LSN News › Sri Lanka

කුසල්ගේ ශතකය, දුනිත්ගේ දඟපන්දුව සහ වාසනාවේ පෙරළිය එංගලන්තය දණගස්වයි: ලීඩ්ස් හිදී ශ්‍රී ලංකාවට ලකුණු 16ක තියුණු ජයක් හිමිවුන හැටි...!

දැන් අප ඉන්නේ ජයග්‍රහණයක ප්‍රහර්ෂයේ ය. අපේ ප්‍රාර්ථනාව කාලයකින් ලැබුණු මේ ජයග්‍රහණය ස්වීප් දිනුමක් නොවන බව ලෝකයට තහවුරු කිරීමය. ලබන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති දැවැන්තම අභියෝගය එය ය. ක්‍රිකට් ලෝකයට ලෝකයේ අංක 1 කණ්ඩායම ඔවුන්ගේ රටේ දී අසරණ කළ හැකි පෞරුෂයක් ශ්‍රි ලංකාවේ අපට ඇති බව තහවුරු කර පෙන්වීම අපට මේ මොහොතේ දී ඉතාම වැදගත්ය. මක්නිසාද යත් ඉන් උපදින ආත්ම විශ්වාසය ජාතිය බලාපොරොත්තුවන ජාතික කණ්ඩායමේ පදනම සකස් කරන බැවිනි.

LSN Sri Lanka · 25 September 2026

කුසල්ගේ ශතකය, දුනිත්ගේ දඟපන්දුව සහ වාසනාවේ පෙරළිය එංගලන්තය දණගස්වයි: ලීඩ්ස් හිදී ශ්‍රී ලංකාවට ලකුණු 16ක තියුණු ජයක් හිමිවුන හැටි...!

පරාජයේ බිහිසුණු සහ වේදනාකාරී යාවත්කාලීනවීම නිමා වූයේය. එය මහා නියඟයක් එක් වරුසාවකින් නිමා වූවා සේය. “ හැමදා නියං එක දා වැහි වලාවේ...“ කියා අපේ ගැමියන් කියන කතාවේ ක්‍රිකට් අර්ථය ඊයේ (24) දුටුවෙමු.

කෙළවරක් නැති අතාර්කික පරාජයන් හමුවේ අවසානයේ දී අප අපේ කණ්ඩායමට කීවේ , “පරාජය ඉවසන්නම්...ඒත් නම්බුකාර ලෙස පරදින“ ලෙසය. මේ ජයග්‍රහණය අපට නියඟයකට පසුව වැටෙන මහා වරුසාවක් වන්නේ ඒ නිසාය. ඊයේ ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පිට පිටම ජාත්‍යන්තර තරග 8ක් (T20I තරග 7ක් සහ ODI 1ක්) පරාජය වී තිබුණි. වසර හතකට පෙර එංගලන්තයේ ලීඩ්ස් හි හෙඩිංලි ක්‍රීඩාංගණයේදීම එංගලන්තයට එරෙහිව ලැබූ එක්දින ජයග්‍රහණයේ මතකයන් යළි සිහි කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් වන්නේ මේ දිගු අරගලයෙන් පසුය.

මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේය. දැන් ලෝකයේ අංක එක කණ්ඩායම සමග එළඹෙන ඉරිදා ඕවල් හිදී පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය, අවසන් තරගයට උචිත දැඩි උත්කර්ෂයක් ඇති කරමින් ලෝක ක්‍රිකට් අවධානය කේන්ද්‍ර කරගැනීමට සමත් වී තිබෙන්නේය. ලැබූ ජයග්‍රහණය අහම්බයක් නොවන බව ලෝකය ඉදිරියේ තහවුරු කිරීමට අවස්ථාව ද දැන් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් වෙත විවර වී ඇත්තේය.

ශ්‍රී ලංකා ඉනිම -

ලකුණු ලබාගැනීමට ඉතා යෝග්‍ය වූ තණතීරුවක ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, මුළු සංචාරය පුරාම දක්නට නොලැබුණු ජවයකින් සහ සැලසුම්සහගත භාවයකින් යුතුව ක්‍රීඩා කළේය. නායක කුසල් මෙන්ඩිස් වාර්තා කළ සිය 7 වැනි එක්දින ශතකය (ලකුණු 121) ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය බවට පත් විය.

