LSN News › Sri Lanka

ජ.වි.පෙ. දළදා මන්දිරේට බෝම්බ ගැහුවේ නෑ...“ මල්වතු මහා නායක හිමි මද්දුම බණ්ඩාර ඇතුළු සජබ කණ්ඩායමට ඉතිහාසය කියා දෙති!

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පෙරහර නවත්වන බව කි නමුත් එවැන්නක් සිදු නොවූ බවත්, සංඝයාවහන්සේ ඉලක්ක කරගෙන එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාර තුළ රජය සිටින බව පිළිගත නොහැකි බවත් රන්ජිත් මද්දුම බණ්ඩාර ප්‍රමුඛ සජබ දේශපාලකයින්ට පෙන්වා දුන් මල්වතු මහා නායක හිමි දළදා මන්දිරයට බෝම්බ ගැසීමේ චෝදනාව ජ.වි.පෙ මත පැටවෙන අයුරු අද රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත කියා දුන්හ.

LSN Sri Lanka · 12 October 2026

ජ.වි.පෙ. දළදා මන්දිරේට බෝම්බ ගැහුවේ නෑ...“  මල්වතු මහා නායක හිමි  මද්දුම බණ්ඩාර ඇතුළු සජබ කණ්ඩායමට ඉතිහාසය  කියා දෙති!

ශ්‍රී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කිසිදු අවස්ථාවක දළදා වහන්සේ වැඩ වාසය කරන ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල නොකළ බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපානෝ අද (12) උන්වහන්සේ බැහැදැකීමට පැමිණි සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවේ පැවසූහ.

මේ රජය වර්තමානයේ බෞද්ධ ශාසනය විනාශ කරන ආකාරය ගැන විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී දළදා මාළිගාවටත් බෝම්බ ගැසූ බව මල්මවතු මහා නායක හිමියන් අභියස පැවසූ රන්ජිත් මද්දුම බණ්ඩාරට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ ප්‍රකාශය කළහ.

දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ නොව එල්.ටී.ටී.ඊ සංවිධානය බවද උන්වහන්සේ පැවසූහ.

අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට සමගි ජනබලවේගය නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාර සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කවිරත්න, ජේ.සී අලවතුවල, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන් , චමින්ද්‍රාණ් කිරිඇල්ල ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

මුලින්ම මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක මේ කණ්ඩායම ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිතර වූහ.

එහිදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිස අතර දීර්ඝ කතා බහක් ඇතිවිය.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මේ සංවාදය ආරම්භ කරමින් මෙසේ පැවසුවේය.

“සංඝයා වහන්සේ සහ උන්වහන්සේලාගේ පූජකත්වය සම්බන්ධයෙන් තීරණ ගන්න ඕන මහනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවයි. බොහොම නරක තත්ත්වක් අද රටේ ඇතිවෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මහා සංඝරත්නයට බොහොම නරක විදිහට අපහාස උපහාස කරනවා. පක්ෂයක් විදිහට අපි අධිකරණ තීන්දු වලට ඇඟිලි ගහන්නේ නැහැ. නමුත් භික්ෂූවත්ය සම්බන්ධයෙන් තීන්දු ගන්න ඕන මහනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවයි. අද සමාජ මාධ්‍ය මගින් මහා සංඝරත්නයට විශාල ලෙස අපහාස කරනවා. “

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමිහියෝ රන්ජිත් මද්දුම බණ්ඩාර අමතා මෙසේ පැවසූහ.

“ මේවා සම්බන්ධයෙන් නීති හදනවා කියලා කියනවා“.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද සංවාදයට එක් විය. “ අද අපේ රටේ ඉන්නේ විධායක ජනාධිපතිවරයෙක්. ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිව්වා විධායක ජනාධිපතිවරයාට කරන්න බැරි පිරිමියෙක් ගැහැනියෙක් කරන එකත් ගැහැණියෙක් පිරිමියෙක් කරන එකත් විතරයි කියලා. වෙන ඕන දෙයක් විධායක ජනාධිපතිට කරන්න පුළුවන්. නව නීති හදන්න මාස දෙක තුනක් යනවා. “

මල්වතු මහනාහිමියන් ලක්ෂ්මන් කිරිඇල්ලටත් උත්තර දුන්හ.

