LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

මෙහෙව් ක්‍රිකට් මගේ දෑසට නොපෑ යුතූ...

තුන්වැනි සහ අවසන් T20I තරගය ඔක්තෝබර් 13 වැනිදා රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන්නේය. දැනටමත් තරගාවලිය පරාදය. අන්තිමට ගැසූ මැච් 08න් 07ක් පරාදය. ප්‍රශ්නය වන්නේ අප මේ ක්‍රිකට් ගස්සන්නේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය නොව, රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වීමය.

LSN Sri Lanka · 11 October 2026

මෙහෙව් ක්‍රිකට් මගේ දෑසට නොපෑ යුතූ...

කියන්නට දෙයක් ඉතිරි වී නැත. ක්‍රිකට් ගහන්නට ගොස් වලකජු ගහනවිට මැච් දිනන්නේ නැත. අද (11) අපේ ක්‍රිකට් කණ්ඩායම අපට ඒ තත්ත්වය සහතික කර පෙනුවේය.

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි විස්ස තරගය පැවත්වුනේය.

කාසියේ වාසිය දිනා කුසල් මෙන්ඩිස් පන්දු රකින්නට තීරණය කළේය.

ඉතින් පාකිස්තානය කඩුළු තුනක් දැවී පන්දු 120 තුළ ලකුණු 215ක් ගැහුවේය. අපට පන්දු ඕවර 20 තුළ දී රැස් කරන්නට හැකිවන්නේ ලකුණු 133කි. විස්සයි 20 තරගය ලකුණු 82කින් පරාදය.

පකිස්ථානය ගැහුවා නොව හම ගැහුවේය. පන්දුව වැඩි වෙලාවක් තිබුණේ ප්‍රේක්ෂාගාර ඇතුළේය. ඒ අතර උඩ පන්දු අතහැරියේය. පන්දු රැකීම ගෙම්බන් අල්ලන්නාක් බඳු විනි. කාන්තා කණ්ඩායම මීට වඩා ජවයකින් පන්දු රකින ආකාරය අපි මින් පෙර දුටුවෙමු.

Maaz Sadaqat පන්දු 51ක දී ලකුණු 96ක් ගැහුවේය. Sahibzada Farhan පන්දු 44ක දී ලකුණු 73ක් ගැහුවේය. අවසාන ඕවර 12 තුළ ඔවුහු ලකුණු 156ක් රැස් කළහ. ‍ෙපන්දු ඕව 20 තුළ ලකුණු 216ක ජයග්‍රාහි ඉලක්කයක් අපට ලැබිණි.

ඉන් පසු අප දැක්කේ ඔරේමන්දම් ගැහිල්ලක්ය. පළමු ඕවරයේම Lahiru Udara ලකුණු 05කට ඉවත් විය. පළමු තරගයේ ලකුණු 91 ගැන තිබූ ගෞරවයත් නැතිවෙන දැවී යෑමක් දුටුවෙමු. එතැන් සිට අප දුටුවේ ක්‍රිකට් කාලකණ්නිකමකි. හඹා යන්නේ ලකුණු 215කි. පන්දු ඕවර 20කි. 11 වැනි ඕවරය වනවිට අපි කඩුළු 05ක දැවී ලකුණු 64කි.

අල්ලපු ගමේ කජුවත්ත එක්සත් කණ්ඩායම පකිස්ථානයට එව්වත් මීට වඩා ගේමක් දෙන බව මැච් එක බලපු ගමේ උන් සහතික කර කීහ.

පිතිකරුවන් කියා රට නියෝජනය කරන්නට පැමිණි ඉදිරිපෙළ එකෙක්වත් ලකුණු 30 සීමාව ඉක්මවූයේ නැත. මහීෂ් තීක්ෂණ 32ක් ගැහුවේය. චමිඳු වික්‍රමසිංහ ලකුණු 29ක් රැස් කළේය. මෙහොමඩ් ඉම්රාන් අපේ උන්ට අමුඩය ගැස්සුවේය. ඔහු ලකුණු 11කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. සල්මන් මිර්සා ලකුණු 28කට කඩුළු 02ක් දවා ගත්තේය.

පන්දු ඕවර 20 තුළ තටමමින් රැස් කළේ ලකුණු 133කි. කඩුළු 07ක් දැවී ගොස් තිබිණි. විස්සයි 20 තරගයක් ලකුණු 82කින් පරාද වීම අහවල් පරාද විමක් දැයි අප අහන්නේ අපි මේ ක්‍රිකට් ගහන්නට එව්වේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජ කණ්ඩායම නොව රටේ ජාතික කණ්ඩායම නිසාය.

තුන්වැනි සහ අවසන් T20I තරගය ඔක්තෝබර් 13 වැනිදා රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන්නේය. දැනටමත් තරගාවලිය පරාදය. අන්තිමට ගැසූ මැච් 08න් 07ක් පරාදය.

මුන් අපට දෙමින් ඇත්තේ මොන විදිහේ ආතල් එකක් දැයි හෙට නිවාඩු දමා කල්පනා කරන ලෙස යෝජනා කරමු.