පැතුම් නිශ්ශංක (25)කට දැවි ගිය පසු කමිඳු මෙන්ඩිස් (54) සමග එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120කදී ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගූහ. කුසල් සහ කමිඳු මේ ගොඩනැගුවේ 2018 වසරෙන් පසු එංගලන්තයට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකාව රැස්කළ වැඩිම පළමු ඉනිමේ සංඛ්‍යාව (321/6) වෙත ගමන් කිරීමේ පදනමය. කමිඳු ලකුණු 54 ලැබුවේ මෙන්ඩිස් පන්දු 52කදී ය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පවන් රත්නායක පන්දු 42ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමග ලබා ගත් වේගවත් ලකුණු 48 සහ ජනිත් ලියනගේ පන්දු 27ක දී නොදැවී ලබා ගත් ලකුණු 32 මේ විශිෂ්ඨ ගමනට කදිම නිමාවක් එක් කළේය.

එංගලන්ත ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගනිමින් ජයග්‍රහණය දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය. ඒ ගැහිල්ල ඒ තරම් ස්ථිරසාර එකක් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් තරගයට නැවත අවතීර්ණ වීමට අරගල කරමින් සිටියේය. ඒ දොර විවර වන්නේ දුනිත් වෙල්ලාලගේ අතිනි. ඔහු ලකුණු 49කට කඩුළු 3ක් දවා ගනිමින් එංගලන්තයේ ගමන අවහිර කරන පළමු මහා බාධයක ගොඩනැගුවේය.

තරගයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ වෘත්තීය භාවය තියුණු ලෙස මතුවූයේය. අවසන් පන්දුවාරවලදී අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග දැක්වූ විශිෂ්ට පන්දු යැවීම එවැනි තණ තීරුවක එංගලන්ත කණ්ඩායම අපේක්ෂා කළ එකක් නොවේ. අවසානයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු විය.

හැකියාව, ජයග්‍රාහී ස්වරූපය සහ වාසනාවේ පෙරළිය

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය දෙස විමර්ශනාත්මකව බලන කල, ශ්‍රී ලංකාවේ දක්ෂතාවය සහ තරගකාරී ස්වරූපය මෙන්ම, තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙත දෝලනය වෙමින් පැවති ජයග්‍රහණයේ වාසනාව දැකගත හැකි විය. එංගලන්තයට නිශිචිතවම තරගය තමන් වෙත නතු කරගැනීම සඳහා පැමිණි තීරණාත්මක අවස්ථා කීපයක් අත්හැරුණේය. මේ ජයග්‍රහණය ඒ සියල්ලේ සංකලනයකි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් ලබා සිටියදී ගස් බෝල්ට්ගේ පන්දුවකට මේ මට්ටමේ පිතිකරුවෙකුගෙන් ප්‍රාර්ථනා නොකරන අතිශය දුර්වල පහරක් හමුවේ ඉතා පහසු උඩපන්දුවක් ජෙමී ඕවර්ට්න් වෙත ඇදි ගියේය. ඔහුට තිබුනේ හිටිවනම වගේ සිට ඉහලින්ම තමන් වෙත එන උඩ පන්දුව රැක ගැනීමය. ඒ පහසු උඩපන්දුව ජේමී ඕවර්ටන් අතින් ගිලිහී ගියේය. තරගය එංගලන්තය පැත්තේ නැති බව සන් කරන මුල්ම ලකුණ එය විය.

ඉන් අනතුරුවත් කුසල් අවස්ථා කීපයක දුර්වල පහර එල්ල කළේය. ඔහුගේ වාසනාවට ඒ පහරවලින් ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක් කරගැනිමේ අවස්ථාව එංගලන්ත පන්දු රකින්නට නොලැබිනි. පිතිකරුවෙකුට එංගලන්තය වැනි කණ්ඩායමක් ඉදිරියේ මෙවැනි අවස්ථා ලැබෙන්නේ අතිශන්ම විරලවය. ලැබුණු මෙම අගනා වාසනාවන්ත අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් කුසල්, අවසානයේදී පන්දු 116කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 121ක් රැස් කළේය.

