යළිත් නේපාලය හඩවන බුධි ගණ්ඩකී ගඟේ හදිසි ගංවතුර... නිවාස, පාලම් රැසක් ගසාගෙන යයි; පිරිසක් අතුරුදහන්
ඒ අප දන්නා ගංවතුරක් නොවේ. එක පිට එක ගලා ආ මඩ, රොන්මඩ, විශාල ගල් පර්වත සහිත ඇලෙන සුළු කළු අළු පැහැති දියරමය ප්‍රවාහයකි. දුටු මනතින් බිය උපදවන මේ අඳුරු ප්‍රවාහය ගංගාවේ පහළ වූ ජනපද, පාලම් ඇල වේලී සොදාපාලු කරමින් ගලාගෙන ගියේය. ඒ බිහිසුණු දැකුම් සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනේය.
LSN Sri Lanka ·

අද නේපාලයට තවත් විපතක් කඩා වැටුනේය. මහා ගංවතුර ව්‍යසනයකින් සේදී ගිය ජාතියක් යළි හිස එසවීමට සැරසුනා පමණි. තවත් විසල් ගංවතුරක් රට තිගැස්සුවේය.

අද ( ඔක්තෝබර් 11 වන ඉරිදා ) අලුයම නේපාලයේ ගෝර්කා (Gorkha) දිස්ත්‍රික්කය හරහා ගලාබසින බුධි ගණ්ඩකී (Budhi Gandaki) ගංගාව එකවරම ජලයෙන් යටවෙමින් හදිසි දැවැන්ත ගංවතුරක් ඇති කළේය. ඒ අප දන්නා ගංවතුරක් නොවේ. එක පිට එක ගලා ආ මඩ, රොන්මඩ, විශාල ගල් පර්වත සහිත ඇලෙන සුළු කළු අළු පැහැති දියරමය ප්‍රවාහයකි. දුටු මනතින් බිය උපදවන මේ අඳුරු ප්‍රවාහය ගංගාවේ පහළ වූ ජනපද, පාලම් ඇල වේලී සොදාපාලු කරමින් ගලාගෙන ගියේය. ඒ බිහිසුණු දැකුම් සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනේය.

සිද්ධියේ ආරම්භය

නේපාල වේලාවෙන් අලුයම 4:00 ට පමණ කත්මණ්ඩු අගනුවර සිට වයඹ දෙසින් කිලෝමීටර් 100–180 ක් පමණ දුරින් පිහිටි උතුරු ගෝර්කා ප්‍රදේශයෙන් මෙම ආපදාව ආරම්භ විය.

මේ හේතුවෙන් චුම්නුබ්රි (Chumnubri), ධාර්චේ (Dharche) සහ අරුඝාට් (Arughat) යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට අයත් ගම්මාන රැසක් දැඩි අර්බුදයකට ලක්වූයේය. විශේෂයෙන්ම සල්ලේරි (Salleri), ජගාට් (Jagat), සිරදිබාස් (Sirdibas), මච්ඡා ඛෝලා (Machha Khola), සෝති (Soti) සහ අරුඝාට් යන ප්‍රදේශවල පිහිටි ජනාවාසවලට මෙමගින් දැඩි හානි සිදුවී තිබිණි.

ත්‍රිශූලි (Trishuli) ගංගාවේ ප්‍රධාන අතුගංගාවක් වන බුධි ගණ්ඩකී ගඟ මෙලෙස ක්ෂණිකව පිටාර ගැලීමට මුල් වී ඇත්තේ ගංඟා ඉහළ නිම්නයේ සිදුවූ ස්වාභාවික නායයෑමක් මගින් ජල පහර අවහිර වී සෑදුණු ස්වාභාවික බැම්ම එකවරම බිඳී යාමය.

හිමාලයානු කලාපීය ගංගාවල මෙලෙස නායයෑම් අවශේෂ සහිතව (debris-laden) හටගන්නා හදිසි ගංවතුර තත්ත්වයන් නිතර දැකගත හැකිය.

මෙම හදිසි ගංවතුර තත්ත්වයට හේතුව අධික වර්ෂාපතනය තත්ත්වයක් නොවේ. නේපාල බලධාරීහු ඒ බව තහවුරු කරහ. ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට කිසිදු සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ නැත.

නේපාලයේ ජාතික ආපදා අවදානම් අඩුකිරීම සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) සහ නේපාල හමුදාව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලට අනුව, චුම්නුබ්රි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලොක්පා (Lokpa) සහ චුම්ලින් (Chumling) අතර ප්‍රදේශයක සිදුවූ වියළි නායයෑමක් (dry landslide) හේතුවෙන් ගංගාව අවහිර වී ඇත. අනතුරුව ඒ පිටුපස විශාල ලෙස ජලය රැස්වීමෙන් සැකසුණු ස්වාභාවික වේල්ල හදිසියේ බිඳී ගොස් තිබේ. මඩ සහ අවශේෂ සහිත දැවැන්ත ජල කඳක් පහළට ගලා එන්නේ ඒ අනුවය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර තාක්ෂණික විශ්ලේෂණයන් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මුල් වාර්තාවල හිම නායයෑමක් ගැන සඳහන් වූවද, ප්‍රධාන හේතුව නායයෑමෙන් ගඟ අවහිර වී බිඳී යාම බව නිල වශයෙන් තහවුරු කර ඇත.

ජල මට්ටමේ ක්ෂණික ඉහළ යාම

ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ වාර්තාවලට අනුව බුධි ගණ්ඩකී ගංගාවේ ජල මට්ටම ඉතා කෙටි කාලයක් තුළ දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත:

පෙ.ව. 6:30 ට මීටර් 3.66 ක්ව පැවැති ජල මට්ටම පෙ.ව. 8:40 වන විට මීටර් 8.43 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ජල මට්ටම මීටර් 5 ක් වන අනතුරුදායක සීමාව පසුකර ඇත.

