වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයි – මහවැලි ගඟට තත්පරයට ඝන මීටර් 159ක් මුදාහැරේ!
වික්ටෝරියා ජලාශයෙන් පහළ මහවැලි ගඟ දෙපස සහ රන්දෙණිගල ප්‍රදේශය දක්වා පහත්බිම්වල ජීවත් වන ජනතාව අතිරේක ජල ධාරිතාව පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ගංගාවට බැසීමෙන් හා ගඟ අසල රැඳී සිටීමෙන් වළකින ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.
LSN Sri Lanka ·

මධ්‍යම කඳුකරයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (නොවැම්බර් 07) පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වී ඇත.

මහවැලි අධිකාරියේ නිවේදනයකට අනුව, ස්වයංක්‍රීය පද්ධතිය මගින් අංක 01 වාන් දොරටුව මීටර් 0.701 ක් ද, අංක 02 වාන් දොරටුව මීටර් 0.707 ක් ද ප්‍රමාණයෙන් විවෘත වී ඇත. මේ වන විට ජලාශයෙන් මහවැලි ගඟට මුදාහරින සමස්ත වාන් ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 159ක් ලෙස සටහන් වේ. අංක 03 සිට 08 දක්වා වාන් දොරටු තවමත් වසා පවතී.

ජලාශයේ ධාරිතාව උපරිම මට්ටමට ආසන්නව ඇති බැවින්, ඉදිරියේදීත් වර්ෂාව පැවතුණහොත් මුදාහරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු අනතුරු අඟවති.

ජනතාවට අනතුරු ඇඟවීම

වික්ටෝරියා ජලාශයෙන් පහළ මහවැලි ගඟ දෙපස සහ රන්දෙණිගල ප්‍රදේශය දක්වා පහත්බිම්වල ජීවත් වන ජනතාව අතිරේක ජල ධාරිතාව පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ගංගාවට බැසීමෙන් හා ගඟ අසල රැඳී සිටීමෙන් වළකින ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

මුදාහරින ජලය රන්දෙණිගල ජලාශය දෙසට ගලා බසින බැවින්, එම ප්‍රදේශයේ ජල මට්ටම ද ඉහළ යා හැකිය.