World · Sri Lanka Bureau
හසීනා දෙසැම්බර් 16 යළි බංගලාදේශයට එන බව නිවේදනය කරයි!
1971 වසරේ පාකිස්තානය සමඟ පැවති නිදහස් සටන අවසන් වූ දිනය සමරන බංග්ලාදේශ විජයග්‍රාහී දිනය දෙසැම්බර් 16 වැනිදා ය. හසීනා ඉන්දියාවේ සිට බංගලාදේශයට එන බව කියන්නේ එදිනය. කෙසේ වෙතත්, ඇයට නැවත බගංලාදේශයට පැමිණිය හැක්කේ අපරාධකරුවන් හුවමාරු කරගන්නා උදර්පන නීතිය හරහා මාංචු දමාගෙන පමණක් බව බංග්ලාදේශ රජය අවධාරණය කරයි.
LSN Sri Lanka ·
වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ පිටුවහල්ව සිටින බලයෙන් පහ කළ බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂීක් හසීනා, එළඹෙන දෙසැම්බර් 16 වැනිදා නැවත සියරට පැමිණීමට සැලසුම් කර ඇති බව ඇයගේ ප්‍රකාශකයා අද (24 අඟහරුවාදා) රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.

1971 වසරේ පාකිස්තානය සමඟ පැවති නිදහස් සටන අවසන් වූ දිනය සමරන බංග්ලාදේශ විජයග්‍රාහී දිනය ද එදිනට යෙදී තිබේ. කෙසේ වෙතත්, ඇයට නැවත පැමිණිය හැක්කේ උදර්පන නීතිය (extradition) හරහා පමණක් බව බංග්ලාදේශ රජය අවධාරණය කරයි.

79 හැවිරිදි හසීනා නැවත පැමිණෙන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයය. ඇයගේ පක්ෂය තහනම් කර ඇති සහ ඇය මේ මස මුලදී නව විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු ලියකියවිලි ඉල්ලා සිටීමත් සමඟ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම ප්‍රකාශය රට තුළ දේශපාලන හා නීතිමය උණුසුම තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය හැකි බව රොයිටර් වාර්තාව පෙන්වා දී තිබේ.

තමන්ට එරෙහිව ඇති වූ මහජන නැගිටීමෙන් පසු නවදිල්ලියට පලා ගොස් මාස කිහිපයකට පසු අවලංගු කෙරුණු ලියකියවිලි නැවත ඉල්ලා සිටීමට අමතරව, බංග්ලාදේශ ජාතික ගුවන් සේවය (Biman Bangladesh Airlines) මගින් තමන්ව නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ද හසීනා බංග්ලාදේශ රජයෙන් ඉල්ලා තිබේ.

"2024 අගෝස්තු 5 වැනිදා ෂීක් හසීනාව බංග්ලාදේශ ගුවන් යානයකින් ඉන්දියාවට රැගෙන ගිය බැවින්, ඇයව නවදිල්ලියේ සිට ඩකා වෙත නැවත ගෙන්වා ගැනීමට ගුවන් ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ඇය දැන් රජයෙන් ඉල්ලා සිටිනවා," යැයි ඇයගේ ප්‍රකාශක සයිඩ් මොසම්මෙල් අලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "එවැනි වාතාවරණයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඇයව පිටුවහල් කළ බැවින්, දෙසැම්බර් 16 වැනි විජයග්‍රාහී දිනයේදී ඇයට නැවත බංග්ලාදේශයට පැමිණීමට අවස්ථාව සලසා දීම දැන් රජයේ වගකීමක්."

කෙසේ වෙතත්, ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් පැවති නැගිටීම මර්දනය කිරීම සඳහා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමේ චෝදනාවට පසුගිය වසරේ බංග්ලාදේශ අධිකරණයකින් ඇය නොමැතිව මරණ දඬුවම නියම කර ඇති බැවින්, ඇයව ඉන්දියාව විසින් පිටුවහල් (extradite) කළ යුතු බව රජය යළිත් අවධාරණය කළේය. හසීනා පිටුවහල්ව සිටියදීම තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

"හසීනා යනු වරදකරුවෙකු වූ අපරාධකාරියක්; පලා ගිය ත්‍රස්තවාදිනියක්," යැයි බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කොබීර් රොයිටර්ස් වෙත පැවසීය. "ඇයට නැවත සියරට පැමිණිය හැක්කේ උදර්පන ගිවිසුමක් හරහා පමණයි; ඒ මාංචු දමාගෙන සහ දැඩි ආරක්ෂාවක් යටතේයි."

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට කළ ඉල්ලීමකට ඉන්දීය විදේශ අමාත්‍යාංශය ක්ෂණික ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. ඇයව පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම සලකා බලමින් සිටින බවත්, නව රජය සමඟ සාධනීය ලෙස කටයුතු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන්දීය අමාත්‍යාංශය පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර තිබුණි.

ගුවන් යානයක් සූදානම් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කොබීර් කියා සිටියේ, "බංග්ලාදේශය එවැනි මනඃකල්පිත ඉල්ලීම් කිසිවක් සලකා බලන්නේ නැහැ," යනුවෙනි.

හසීනාට මරණ දඬුවම නියම කළ බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන අභිචෝදක අමිනුල් ඉස්ලාම් පැවසුවේ, වරදකරුවෙකු වී පලා ගිය පුද්ගලයෙකු තමන්ව නැවත ගෙන්වා ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ බවය.

හසීනා නැවත පැමිණියහොත් ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කරන බවත්, ඇයව නැවත ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යැවීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කිසිදු නිල සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් බංග්ලාදේශ අමාත්‍යවරයෙකු ඉරිදා රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

ඇයව බලයෙන් පහ කිරීමට තුඩු දුන් නොසන්සුන්තාව අතරතුර පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.