පාසල් සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව උදෙසා නව මාර්ගෝපදේශ මාලාවක්: නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බරයේදී!
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති කිහිපයකටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවය.
LSN Sri Lanka ·

පාසල් සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් වයස් කාණ්ඩ පහක් ආවරණය වන පරිදි සකස් කරන ලද විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව දැනුවත් කර තිබේ.

මෙම මාර්ගෝපදේශ මාලාව පදනම් කරගත් නියමු ව්‍යාපෘතියක් එළඹෙන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ස්වේච්ඡා උපදේශක සභා රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

එහිදී රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති කිහිපයකටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරිපත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ සංශෝධිත ජාතික කලාප රාමුව සහ ශිෂ්‍ය ඇගයීම් රාමුව ද මෙම අනුමැතිය හිමිවූ යෝජනා අතරට ඇතුළත් වේ.

එමෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීම ශක්තිමත් කිරීම සඳහා අනුකාරක සභාවක්ද දැනට ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර, උසස් අධ්‍යාපන මට්ටමේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකාර්මික අධ්‍යාපනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට විශේෂ කාරක සභා පත් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.