ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර!
ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සදහන් කළේය
LSN Sri Lanka ·

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ වෙත නිවසින් ආහාර ලබා දීමට අවසර ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
</p>
<p>
ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සදහන් කළේය.
</p>
<p>
ජාතික අක්ෂි රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා ඇති අතර, අක්ෂි රෝහලේදී වෛද්‍යවරුන් විසින් ඇයව පරීක්ෂාවට ලක් කර තිබේ.
</p>
<p>
පසුගිය 07 වනදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන සිදුකළ සාපරාධී පරිහරණය, සහ පොදු දේපළ පනත යටතේ වන වැරදිවලට අදාළවය.