LSN News › Sri Lanka

ඇමරිකාවේ දේශපාලන හැසිරීම අනුව වෙනස්වෙන ලෝක ආර්ථිකයේ කතාවක්... ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 16%කින් පහළට!

බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල පසුගිය සතිය තුළ සියයට 16කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුනේය. මෙය 2020 කොවිඩ් වසංගත සමයෙන් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම ලෙස රොයිටර්ස් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම WTI බොරතෙල් මිල ද සියයට 12–13ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

LSN Sri Lanka · 8 November 2026

ඇමරිකාවේ දේශපාලන හැසිරීම අනුව වෙනස්වෙන ලෝක ආර්ථිකයේ කතාවක්...  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 16%කින් පහළට!

අමෙරිකා-ඉරාන හා ඊශ්‍රායල් යුද ගැටුම් සමනය වනු ඇතැයි ලෝක වෙළඳපොළ තබා ඇති අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර බොරතෙල් මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල පසුගිය සතිය තුළ සියයට 16කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුනේය. මෙය 2020 කොවිඩ් වසංගත සමයෙන් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම ලෙස රොයිටර්ස් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම WTI බොරතෙල් මිල ද සියයට 12–13ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

නොවැම්බර් 8 වනදා පෙරවරුව වන විට බ්‍රෙන්ට් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98ක් පමණ වූ අතර, WTI තෙල් බැරලයක මිල ඩොලර් 90–91ත් අතර අගයක පැවතිණි.

ඇමරිකානු මැතිවරණ ප්‍රතිඵලය සහ වෙළඳපොළ අපේක්ෂා

මෙම තෙල් මිල පහත වැටීමේ ප්‍රධාන චාලක බලවේගය බවට පත්වූයේ නොවැම්බර් 3–4 දිනවල පැවැති ඇමරිකානු අන්තර්වාර මැතිවරණය ය. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය යන දෙකෙහිම පාලනය අහිමි වූ අතර, ඩිමොක්‍රටිකයන්ට සම්පූර්ණ කොංග්‍රස් පාලනය හිමි විය.

වෙළඳපොළ මෙම ප්‍රතිඵලය අර්ථ නිරූපණය කළේ ඉරාන යුද්ධයෙන් ඉවත් වීමට ට්‍රම්ප් වෙත ඇති දේශපාලන පීඩනය දැඩි ලෙස ඉහළ යන සංඥාවක් ලෙසය. උප ජනාධිපති ජේඩී වෑන්ස් "අප පරාජය වූයේ යුද්ධය නිසාය" යනුවෙන් ප්‍රකාශ කළ අතර, යුද්ධය සහ ඉහළ ඉන්ධන මිල රිපබ්ලිකන් පරාජයට කෙළින්ම බලපෑ බව ට්‍රම්ප් ද පිළිගත්තේය. එමෙන්ම වහාම ඉරානයට පහර දීමේ සැලසුමක් නැති බව ද ට්‍රම්ප් පැවසීය.

2026 පෙබරවාරි මාසයේදී මෙම යුද්ධය ආරම්භ වීමත් සමඟ ගල්ෆ් තෙල් සැපයුම කඩාකප්පල් වීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සීමා වීම සහ ඉහළ ගිය "යුද අතිරික්තය" (war premium) හේතුවෙන් බ්‍රෙන්ට් මිල ඩොලර් 115–120 ඉක්මවා ඉහළ ගොස් තිබිණි. කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු වෙළඳපොළ එකී යුද අතිරික්තය වේගයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව බදාදා දිනකදී පමණක් බ්‍රෙන්ට් මිල සියයට 8.7කින් පහත වැටී ඩොලර් 94.62 දක්වා අඩු වූ අතර, සතිය පුරාම මෙම පහත වැටීම වාර්තා විය.

සැපයුම් පාර්ශ්වයේ යථාර්ථය

තෙල් මිල පහත වැටීමට බලපෑ දෙවන ප්‍රධාන සාධකය වන්නේ මැදපෙරදිග තෙල් සැපයුම යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්වීමය. Kpler වැනි නැව් ලුහුබැඳීමේ සමාගම්වල දත්තවලට අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ විකල්ප මාර්ග (සවුදි නැගෙනහිර-බටහිර නල මාර්ග, නැව් අතර මාරු කිරීම්, ඇමරිකානු නාවික ආරක්ෂාව යටතේ සිදුවන ගමනාගමන) ඔස්සේ ගල්ෆ් අපනයනයන් යුද්ධයට පෙර මට්ටමට ආසන්න වී හෝ ඉක්මවා ගොස් ඇත. ඔක්තෝබර්-නොවැම්බර් කාලයේදී දෛනික අපනයනය බැරල් මිලියන 17–20ත් අතර පැවැති බව දැක්වේ.

