LSN News › Sri Lanka

සිවුරේ පැහැරූ ලිංගික අපරාධකාරයා... නාඔටුන්නේ විජිත කවුද?

අධිකරණයේ දි හෙළි වූයේ ඇඟ කිලිපොලා යන අපරාධයක කතාවකි. චීවරය පොරවාගෙන සිටි මේ වියපත් සල්ලාලයා අතින් අපයෝජනය වූ එක් දැරියක් වයස අවුරුදු 4කි. වයස වැඩිම දැරිය අවුරුදු 12කි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ඔහු රසකැවිලි, සෙල්ලම් බඩු සහ පොත් භාවිතයෙන් ඔවුන් ආකර්ෂණය කර ඇති බවය

LSN Sri Lanka · 10 October 2026

සිවුරේ පැහැරූ ලිංගික අපරාධකාරයා...  නාඔටුන්නේ විජිත කවුද?

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත නායක හිමිනමක් සේ වැඩ සිටි අතීතයක් තිබිණි. දැන් ඒ අතීතයත් ගොමස්කඩයක් වී හමාරය.

දැරියන් හය දෙනකේ දූෂණය කිරීමේ වරදට වරදකරු වූ මේ කාලකණ්ණි මහල්ලාට 2026 ඔක්තෝබර් 8 වන දින වික්ටෝරියා කවුන්ටි අධිකරණය විසින් වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර ඇත. ඔහුට දණ්ඩනය කලින් නිමා කිරිම සඳහා සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටිය යුතු ය.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ භික්ෂුවක් ලෙස චීවරය තුළ සැඟවී හිඳ ඔහු සිය ක්‍රියාවෙන් “විශ්වාසය පාවාදීමක්” කර ඇති බවය

පැවිදි ජීවිතය සහ ඔස්ට්‍රේලියාවට පැමිණීම

නාඔටුන්නේ විජිත ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකි. පැවිදි වන්නේ වයස අවුරුදු 15නි. පසුව විශ්වවිද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකුගේ ආරාධනයෙන් ස්වීඩනයට ගොස් ස්ටොක්හෝම්හි බෞද්ධ විහාරස්ථානයක වසර 7ක් පමණ විහාරාධිපති ලෙස ධර්මදූත සේවයේ යෙදී තිබිණි. ඔහු සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා මැනවින් ප්‍රගුණ කළ අයෙකි.

ඔහු ඔස්ට්‍රේලියාවට එන්නේ වර්ෂ 1994 දී ය. ඒ ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ ආරාධනයෙනි. ස්වීඩනයේ සිට ඔස්ට්‍රේලියාවට එන ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රිංවේල්හි පිහිටි විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව බවට පත් විය.

එම විහාරස්ථානයට ඔහු එන්නට පෙර විහාරාධිපති ලෙස කටයුතු කළේ අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ය. එබැවින්ම එම ස්ථානය ලාංකික බෞද්ධයින්ගේ විශේෂ ගෞරවයට පත් වුන පන්සලක් විය. පසුව විහාරස්ථානය කීස්බරෝ ප්‍රදේශයට ගෙන යන ලදී. ආගමික ස්ථානයට ලැබී තිබුණු පසුබිම මෙන්ම ඔහුගේ සුවිශේෂි පෞරුෂය නිසා නාඔටුන්නේ විජිත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු විය.

2011දී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසින් ඔහුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කරනු ලැබීය. රාමඤ්ඤ මහා නිකාය විසින් 2003දී බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම සඳහා නාඔටුන්නේ විජිතට ගෞරව නාමයක් පිරිනමනු ලැබූවේය. ජාතියක් පරාජිකා කරන්නේ ශාසනය විසින් මෙසේ ඔසවා තැබූ බෞද්ධ සංකේතයකි.

අපරාධ සහ නඩු විභාගය

මේ අපරාධයසිද්ධ වන්නේ මීට 32 – 24 ත් අතර ඈත කාලයකදී ය. එනම් 1994 සිට 2002 දක්වා වසර අටක් පුරා මෙම අපරාධය සිද්ධ වී තිබිණි. ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයට පැමිණි බාල වයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ බවට ඔහු වරදකරු විය.

අධිකරණයේ දි හෙළි වූයේ ඇඟ කිලිපොලා යන අපරාධයක කතාවකි. චීවරය පොරවාගෙන සිටි මේ වියපත් සල්ලාලයා අතින් අපයෝජනය වූ එක් දැරියක් වයස අවුරුදු 4කි. වයස වැඩිම දැරිය අවුරුදු 12කි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ඔහු රසකැවිලි, සෙල්ලම් බඩු සහ පොත් භාවිතයෙන් ඔවුන් ආකර්ෂණය කර ඇති බවය

දැරිය හිඳින්නේ ඇයගේ සීයාටත් වැඩි වයස සහිත සිල්වත් යැයි ලෝකයට පෙන්නූ මහා නායක හිමිනමක් සමගය. දෙමව්පියන්ට ඔවුන්ගේ රැකවරණය ගැන අංශු මාත්‍ර සැකයක් ඇති වන්නට ඉඩක් තිබුණේ නැත. ඒ අවකාශය තුළ මේ චීවරධාරී මහල්ලා පුංචි නොදැරියන් නැවත නැවත් සිය ආවාසයට රැගෙන ගොස් දූෂණය කර තිබිණි. අපව තිගස්වන්නේ දැරියන් ආවාසයට රැගෙන ගොස් දූෂණය කර ඇත්තේ ඔවුන්ගේ දෙමව්පියන් අසල කාමරයක දරුවන් එන තුරු රැඳී සිටිය දී විමය.

