LSN News › Sri Lanka

ඩ්‍රැගන් සම්පත්ගේ බිරියත් ඝාතනය වුන පසු...

අද අලුයම මිය යන්නේ ඩ්‍රැගන් සම්පත්ගේ 52 හැවිරිදි බිරිඳය. ඇය ශිරෝමි සමරවීරය. ෂිරෝමි බරපතළ තුවාල සහිතව , කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඔවුන් දෙදෙනාට සරසවි අධ්‍යාපනය ලබන දියණියක සිටින්නේය. ඒ තරුණිය මේ වනවිට ඇයගේ වයසේ තරුණියකට අත් විය යුතු බරපතලම ජීවිත ව්‍යසනයට මුහුණ දී සිටින්නීය.

LSN Sri Lanka · 11 October 2026

ඩ්‍රැගන් සම්පත්ගේ බිරියත් ඝාතනය වුන පසු...

කළුතර, නාගොඩ ගල්ලස්ස ප්‍රදේශයේ ඩ්‍රැගන් රෙස්ටුරන්ට් අවන්හල ඉදිරිපිට පසුගිය 09 වැනිදා උදෑසන සිදුවූ දරුණු වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකාර ඩ්‍රැගන් උපාලිගේ බිරිය අද (11) අළුයම ජිවිතක්ෂයට පත් වූවාය. සිද්ධිය වූ තැනම ඩ්‍රැගන් උපාලි මිය ගියේය.

කළුතර කැත කළ පාතාල ජඩකම් සංකීර්ණ වී ඇති අයුරු පෙන්වන මේ ද්විත්ව ඝාතනයේ සුලමුල මේ වනවිට අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශන අනුව මේ සඳහා කුලී ඝාතකයෙක් යොදවා ඇත්තේ කළුතර නවීන් නැමැති කුප්‍රකට පාතාලයා ය.

ප්‍රහාරය සිදුවූ ආකාරය

ඔක්තෝබර් 09 වැනිදා උදෑසන 7.40-7.55 පමණ වන විට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු, කළුතර-නාගොඩ පාරේ ගල්ලස්ස ප්‍රදේශයේ පිහිටි ඩ්‍රැගන් රෙස්ටුරන්ට් ඉදිරිපිටදී එහි හිමිකරුට හා ඔහුගේ බිරිඳට T-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගියහ. මෙම යුවල රථයෙන් අවන්හලට පැමිණ රථයෙන් බැස්ස විටම ප්‍රහාරය එල්ල වී තිබිණි.

වෙඩික්කරුවෝ තුවක්කුවේ පතරොම් ගැබ අවසන් වන තුරු වෙඩි තැබූහ ඒ සථානයෙන් T-56 පතරොම් කොපු 30ක් පමණ විමර්ශන අංශ විසින් සොයාගෙන තිබිණි. මෙම ඝාතනයේ දර්ශන සීසීටිවී කැමරාවල පටිගත වී තිබිණි.

මෙම ප්‍රහාරයෙන් මිය ගිය අවන්හල් හිමිකරු ව තුෂාර සම්පත් එදිරිසිංහය. වයස අවුරුදු 54කි. ඔහුව හඳුන්වන්නේ “ඩ්‍රැගන් සම්පත්” යන අන්වර්ථ නාමයෙනි. ඩ්‍රැගන් සම්පත් එම ස්ථානයේම මිය ගියේය. අද අලුයම මිය යන්නේ ඔහුගේ 52 හැවිරිදි බිරිඳය. ඇය ශිරෝමි සමරවීරය. ෂිරෝමි බරපතළ තුවාල සහිතව , කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඔවුන් දෙදෙනාට සරසවි අධ්‍යාපනය ලබන දියණියක සිටින්නේය. ඒ තරුණිය මේ වනවිට ඇයගේ වයසේ තරුණියකට අත් විය යුතු බරපතලම ජීවිත ව්‍යසනයට මුහුණ දී සිටින්නීය.

