LSN News › Sri Lanka

16 වසරකට පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට පහත දැමූ කතාව... රාජ්‍ය සේවයේ ගහන වංගුවල බරපතල කම ගැන හෙළිදරව්වක්!

රාජ්‍ය සේවයේ උසස්වීම් පටිපාටිය සහ විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව පුද්ගලික සලකා බැලීම් මත තීරණ ගැනීම කොතරම් අවදානම් සහගතද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

LSN Sri Lanka · 1 November 2026

16 වසරකට පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට පහත දැමූ කතාව... රාජ්‍ය සේවයේ ගහන වංගුවල බරපතල කම ගැන හෙළිදරව්වක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව, දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරවල සේවය කළ නිලධාරීන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ප්‍රධාන පොලිස් පරීක්ෂක (CIP) ධුරය දක්වා පහත හෙළීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 29 වැනිදා නිකුත් කළ ලිඛිත නියෝගයකට අනුව මෙලෙස ධුරයෙන් පහත හෙළා ඇත්තේ ඒ. ජේ. වයි. බී. ක්‍රිෂාන්ත, පී. ජී. එස්. ගුණතිලක සහ පී. එම්. ප්‍රශාන්ත පෙරේරා යන නිලධාරීන් තිදෙනාය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 08 වැනිදා ලබාදුන් තීන්දුවකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණය ක්‍රියාත්මක කරමින් පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.

2010 කැබිනට් තීරණය බලරහිත වෙයි

මෙම නිලධාරීන් තිදෙනා (එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්) 2010 ජූලි 28 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීරණ තුනක් මගින් විශේෂ උසස්වීම් ලෙස සහකාර පොලිස් අධිකාරී (ASP) ධුරයට උසස් කර තිබිණි. එම තීරණයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් එවකට සේවයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 33 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FR/515/2010) ගොනු කරනු ලැබීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් කේ. බී. විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, එකී කැබිනට් තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති සමතාවයේ අයිතියට පටහැනි බව තීන්දු කරමින් ඒවා සම්පූර්ණයෙන්ම බලරහිත හා අවලංගු බව ප්‍රකාශ කළේය.

පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ, අදාළ නිලධාරීන් අතුරින් දෙදෙනෙකු එවකට ජනාධිපති ආරක්ෂක ඒකකයේ සේවය කළ අය වන අතර, අනෙක් නිලධාරියා තංගල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවල සේවය කළ අයෙකු බවයි. ඒ වකවානුවේ ජනාධිපති ධූරය දැරුවේ මහින්ද රාජපක්ෂය.

පොලිස්පතිවරයාගේ ඔක්තෝබර් 29 වැනිදා නියෝගයට අනුව, ක්‍රිෂාන්ත 2005 ජනවාරි 01 වැනිදා සිටත්, අනෙක් නිලධාරීන් දෙදෙනා 2006 ජනවාරි 01 වැනිදා සිටත් ක්‍රියාත්මක වන පරිදි නැවත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ පිහිටුවා ඇත.

පසු උසස්වීම් සහ ජ්‍යෙෂ්ඨතාව නැවත ගණනය කිරීම

2010 වසරේ ලබාදුන් සහකාර පොලිස් අධිකාරී (ASP) උසස්වීම පදනම් කරගෙන මෙම නිලධාරීන් පසුව පොලිස් අධිකාරී (SP) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ධුර දක්වා උසස්වීම් ලබා තිබිණි.

කෙසේ වෙතත්, මුලින් ලබාදුන් සහකාර පොලිස් අධිකාරී උසස්වීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බලරහිත කිරීමත් සමඟ, ඊට පසුව ඔවුන් ලැබූ සියලු උසස්වීම් ද නීතිමය වශයෙන් අහෝසි වේ. ඒ අනුව මෙම නිලධාරීන්ගේ සේවා ජ්‍යෙෂ්ඨතාව (Seniority) නැවත ගණනය කිරීමට නියමිත අතර, ඉදිරි උසස්වීම් සලකා බැලීමේදී ඔවුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට පත් නිවැරදි දින වකවානු පදනම් කරගත යුතුවේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඊට අදාළ නීත්‍යානුකූල ගැලපීම් සිදුකළ යුතුව ඇත.

හිඟ වැටුප් හා දීමනා ආපසු අයකර ගැනීම

නීතිමය ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා රීතීන්ට අනුව, අවලංගු කරන ලද උසස්වීමක් පදනම් කරගෙන ලබාගත් වැටුප් වර්ධක සහ ධුරයට අදාළ දීමනා "අධික ගෙවීම්" (Overpayments) ලෙස සැලකේ. නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති එවැනි අධික ගෙවීම් ආපසු අයකර ගැනීමට රාජ්‍ය බලධාරීන්ට පූර්ණ නීතිමය බලය පවතී.

වසර 16ක තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ ලබාගත් වැටුප් හා දීමනා වෙනස්කම් එකවර අයකර ගැනීම ප්‍රායෝගිකව සංකීර්ණ විය හැකි නමුත්, නීතිමය වශයෙන් එය මඟහැරීමට අවස්ථාවක් නැත.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මෙවැනි මුදල් අයකර ගැනීම් මාසික වාරික වශයෙන් සිදුකෙරේ. ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය එක්ව මේ පිළිබඳ අවසන් තීරණය ගත යුතු අතර, අදාළ නිලධාරීන්ට ද ඒ පිළිබඳ තම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

විශ්‍රාමික හෝ ඉදිරියේදී විශ්‍රාම යන නිලධාරීන්ට වන බලපෑම

රාජ්‍ය සේවයේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 60 වන අතර, මෙම නිලධාරීන් අතුරින් යම් අයෙකු දැනටමත් විශ්‍රාම ගොස් ඇත්නම් හෝ ආසන්නයේදී විශ්‍රාම ගැනීමට නියමිත නම්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප නැවත ගණනය කිරීමට සිදුවේ. එහිදී විශ්‍රාම වැටුප ගණනය කෙරෙනුයේ ඔවුන්ට නීත්‍යානුකූලව හිමිව තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ වැටුප් පරිමාණය පදනම් කරගනිමිනි.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවට අනුව, වැරදි ගණනය කිරීම් මත අධික ලෙස ගෙවා ඇති විශ්‍රාම වැටුප් මුදල් ඉදිරියේදී ගෙවන විශ්‍රාම වැටුපෙන් අඩුකර ගැනීමට හෝ ආපසු අයකර ගැනීමට හැකියාව ඇත. ඒ අනුව විශ්‍රාමික නිලධාරියෙකුට හිමිවන මාසික විශ්‍රාම වැටුප අඩු වන අතර, මීට පෙර අධිකව ලබාගත් මුදල් ද ආපසු ගෙවීමට සිදුවනු ඇත.

රාජ්‍ය සේවයේ උසස්වීම් පටිපාටිය සහ විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව පුද්ගලික සලකා බැලීම් මත තීරණ ගැනීම කොතරම් අවදානම් සහගතද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

වසර 16කට පසුව වුවද නීතියට පටහැනි තීරණ බලරහිත කිරීමටත්, ඒ මත සිදුවූ වැරදි නිවැරදි කිරීමටත් අධිකරණයට බලය ඇති බව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් නැවතත් තහවුරු කර ඇත.