අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහය අතරතුර අත්අඩංගුවට ගත් ‘දහම් ප්‍රසාද්’ හෙරොයින් සහ ගංජා ගහලා... අධිකරණයේ දී හෙළි වෙයි...නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ්
අනුරාධපුර සත්‍යග්‍රහයේ ඉදිරියෙන්ම සිටි කස්සප හිමියන්ගේ ප්‍රධාන දායකයා කුඩු කාරයෙක් බව අනාවරණය වී තිබේ. ඔහු සත්‍යග්‍රහයට පැමිණ සක් පිඹිමින් පිරිත් කියමින්, සිටින අතර අසල පුද්ගලයින් සමග ගැටුම් ඇති කරගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියදී බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ.
LSN Sri Lanka ·

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පූජා භූමියේ පවත්වන ලද සත්‍යග්‍රහයේ දි ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් ‘දහම් ප්‍රසාද්’ නමැත්තා අවට පුද්ගලයින් සමග කලහකාරී ලෙස හැසිරී පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථාව වනවිට හොරොයින් සහ ගංජා ගසා සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවලින් තහවුරු වන බව පොලිසිය අද අධිකරණයට දන්වා සිටියේය.

පහරදිම, අයථා අවහිරය සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ මෙම පුද්ගලයා ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දහම් ප්‍රසාද් නැමැත්තා මීට පෙරද බොරැල්ල සහ රත්නපුර ප්‍රදේශවලදී හෙරොයින් සහ අයිස් (ක්‍රිස්ටල් මෙත්) මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළව පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙකු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් වාර්තා සහ ප්‍රකාශ අනුව, බාලදොර රන්කිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නැමැති මෙම තැනැත්තා රත්නපුර මල්වල පදිංචිකරුවකි. ඔහු සත්‍යග්‍රහයේදී ‘සක් පිඹින්නා’ (conch blowing) ලෙස කටයුතු කර ඇති අතර, කස්සප හිමියන් සමඟ විරෝධතාවට සහභාගී වූ පුද්ගලයෙකි.

මේ පුද්ගලයා විරෝධතාවය අතර ඒ භූමියේ අයිස්ක්‍රිම් වෙළෙඳාමේ සිටි පුද්ගලයෙක් සමග බහින්බස් වීමක් ඇති කරගත්තේය. අනතුරුව පොලිසිය ඉදිරියේ සිටියදිම එම පුද්ගලයාට තර්ජනය කරමින් වියරුවෙන් හැසිරෙන්නේ පොලිසියට ද අපහාස කරමිනි. ඒ අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ විට ඔහු දිවගොස් බලංගොඩ කස්සප හිමි බදාගත්තේය.කස්සප හිමිත් තවත් භික්ෂුවකුත් ඔහුව බදාගෙන පොලිස් අත් අඩංගුවට පත්වීම වැලැක්වීමට උත්සාහ කළේය. පොලිසිය පැහැදිලිව කීවේ බාධා නොකරන ලෙසත් බාධා කළහොත් බාධා ඉවත් කිරීමට සිදුවන බවත්ය.

එහෙත් කස්සප හිමියන් ඊට අවනතවූයේ නැත. සිදුවූයේ සිද්ධිය ගැටුමක් බවට පත්වීමය. පොලිස් අත් අඩංගුවට පත්වීම වැලැක්වීමට හාමුදරුවරු උත්සාහ ගත්තා සේම අත් අඩංගුවට පත් පුද්ගයාත් වියරුව හැසිරෙමින් පොලිසියට අභියෝග කළේය. ඒ අවස්ථාවේ දී බලවත් උත්සාහයකින් පසු අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන රැගෙන යෑමට පොලිසියට හැකි විය.

ඔහුගේ පැටිකිරිය හෙළි වන්නේ ඔහු අත් අඩංගුවට ගත් පසුය. මතද්‍රව්‍ය භාවිතා කර ඇති බව දැනගන්නේ උසාවියට ඉදිරිපත් කිරීමට පෙර සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී ය.

පොලිසිය අනුව:
• 2025 මාර්තු 22 වැනිදා බොරැල්ල පොලිසිය විසින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

• තවත් අවස්ථාවක රත්නපුර පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වර්තමාන අත්අඩංගුවට ගැනීමේදී රුධිර පරීක්ෂණයෙන් හෙරොයින් සහ ගංජා ගසා ඇති බව තහවුරු වී ඇත.