත් වුණේ. ඒ හින්දා එකෙක්වත් සිවුරටත් තිබ්බේ නැහැ ජෝන් ඩොයිලිගේ පවා. ඒ තරම් පරයෝ මේ රට පාලනය කළා, ඒ පරයන්ටත් වඩා කල්ලතෝනියෝ ටිකක් මේ ඉන්නේ රජ්ජුරුවෝ... අද රට පාලනය කරන්නේ. ඒ කල්ලතෝනියන්ට ඕන විදිහට මේ අරහත් ධජයට අත තියන්න අපි දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ!“

යළිත් වටේ ඉන්න පිරිස් සාධුකාර දුන්හ.

මෙම පාද යාත්‍රාව දින හයක් ගමන් කරන බවත් පළමු දිනයේ කඩුගන්නාවේ නරත වන බවත් සංවිධායකොයෝ කීහ. දෙවැනි දිනයේ දී කඩුගන්නාවේ සිට කෑගල්ලට, තුන්වන දිනයේ දී කෑගල්ල සිට වරකාපොලට, සිවුවන දිනයේ දී වරකාපොල සිට නිට්ටඹුවට, පස්වන දිනයේ දී නිට්ටඹුව සිට කඩවතට, හයවන දිනයේ දී කඩවත සිට කොළඹට මේ පා ගමන ගමන් කිරීමට නියමිතව තිබේ.

මේ අවස්ථාවට පුජ්‍ය උළපනේ සුමංගල හිමි, පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, පුජ්‍ය අගුරුගල්ලේ ජිනානන්ද හිමි, පුජ්‍ය බලන්ගොඩ කස්සප හිමි, පුජ්‍ය විතාරන්දෙනියේ නන්දරතන හිමි, පුජ්‍ය ලියංවල ශාසන රතන හිමි, පුජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමි.(බහිරව කක්ද විහාරාධිපති), පුජ්‍ය දොරගමුවේ සද්දාතිස්ස හිමි (ගුරු සේවා සංගමයේ මහනුවර දිස්ත්‍රික් කැදවුමිකරු), පුජ්‍ය වලවාහැංගුණවැනේ ධම්මරතන හිමි (මිහින්තලේ රජමහා විහාරාධිපති) ඇතුළු සංඝයා වහන්සේ මේ අවස්ථාවට එක් වී සිටියහ.

ජයන්ත සමරවීර (ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ), අනුරාධා යහම්පත් (හිටලු ආණ්ඩුකාර), සරත් ව්රසේකර (හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ) නිමල් වාකිෂ්ඨ (සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති) රොශාන් මද්දුමගේ (සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති) ඇතුළු පිරිසක් ද එක් වී සිටිනු දක්නට ලැබිණි.