ඇමරිකානු නාවික අවහිරය හේතුවෙන් ඉරාන තෙල් අපනයනය බොහෝ දුරට නැවතී තිබුණද, සවුදිරාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් වැනි රටවල් විකල්ප මාර්ග වඩාත් ශක්තිමත් කර තිබේ.

කෙසේ වෙතත්, පිරිපහදු කළ තෙල් නිෂ්පාදන සැපයුම තවමත් පැවතෙන්නේ දුර්වල මට්ටමකය. නැව් ප්‍රහාර තවදුරටත් සිදුවන අතර, තවමත් සම්පූර්ණ සාම ගිවිසුමකට එළඹ නැත. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වෙළඳපොළ පවතින යථාර්ථයට වඩා ඉදිරියට ගොස් "සාම අපේක්ෂාව" මුල් කරගනිමින් මිල ගණන් තීරණය කර ඇති බවය.

ලොව විශාලතම සහ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය සේවා හා ආයෝජන බැංකු සමාගමක්වන ස්විට්සර්ලන්තයේ සූරිච් හි මූලස්ථානය පිහිටි Union Bank of Switzerland (UBS) වැනි මූල්‍ය ආයතන සඳහන් කරන්නේ ඩොලර් 95ක මට්ටමේ පවතින මිල තුළ පවා තවමත් ඩොලර් 10–15ක යුද අතිරික්තයක් රැඳී ඇති බවය.

ලෝක ආර්ථිකයට ඇති බලපෑම

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටීම ගෝලීය ආර්ථිකයට සෘජු සහනයක් ගෙන දෙන්නකි. මාස ගණනාවක් පුරා ඉහළ මට්ටමක පැවැති තෙල් මිල ගෝලීය උද්ධමනය, බැඳුම්කර සහ පාරිභෝගික වියදම් මත දැඩි පීඩනයක් එල්ල කළේය. තෙල් මිල පහත යාමත් සමඟ ඉන්ධන, ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය අඩු වී උද්ධමන පීඩනය ලිහිල් වනු ඇත. යුරෝපා රටවල රජයේ බැඳුම්කර පහත වැටීම මූල්‍ය තත්ත්වයන් ලිහිල් කිරීමට දායක වේ.

එමෙන්ම ඉන්දියාව, චීනය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ආසියානු කලාපයේ තෙල් ආනයනය කරන රටවල විදේශ විනිමය පීඩනය අඩු වී ආර්ථික වර්ධනයට නව අවකාශයක් නිර්මාණය වේ.

අනෙක් අතට, සවුදිරාජ්‍යය, රුසියාව සහ ගල්ෆ් කලාපීය රටවල් වැනි තෙල් අපනයනය කරන රටවල ආදායම් පහත වැටීමේ අවදානමක් පවතී. OPEC+ සංවිධානය නිමැවුම ස්ථාවරව පවත්වාගෙන ගියද, වෙළඳපොළේ සැපයුම් අතිරික්ත අපේක්ෂාවන් මිල පාලනය කරමින් තිබේ. තාක්ෂණික කොටස් වෙළඳපොළ පහත වැටීම සමඟ මුසු වූ මෙම තෙල් මිල අඩුවීම, ගෝලීය වශයෙන් පවතින ආර්ථික අවදානම් අඩුවීමේ සංඥාවක් ලෙස ද විශ්ලේෂකයෝ දකිති.

ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබෙන සහනය

ශ්‍රී ලංකාව වැනි තෙල් ආනයනය මත සම්පූර්ණයෙන්ම යැපෙන රටකට ලෝක තෙල් මිල පහත වැටීම විශාල සහනයකි. මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ තැන් සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරට ඉන්ධන මිල සියයට 50කින් පමණ ඉහළ දැමීය. මේ වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ තෙල් ආනයන බිල්පත සියයට 51.5කින් ඉහළ ගිය අතර, එය වෙළඳ හිඟය පුළුල් වීමට ඍජුවම බලපෑවේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දී තිබුණේ දීර්ඝ කාලයක් තිස්සේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණහොත් මෙරට උද්ධමනය නැවත ඉහළ යා හැකි බවය. කෙසේ වෙතත්, තෙල් මිල ඩොලර් 100 සීමාවේ පැවතියද වත්මන් උද්ධමනය කළමනාකරණය කරගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

ලෝක තෙල් මිල පහත යාම හමුවේ රුපියලේ අගය ස්ථාවර වීමට පිටිවහලක් ලැබෙන අතර, ඉන්ධන හා විදුලි ගාස්තු පීඩනය ලිහිල් වී ඉදිරියේදී පොලී අනුපාත පහත හෙළීමට ද මඟ පෑදෙනු ඇත.