අනෙක් පසින්, එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටි යෝධ ප්‍රහාරක ශක්තිය වූ ජොස් බට්ලර් අනපේක්ෂිත ලෙස තරගය අතරමැදදී දැඩි ආබාධයකට ලක්විය. එම මොහොතේ සිට එංගන්ත ඉනිමේ රිද්මය වෙනස් විය. බට්ලර් පාදයේ ආබාධයකට ලක් වන්නේ පන්දු 45කදී ලකුණු 67ක් ලබා සිටියදීය. ඒ වනවිට එංගලන්තය සිටියේ ලකුණු 253කට කඩුලු 4ක් ලබා ජයග්‍රහණයට පන්දු 75කින් ලකුණු 68ක් පමණක් අවශ්‍යව තිබූ මොහොතකය. ඒ වනවිට බට්ලර් හතරේ පහර පහක් සහ හයේ පහර පහක් එල්ල කර, හතරේ - හයේ පහර වලින් පමණක් ලකුණු 50ක් රැස් කරගෙන සිටියේය.

පසුව තරගයේ තීරණාත්මක අවස්ථාවේ දී ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් තුළ ක්‍රීඩාගාරයේ සිට ආපසු පැමිණ පිතිකරණ වගකීම භාරගන්නා අවස්ථාව වන විට, ඔහුගේ පාද චලනයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අයුරු පැහැදිලිවම දක්නට ලැබිණි. දෙවැනිවර පිටියට පැමිණ බට්ලර්ට මුහුණ දීමට හැකිවන්නේ පන්දු 4කට පමණි. ඔහු අමතරව එක්කරගන්නේ ලකුණු 02කි. ලකුණු 69කට ඔහු දැවී ගියේය. බට්ලර් පිටියෙන් ඉවත්වීමෙන් පසු පීඩනයට පත් එංගලන්ත පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 52ක් පමණි. ඔවුන්ගේ කඩුළු 05ක් ඉන් පසුව දැවී ගියේය. ට කඩුලු 5ක් පමණි.

තරගයේ ගමන් මඟ

ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 321ක ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ඩකට් (67) සහ ටොම් බැන්ටන් (73) පළමු පවර් ප්ලේ පන්දුවාර 10 තුළ ලකුණු 82ක් රැස් කරමින් පන්දුවාර 19.5කදී ලකුණු 143ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. එංගලන්තයේ ජයග්‍රහණය ස්ථිර එකක් ලෙස පෙනෙන්නට තිබූ මොහොතක, ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ ඩකට්ගේ කඩුල්ල දවාගනිමින් තරගයේ ප්‍රථම කඩුල්ලේ සබඳතාව බිඳ දැමීය. තමන්ගේ ඊළඟ පන්දුවාරයේදී බැන්ටන්ව ස්ටම්ප් කිරීමකට හසුකරගත් වෙල්ලාලගේ, පසුව හැරී බෲක්වද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය. තරගය දෙපැත්තටම විවෘත වන්නේ ඒ වික්‍රමයෙන් අනතුරුවය.

පසුව ජොස් බට්ලර්, ජෝ රූට් (21) සහ විල් ජැක්ස් (52) සමග එක්ව තරගයේ පාලනය නැවත එංගලන්තයට ලබාදුන්නේය. නමුත් 38 වැනි පන්දුවාරයේදී සිදුවූ බට්ලර්ගේ ආබාධය ජයග්‍රහණයේ තරාදිය ශ්‍රී ලංකාව දෙසට බර කළේය. බට්ලර් පිටියෙන් ඉවත් වූ මොහොතේ සිට නැවත පැමිණෙන තෙක් යැවූ පන්දුවාර 10 තුළ (පන්දු 60ක්) ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්තයට ලබාදුන්නේ එකම එක හතරේ පහරක් පමණි. මේ පාලන ප්‍රවේශය තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට විශාල ලෙස බලපෑවේය. එංගලන්ත ඉනිම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 305කට සීමා විය.

දැන් අප ඉන්නේ ජයග්‍රහණයක ප්‍රහර්ෂයේ ය. අපේ ප්‍රාර්ථනාව කාලයකින් ලැබුණු මේ ජයග්‍රහණය ස්වීප් දිනුමක් නොවන බව ලෝකයට තහවුරු කිරීමය. ලබන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති දැවැන්තම අභියෝගය එය ය. ක්‍රිකට් ලෝකයට ලෝකයේ අංක 1 කණ්ඩායම ඔවුන්ගේ රටේ දී අසරණ කළ හැකි පෞරුෂයක් ශ්‍රි ලංකාවේ අපට ඇති බව තහවුරු කර පෙන්වීම අපට මේ මොහොතේ දී ඉතාම වැදගත්ය. මක්නිසාද යත් ඉන් උපදින ආත්ම විශ්වාසය ජාතිය බලාපොරොත්තුවන ජාතික කණ්ඩායමේ පදනම සකස් කරන බැවිනි.