චීවරයත් ගොමස්කඩ කළ මේ මහල්ලාට මුලින්ම චෝදනා ගොනු වන්නේ වර්ෂ 2023 දි ය. චෝදනා එල්ල කරන්නේ දැරියන් ලෙස මෙම මහල්ලාගේ දූෂණයට ගොදුරු වූ කාන්තාවන් විසිනි. ඔස්ට්‍රේලියාවේ, විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ, පැරණි ලිංගික අපයෝජන නඩුවලදී මෙවැනි දිගු කාල පරාසයක් යනු සාමාන්‍ය සිද්ධියකි.

ඊට හේතු කීපයකි. වින්දිතයන් බොහෝ විට වැඩිහිටි වන තුරු හෝ මානසිකව සූදානම් වන තුරු පැමිණිලි නොකරති. සාක්ෂි එකතු කිරීම, පරීක්ෂණ, ජූරි නඩුවක් සඳහා සූදානම් වීම සඳහා කල් ගනිති. චෝදනා 2023දී ගොනු වී නඩු විභාගය 2025දී සිදුවී දඬුවම 2026දී පැමිණීම මේ ඔස්ට්‍රේලියානු අධිකරණ ක්‍රියාවලියට අනුකූලය.

2025 වසරේ පැවති නඩු විභාගයේදී නා ඔටුන්නෙ විජිත දරුවෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනා 9කට සහ අශෝභන ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනා 8කට වරදකරු බවට තීරණය විය (චෝදනා 19න් 17කට). ඔහු තමන් වරදකරු නොවන බව ප්‍රකාශ කළ අතර, නීතිඥවරුන් මෙවැනි සිද්ධීන් සිදු නොවූ බවත් සමහර පැමිණිලිකරුවන් ඔහුගේ මතකයේ නොමැති බවත් තර්ක කළහ.

නිසුරු Pardeep Tiwana සාක්ෂි දුන් සෑම වින්දිතයෙකුම “සත්‍යවාදී, බුද්ධිමත් සහ තම අදහස් මැනවින් ප්‍රකාශ කළ හැකි අය” ලෙස විස්තර කළේය.

දඬුවම සහ අධිකරණයේ සිදුවීම්

විනිසුරු Pardeep Tiwana නාඔටුන්නෙ විජිතව හඳුන්වා දුන්නේ “අඳුරු සහ පීඩාකාරී පැතිකඩක්” පැවති පුද්ගලයෙකු ලෙසය. , “ඔබ ඔබේ විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා බාල වයස්කාර, අහිංසක දැරියන් ගොදුරු කර ගත්තා” විනිසුරුවරයා කීවේය. අපරාධ දශක ගණනාවක් පුරා වින්දිතයන්ව පීඩාවට පත් කර ලැජ්ජාවෙන් හා බියෙන් බර කර තැබූ බවද විනිසුරුවරයා සඳහන් කළේය.

එක් වින්දිතයෙක් “දිවි ගලවා ගන්න, කිසි දෙයක් නොදැනෙන විදිහට ඉන්න මම මගේ මනස පුහුණු කර ගත්තා” යැයි පැවසුවාය. කහ පැහැති සිවුරු දැකීම හෝ භික්ෂූන්ගේ පිරිත් සජ්ඣායනා හඬ ඇසීම පවා දැඩි මානසික පීඩාවක් ඇති කරන බව එක් වින්දිතයෙක් සිය වින්දිත බලපෑම් ප්‍රකාශයක දක්වා තිබිණි.

දඬුවම නියම කිරීමෙන් සුළු වේලාවකට පසු නාඔටුන්නේ විජිත ආධාරකරුවන් දෙස බලා සිනාසෙමින් අත වනා ආචාර කළ ආකාරය බීබීසී වාර්තා කර තිබිණි. එම අවස්ථාව බීබීසිය වාර්තා කර තිබුණේ මෙසේය.

“ඇතැම් ආධාරකරුවන් අධිකරණයේ විත්තිකරු රැඳී සිටින ස්ථානය අසලට පැමිණ නමස්කාර කළේය. වින්දිතයන් ඒ දෙස පිළිකුලෙන් බලා සිටි අතර, “මේක විහිළුවක්” යැයි එක් අයෙක් ශබ්ද නගා පැවසීය. අධිකරණ ආරක්ෂක නිලධාරීන් භික්ෂුව අනෙක් පුද්ගලයන් සමඟ කතාබහ කිරීම වැළැක්වූහ. ඔහු අධිකරණයට පැමිණ සිටියේ සිවුර වෙනුවට අළු පැහැති බන්ධනාගාර ඇඳුමකින් සැරසී ය.“

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවලට අනුව ඔහුට ඩිමෙන්ෂියා ඇතුළු සෞඛ්‍ය ගැටලු පවතින අතර, සිරදඬුවම අවසානයේ ස්වීඩනයට නෙරපා හැරීමේ හැකියාවක් ඇත. ඔහු එයට සුදානම් බව අධිකරණයට ප්‍රකාශ කර ඇත.