සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අනෝජන් සිවරාස වෙනුවෙන් අභියාචනය ගොනු කෙරේ!
මෙම අභියාචනය ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රයත්නයකින් ගොනු කර ඇත. අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, ඒවා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ්ගේ සම්බන්ධීකරණයෙන් රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සංවිධානය කර තිබුණි.
LSN Sri Lanka ·

සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාස වෙනුවෙන් සකස් කළ අභියාචනය, අද (ඔක්තෝබර් 11) එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
</p>
<p>
මෙම අභියාචනය ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රයත්නයකින් ගොනු කර ඇත. අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, ඒවා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ්ගේ සම්බන්ධීකරණයෙන් රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සංවිධානය කර තිබුණි.
</p>
<p>
සමාජ මාධ්‍ය ජාලයක මුහම්මද් නබී නායකයාට අපහාස වන අයුරින් පළ කළ සටහනක් හේතුවෙන් සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාසට මරණ දණ්ඩනය නියම කර තිබුණි. මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණද, පසුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර මරණ දණ්ඩනය පැනවීය.
</p>
<p>
මරණ දණ්ඩනය ඉවත් කරගැනීම සඳහා වූ සාකච්ඡාවලට සහභාගී වූ ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමට ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරු ඇතුළත් වූහ.
</p>
<p>
එම දූත මණ්ඩලය නියෝජනය කරමින් ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන අයද සහභාගී වී ඇත.