Sport · Sri Lanka Bureau
අද රාවල්පිණ්ඩි තරගය කලකට පෙර ක්‍රිකට් බැලූ අපේ සිංහයන් ලොන්තයන් වී ලොන්තපෝල් අවසානයකට පත් වනු නොදැකීම වෙනුවෙනි...
අන්තිම තරග 10න් 08ක්ම පරාදය. අපි විස්සයි 20 ක්‍රිකට් ගැහිල්ලෙන් නිවාඩු ගන්වන්නට හිතෙන තරමට මෑත ඉතිහාසය අජූවය. විචාරකයින් කියන්නේ මේ ක්‍රීඩකයින්ගේ පුද්ගලික දක්ෂතාවල අඩුවක් නිසා සිදුවන්නක් නොවන බවය. ආත්ම විශ්වාසයක් නැති, කණ්ඩායම් හැඟීමක් නැති, බිය මුසු කලබලයක් සහිතව ආක්‍රමණශීලී වෙන්නට යන විසිරී ගිය සමූහයකට අත්වන ප්‍රතිඵලය පරාජය බව ඔවුහු පෙන්වා දෙති. එවැනි ඒකක කණ්ඩායම් වන්නේ නැත.
LSN Sri Lanka ·

අද (11) රාවල්පිණ්ඩි තරගය ක්‍රිකට් බලන අපට වැදගත්ය. මොකද රටේ විලි ලජ්ජාව පිලිබඳ ගනුදෙනුවක් ක්‍රිකට් ලෙස අප ඉදිරියේ ඇති බැවිනි. මේ තරගාවලිය කලින්ම පරාජය වෙනවාද එසේත් නැතිනම් තරගාවලිය 1-1ක් ලෙස ඊලඟ තරගය වනතුරු හෝ තබා ගන්නවා ද යන්න තීරණය වීමට තව පැය කීපයක් ඉතිරි වි තිබේ.

පසුගිය සිකුරාදා පැවැති පළමු තරගයේදී පන්දු 7 ක් ඉතිරිව තිබියදී පකිස්ථාන කණ්ඩායම කඩලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වූයේය. ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ අද තරගය තරගයක් ලෙස පවත්වා ගැනීමට නම් ශ්‍රි ලංකා කණ්ඩායම පවර්ප්ලේ (Powerplay) අවස්ථාව ආවරණය කරන මුල් පන්දු වාර 06 ඇතුළත සිය ක්‍රීඩා විලාශය සංස්කරණය කරගත යුතු බවය. එය ක්‍රිකට් බලන අපටත් කියන්නට පුලුවන් කතාවකි.

පළමු තරගයේදී පාකිස්තානය තරගයේ ආධිපත්‍යය තමන් සතු කරගැනීමට ප්‍රධානතම හේතුව වූයේ ද මෙම ආරම්භක පන්දුවාර කිහිපය තුළ ඔවුන් දැක්වූ විශිෂ්ට දක්ෂතාවයය.

අපට සිද්ධ වුන දේ යළි සිහි කිරිමත් අජූවය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ද, පස්වන පන්දුවාරයේ අඩක් නිමා වන විට අප ලබා සිටියේ ලකුණු 18 ක්ය. කඩලු 2 ක් දැවී ගොස් තිබුණේය. ආරම්භක පිතිකරු ළහිරු උදාර නොවන්නට අපේ රෙදි ඉල්ලේය. ලහිරු සහ කමිඳු මෙන්ඩිස් එක්ව ගොඩනැගූ සාර්ථක සබඳතාව හේතුවෙන් අවසානයේ කඩලු 8 කට ලකුණු 182 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. ළහිරු උදාර පන්දු 55 කදී රැස්කළ ලකුණු 91 ශ්‍රී ලංකා ඉනිමේ ශක්තිය නොව ඉනිම විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩලු 6 ක් පමණක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත්තේය. අප පවර් ප්ලේ අවස්ථාව තුළ පිතිකරණය විනාශ කරගත්තා පමණක් නොව, පන්දු යැවීමේ දී නැත්තටම නැති වී ගියේය.

ආරම්භක පිතිකරු කමිල් මිෂාරට එක් ලකුණක් ලබා ගන්නට පන්දු 09ක් වැය කිරීමට සිදුවිය. විස්සයි 20 තරගයක මෙවැනි ගොබ්බ ආරම්භයක් ජාතික කණ්ඩායමක ආරම්භක පිතිකරුවෙකුගෙන් ලැබෙන විට හතර විලිලජ්ජාවේ පන යන්නේ බලන් ඉන්න අපට බව උන්ට තේරුම් ගන්නට බැරිය.