පෙ.ව. 8:30 සිට 8:40 දක්වා වූ මිනිත්තු 10 ක කාලය තුළ පමණක් ජල මට්ටම මීටර් 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ක්ෂණිකව ඉහළ ගොස් ඇත.

ගංවතුරට හසු වී ජල මට්ටම මැනබලන මධ්‍යස්ථානය ද ගසාගෙන තිබිණි. එබැවින් පසුව අඛණ්ඩව දත්ත ලබා ගැනීම දුෂ්කර වී තිබේ.

සිදුවූ හානි සහ අලාභහානි

ආපදා කළමනාකරණ අධිකාරිය, ගෝර්කා දිස්ත්‍රික් නිලධාරීන් සහ ප්‍රාදේශීය වාර්තාවලට අනුව සිදුවූ හානි මෙසේය:

•නිවාස සහ ජනාවාස: පයින්යු (Painyu) සහ බගාර් (Bagar) ප්‍රදේශවල නිවාස 35 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇති අතර, ජගාට්, සල්ලේරි, දෝභාන් (Dobhan) සහ ඝට්ටිඛෝලා (Ghattikhola) යන ප්‍රදේශවල පිහිටි ගංගාශ්‍රිත නිවාස රැසකට හානි සිදු වී ඇත. ප්‍රාදේශීය වාර්තාවලට අනුව හානියට පත් නිවාස සංඛ්‍යාව 35-40 දක්වා ඉහළ යා හැකිය.

•පාලම්: මෝටර් රථ ගමනාගමනය සඳහා භාවිත කළ පාලම් සහ පයින් ගමන් කරන එල්ලෙන පාලම් ඇතුළු පාලම් 6 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී හෝ දැඩි ලෙස හානියට පත්ව ඇත. ගෝර්කා සහ ධාඩිං (Dhading) යා කෙරෙන අරුඝාට් මාර්ගයේ පාලම් කොටස, සෝති පාලම, ඥාක්චෙට්-සිරදිබාස් සහ මච්ඡිඛෝලා-කෙරවුජා එල්ලෙන පාලම් ඒ අතර වේ.

•ජල විදුලි සහ යටිතල පහසුකම්: මෙගාවොට් 341 ක ධාරිතාවයෙන් යුත් බුධි ගණ්ඩකී ව්‍යාපෘතියේ සල්ලේරි හි පිහිටි ඉදිකිරීම් කඳවුර ඇතුළු ජල විදුලි ව්‍යාපෘති පරිශ්‍ර රැසකට හානි සිදුව ඇත. විදුලි කණු, දුරකථන කුලුනු සහ ප්‍රවාහන මාර්ග රැසක් විසන්ධි වීමෙන් මනස්ලු (Manaslu) සහ ට්සුම් (Tsum) නිම්න සංචාරක කලාපවලට ඇති සන්නිවේදන සහ ගමනාගමන සබඳතා ඇනහිට තිබේ.

අතුරුදහන් වූවන් සහ සහන සේවා

•අතුරුදහන් වූවන්: චුම්නෙට්, උන්ගිලිං හි ගොවිපළක සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදහන් වී ඇති බව NDRRMA තහවුරු කරයි. ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අතුරුදහන් වූ සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යා හැකි බවයි. කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු මරණයක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

•මුදාගැනීමේ මෙහෙයුම්: නේපාල හමුදාව හෙලිකොප්ටර් යානා 4 ක් යොදවා ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 47 දෙනෙකු මුදාගෙන ඇත. ජගාට් නායයෑම් අවදානම් ප්‍රදේශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ගුවන් මගින් මුදාගත් අතර ජල විදුලි කඳවුරේ සිරවී සිටි සේවකයින් 18 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගන්නා ලදී. නේපාල හමුදාව, නේපාල පොලිසිය සහ සන්නද්ධ පොලිස් බලකායේ 400 කට වැඩි පිරිසක් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.

බුධි ගණ්ඩකී ගංගාව සහ පහළ ත්‍රිශූලි ගංගාව ආශ්‍රිතව පිහිටි ගෝර්කා, ධාඩිං, තනහුන්, චිට්වාන් සහ නවාල්පරාසි යන දිස්ත්‍රික්කවල පහත් බිම්වල වෙසෙන ජනතාවට වහාම උස් බිම් වෙත යන ලෙස ආපදා කළමනාකරණ අධිකාරිය අනතුරු අඟවා ඇත. විපතට පත්වූවන්ට කෙටි පණිවුඩ (SMS) මගින් ද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම ආපදාව සිදුවූයේ 2026 අගෝස්තු 26 වන දින නේපාල-චීන සීමාව ආසන්නයේ සිදුවූ දැවැන්ත හිම සහ පාෂාණ නායයෑමෙන් අනතුරුව හටගත් මහ විපතින් නේපාලය තවමත් ගොඩඑමින් සිටින අතරතුරදීය. පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමින් විශාල හානියක් සිදුකළ එම සිදුවීමෙන් පසුව සිදුවූ මෙම බුධි ගණ්ඩකී අනතුර, හිමාලයානු කලාපයේ පවතින නායයෑම් සහ හදිසි ස්වාභාවික ආපදා අවදානම නැවත වරක් පෙන්නුම් කරයි.

බලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සඳහා භූ විද්‍යාඥයින් සහ ඩ්‍රෝන මෙහෙයුම්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබේ. හෙලිකොප්ටර් සහ මාර්ග ඔස්සේ සහනාධාර සැපයීමේ කටයුතු සක්‍රියව සිදුවෙමින් පවතී.