LSN News › Sri Lanka

ක්‍රිෂ් ගනුදෙනුව... නාමල් රාජපක්ෂ 16 තෙක් රිමාන්ඩ්...

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ තීරණය ද ඔක්තෝබර් 16 වනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.

LSN Sri Lanka · 6 October 2026

ක්‍රිෂ් ගනුදෙනුව...  නාමල් රාජපක්ෂ 16 තෙක් රිමාන්ඩ්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් 16 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ තීරණය ද ඔක්තෝබර් 16 වනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.

ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ක්‍රිෂ් සමාගම හා සම්බන්ධ මුල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.

කොළඹ කොටුවේ පිහිටි ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍ර ඉඩම ලබා ගැනීමට පහසුකම් සැලසීම සහ ඒ ආශ්‍රිත අනුමැතීන් ඉක්මන් කරදීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70 ක අල්ලස් මුදලක් ගෙවා ඇති බවටවන චෝදනාව සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෑතකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම නඩුවේ සිව්වන විත්තිකරු ලෙස නම් කෙරිණි.