කෙසේ වුවද, මෙම ලෝක වෙළඳපොළ සහනය දේශීය පාරිභෝගිකයාගේ ඉන්ධන පිරවුම්හල වෙත ළඟා වීමට යම් කාලයක් ගතවනු ඇත. වත්මන් අයවැය රාමුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ අවසාන අදියර යටතේ බලශක්ති පිරිවැය ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමට රජයට සිදුව තිබේ.

භූදේශපාලනික යථාර්ථය සහ අනාගත දැක්ම

ලෝක වෙළඳපොළ තුළ සාම අපේක්ෂාවන් මිල කර තිබුණද, පවතින ප්‍රායෝගික භූදේශපාලනික තත්ත්වය තවමත් සංකීර්ණය. 2026 නොවැම්බර් 8 වනදා වන විටත් පවතින යථාර්ථය මෙසේය:

ඇමරිකානු නාවික අවහිරය: ජූලි 14 වනදා නැවත පනවන ලද ඉරාන වරායන් වෙත යන සහ එන නැව්වලට එරෙහි අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වේ. ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන, නොබැඳි (non-profit, non-partisan) ප්‍රතිපත්ති සහ උපදේශන සංවිධානයක් වන න්‍යෂ්ටික ඉරානයට එරෙහි එක්සත් වූවෝ හෙවත් United Against Nuclear Iran (UANI ) වාර්තාවලට අනුව ජූලි මැද සිට මේ දක්වා ඉරාන තෙල් පිරවූ ප්‍රධාන ටැංකි නැව්වලට ගල්ෆ් ඕෆ් ඕමාන් හරහා සාර්ථකව පිටවීමට අවස්ථාව ලැබී නැත.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සීමා: හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා දැනට සිදුවන්නේ සාමාන්‍ය ගමනාගමනයෙන් සියයට 9ක් වැනි සීමිත ප්‍රමාණයකි. සංක්‍රමණය සඳහා අවසර අවශ්‍ය බව ඉරානය පවසන අතර, ඇමරිකාව නාවික සම්බන්ධීකරණය යටතේ සීමිත ගමනාගමනයකට ඉඩ දී ඇත. පිරිස් හා නැව් වෙත එල්ල වන ප්‍රහාර සහ බිම් බෝම්බ තර්ජන තවමත් පවතී.

සාකච්ඡා සහ ගිවිසුම්: කටාර් ඇතුළු මැදිහත්කරුවන් හරහා සාකච්ඡා පැවැත්වෙන නමුත් කිසිදු තහවුරු වූ ගිවිසුමක් ක්‍රියාත්මක වී නැත. නාවික අවහිරය ඉවත් කිරීම සහ සම්බාධක ලිහිල් කිරීම වැනි කොන්දේසි මත හෝර්මුස් නැවත විවෘත කිරීමට ඉරානය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ පවතින තත්ත්වය: ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන, නොබැඳි (non-profit, non-partisan) ප්‍රතිපත්ති සහ උපදේශන සංවිධානයක් වන න්‍යෂ්ටික ඉරානයට එරෙහි එක්සත් වූවෝ හෙවත් United Against Nuclear Iran (UANI ) වාර්තාවලට අනුව නොවැම්බර් 5 යාවත්කාලීන කිරීමට අනුව, ඉරාන ධජය සහිත හිස් තෙල් ටැංකි නැව් 20ක් පමණ තවමත් ශ්‍රී ලංකා වෙරළට ආසන්න ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටිති. ඔවුන්ට ආපසු යාමට ආරක්ෂිත මාර්ගයක් මෙතෙක් නිර්මාණය වී නොමැත.

සාරාංශයක් ලෙස, දේශපාලන සාකච්ඡා පැවැතියද නාවික අවහිරතා ඉවත් වී නොමැති බැවින් තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නැත. ඉදිරි සතිවලදී මිල ගණන් උච්චාවචනය වීම තීරණය වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම්වල ප්‍රගතිය සහ යුද පිටියේ වර්ධනයන් මතය.

මෙම තත්ත්වය මඟින් පැහැදිලි වන්නේ ලෝක බලශක්ති මිල තීරණය වන්නේ සරල සැපයුම්-ඉල්ලුම් න්‍යායෙන් පමණක් නොව, දේශපාලන බලය, මැතිවරණ ප්‍රතිඵල සහ භූගෝලීය උපායමාර්ග මත බවය.

ශ්‍රී ලංකාව වැනි රටවලට මෙය කෙටිකාලීන සහනයක් වුවද, නැවත නැවතත් එල්ල වන මෙවැනි ලෝක මූල්‍ය පීඩනයන්ගෙන් බේරීමට නම් දිගුකාලීන බලශක්ති ආරක්ෂාව සහ බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.