ළහිරු උදාර ද ආරම්භයේදී යම් පසුබෑමකට ලක්විය. නමුත් ඔහු පසුව කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානකගෙන් ලැබුණු සහයෝගය මත ඉනිම ගොඩනැගීමට සමත් විය. නමුත් අනෙකුත් එකම පිතිකරුවෙක්වත් එදා ක්‍රිකට් ගැසුවේ නැත. උන් ගැහුවේ මොනවාදැයි අපට තවමත් තේරුමක් නැත.

එක දිගට පැරදීම

අන්තිම තරග 10න් 08ක්ම පරාදය. අපි විස්සයි 20 ක්‍රිකට් ගැහිල්ලෙන් නිවාඩු ගන්වන්නට හිතෙන තරමට මෑත ඉතිහාසය අජූවය. විචාරකයින් කියන්නේ මේ ක්‍රීඩකයින්ගේ පුද්ගලික දක්ෂතාවල අඩුවක් නිසා සිදුවන්නක් නොවන බවය. ආත්ම විශ්වාසයක් නැති, කණ්ඩායම් හැඟීමක් නැති, බිය මුසු කලබලයක් සහිතව ආක්‍රමණශීලී වෙන්නට යන විසිරී ගිය සමූහයකට අත්වන ප්‍රතිඵලය පරාජය බව ඔවුහු පෙන්වා දෙති. එවැනි ඒකක කණ්ඩායම් වන්නේ නැත.

විස්සයි20 කණ්ඩායම ප්‍රබල සහ ජයග්‍රාහී ඒකකයක් ලෙස නැවත හැඩගැස්වීමට ශ්‍රී ලංකාවට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම්, වත්මන් පාකිස්තාන තරගාවලිය ඒ සඳහා හොඳම අවස්ථාවක් ලෙස භාවිතා කළ හැකි බවට යෝජනාවක් ප්‍රමාණිකයන්ගෙන් ලැබී තිබේ. ඒ යෝජනා කදිමය. සිත් ගන්නා සුළුය. නමුත් අප දකින්නේ පැරණි වැරදි යළි යළි පුනරුච්චාරණය කරමින් එකම විදිහට පරදින සෙට් එකකි.

පකිස්ථානය සුපිරි නැත. ඔවුන් පසුගිය කාලයේ ගත කළේ ක්‍රිකට් අභියෝගයකය. ඔවුන්ද සිටින්නේ කණ්ඩායම නැවත ගොඩනැගීමේ අදියරකය. අප ඔවුන්ගේ ගොඩනැගීමේ අදියර සාර්ථක කර දෙන ක්‍රීඩා පරීක්ෂණාගාරයක පරීක්ෂණ මීයන් සමූහයක් බවට පත් වී තිබීම ඛේදවාචකයක් බව කිව යුතුය.

පැරදුන තරගය තවත් එක් තරගයක් ලෙස සලකා නොසලකා හැරීමේ මෙතෙක් වූ ඉතිහාසය යාවත් කාලීන කරගනිමින් අද තරගයට මුහුණ දිය හැකිය. නමුත් , තමන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කරගැනීමට කැපවී ක්‍රියා නොකරන කණ්ඩායමකට ජයග්‍රහණය හිමි වන්නේ කලාතුරකිනි.

පාකිස්තානය පළමු තරගයේදී සිදු කළේ හරියටම එම කැපවීමය. එම නිසා අද පැවැත්වෙන තරගයේදී ද ඔවුන් එම එකම ක්‍රීඩකයන් 11 දෙනා පිටියට බස්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදු කිරීම අත්‍යවශ්‍ය නොවුණද, සියලු අංශයන්ගෙන් ඉහළ නිවැරදිතාවයක් සහ ස්ථාවරත්වයක් ඉල්ලා සිටින මෙවැනි තරග රටාවකදී, කණ්ඩායමේ ආකල්පමය සහ ප්‍රවේශයේ වෙනසක් සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස තිබේ. එය ක්‍රිකට් බලන අපේ බලාපොරොත්තුවය. මක්නිසාද යත් ක්‍රිකට් බලන අපට කලකට ඉහත සිටි සිංහයන් ලොන්තයන් වී ගත කරන කාලය අවසානයේ දී ලොන්තපෝල් වනු දැකීම වේදනාවක් නිසාය.