ගල්අඟුරු ගනුදෙනු පරීක්ෂණ ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්!
ගල්අඟුරු ගනුදෙනුවලට අදාළව කොමිෂන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 70 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර, සාක්ෂි සටහන් කර ගැනීමේ සමස්ත ක්‍රියාවලිය ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
LSN Sri Lanka ·

ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලසීමාව තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස එම කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කොමිෂන් සභාවේ වර්තමාන නිල කාලය එළඹෙන ඔක්තෝබර් 16 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති බව කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන පැවසීය.

ගල්අඟුරු ගනුදෙනුවලට අදාළව කොමිෂන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 70 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර, සාක්ෂි සටහන් කර ගැනීමේ සමස්ත ක්‍රියාවලිය ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ගල්අඟුරු ආනයනය සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති බවට හඳුනාගත් අක්‍රමිකතා සම්බන්ධයෙන් තම අදහස් හා කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොමිෂන් සභාව විසින් පසුගිය සතියේදී පුද්ගලයින් 18 දෙනෙකු වෙත නිල නිවේදන නිකුත් කරනු ලැබීය.

එම නිවේදන ලැබුණු දින සිට සති දෙකක් ඇතුළත අදාළ කරුණු දැක්වීම් කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ.

දිවයින තුළ සිදුවූ සියලුම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කර එහි සිදුව ඇති වංචා සහ දූෂණ අනාවරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරන ලදී.