අම්මාත් තාත්තාත් වෙඩි තබා ඝාතනය කර තිබේ. සිය පියා ගෙවූ කඩප්පුලි ජීවිතයේ ස්වරූපය සමාජය ඉදිරියේ හෙලිවන විට ඇය යළිත් මරණය හා සමාන පීඩාවකට මුහුණ දී තිබේ. සැබෑ ඛේදවාචකය ඇත්තේ මිය ගිය උන් අසල නොවේ. ජීවත්වන උන්ගේ දරුවන්ගේ ජීවිතවලය.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රහාරයෙන් දිනකට පසු, එනම් ඊයේ (ඔක්තෝබර් 10 වැනිදා ) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත්තේය. ඔහු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් මඩකලපුව දෙසට ගමන් කරමින් සිටියේය. විමර්ශකයෝ ඔහුව ලුහු බඳිමින් සිටින බව ඝාතයා දන්නේ නැත. අවසානයේ දී බස් රථයක, නාවලඩි හන්දියේ යොදන ලද මාර්ග බාධකයකදී නවත්වනු ලැබුවේය.

සැකකරු අත් අඩංගුවට ගනු ලැබිණි. අත් අඩංගුවට ගැනිමේ දී ඔහු සතුව අයිස් (crystal methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සිම් පත් හයක් සොයාගත්තේය.

අත් අඩංගුවට ගත් සැකකරු වලච්චේන පොලිසිය වෙත භාර දුන්නේය.

ප්‍රහාරයේ පසුබිම: මුදල් ආරවුල හා “කළුතර නවීන්”

පොලිස් විමර්ශනවලට අනුව, මෙම ප්‍රහාරය කළුතර නවීන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවා ඇති බවට සැකයක් පවතී. ඔහුගේ උපදෙස් මත දොඩංගොඩ ධනුක හා නිපුණ යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රහාරය සංවිධානය කළ බවට තොරතුරු ලැබී ඇත. මෙම තිදෙනාම දැනට ඩුබායි හි සැඟවී සිටින බව පොලිසිය සැක කරයි.

මියගිය තුෂාර සම්පත් එදිරිසිංහ කලක් කළුතර නවීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වි තිබේ. ඔහු නවීන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල ගනුදෙනු බවට පරිවර්තනය කිරීමේ කටයුතුවල නිරතව සිටි බව විමර්ශකයෝ කියති.

මෙම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් නවීන් විසින් ඔහුට මරණ තර්ජන තර්ජන එල්ල කර ඇති බව අනාවරණය වේ. තවත් වාර්තාවලට අනුව, අවන්හලේ කාමරයක් නීතිවිරෝධී “බූරුවා” ජාවාරම් සඳහා ලබාදීමට ඉල්ලා සිටි අවස්ථාවේ සම්පත් එය ප්‍රතික්ෂේප කිරීමද ආරවුලට හේතුවක් බව දැක්වේ.

ඊට අමතරව, මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනාවලට මුහුණ දී දී සිටි අයෙකි. එමෙන්ම ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනා ද එල්ල වී තිබිණි. එවකට ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලකයෙකුගේ රැකවරණයෙන් බොහෝ කුපාඩිකම්වලින් ඔහු බේරී සිටි බව ප්‍රදේශයේ ප්‍රකට රහසකි. අවසානයේ දී මේ නොපත්කම් නිසාම ඔහු ඇසිඩ් ප්‍රහාරයකට ද ලක් වී තිබිණි. ඒ හේතුවෙන් ඔහුගේ පෙනීම ද යම් කිසි මට්ටමකට දුබල වී තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, කළු සල්ලි සිදු කිරීමේ ව්‍යාපාර, හා නීතිවිරෝධී ජාවාරම් ජාලය හැසිරෙමින් ඇති ආකාරය යළිත් අප ඉදිරියේ දර්ශනය වෙමින් ඇත. මේ ජාලයන්හි කෙළවර මොනතරම් ගැඹුරකට විහිදෙන්නේ දැයි තවමත් අපට අදහසක් නැත. දැනට කරන්නට ඇත්තේ පුදුම වෙමින් බලාගෙන සිටීමය.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය, කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා අපරාධ ස්ථාන පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව කරන විමර්ශනය රටට යහපත් වනු ඇතැයි උපකල්පනය කිරීමෙන් සැනසීම පමණක් මේ මොහොතේ ඉතිරි වී ඇත.