“ ජනාධිපතිවරයා කිව්වා සති දෙකකින් මේක කරනවා කියලා. “

ලක්ෂ්මන් කිරිඇල්ල අත් නොහැර සිය ස්ථාවරය ඉදිරිපත් කළේය.

“ සති දෙකකින් නීති හදන්න බැහැ. පාර්ලිමේන්තුවට ගේන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. නව නීති සතියෙන් දෙකකින් හදන්න බැහැ. ජනාධිපතිවරයාට තිබුණේ නීති හදන තෙක් සුපුරුදු සිවුර ඇතිව ඥානසාර හිමියන්ට අධිකරණයට එන්න අවස්ථාව දෙන්නයි. විධායක ජනාධිපති ලෙස ඒක කරන් පුළුවන්. නීති හදන තෙක් පමණක් මේක කරන්නේ. ඒක නීතියක් නෙවෙයි. විධානයක් ලෙස කරන්න විධායක ජනාධිපතිට පුළුවන්.“

මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිස්කාංසුව පිළිතුරු දුන්හ.

“ජනාධිපතිතුමා එහෙම කරන්න කැමැති නැහැ වගේ.“

ලක්ෂ්මන් කිරිඇල්ල යළිත් කතා කතා කළේය.

“ ආණ්ඩුවේ ජනපදනම එන්න එන්නම අඩුවෙනවා. ඒ අඩුවෙන ඡන්ද ටික කොහෙන් හරි ගන්න ඕන. බෞද්ධ ශාසනයට කොනිත්තලා සුළු ජාතීන්ගේ හිත දිනාගන්න තමයි මේක කරන්නේ. බෞද්ධ ජනතාවට රිදවීමක් කළාම සුළු ජාතීන් කැමැති වෙයි කියලා මේ අය හිතනවා.“

ඒ සමගම රන්ජිත් මද්දුමබණ්ඩාත් කතාවට එක් වූයේය. “ඉතිහාසයේ ස්වාමින්ද්‍රයන් වහන්සේ විශාල පිරිසක් මේ අය ඝාතනය කළා. මේ දවස් වල සමාජ මාධ්‍ය මගින් හාමුදුරුවන්ට අපහාස කරනවා. මේක සම්බුද්ධ ශාසනයට කැලලක්. නිරාගමික රාජ්‍යයක් කරන්න තමයි මේ අයට අවශ්‍යය වෙලා තියෙන්නේ. “

මහනායක හිමි යළිත් කතා කරන්නේ සන්සුන්වය.

“ මේවා කරන්නේ කවුද කියලා හොයන්න බැහැනේ. තහනම් කරන ක්‍රමවේදයක් නැහැනේ.“

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා එවිට කීවේ මෙවැන්නකි.

“ජවිපෙට සම්බන්ධ බලකාය තමයි මේක කරන්නේ. දේශපාලනඥයෙක් මොනවා හරි කිව්වත් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක ගහනවා. නායක හිමිවරු මොනවා හරි කිව්වත් ඒකටත් ගහනවා. ආණ්ඩුව තමයි මේක කරන්නේ. විපක්ෂයට හෝ ජනතාවට මේක කරන්න වුවමනාවක් නැහැ. “

මල්වතු මහනායක හිමි අවධාරණයෙන් මේ පිරිස දෙස බැලූහ.

“සමාජයේ නොයෙකුත් අය ඉන්නවා. අපිට මේක කරන්නේ මේ අය කියලා කියන්න බැහැ. පක්ෂ වලට සම්බන්ධ නැති තක්කඩි වැඩ කරන අයත් ඉන්නවා. අපි නම් හිතුවේ සමාජ මාධ්‍යයට මේ දාන එක නතර කරන්න කටයුතු කරන්න ඕන කියලයි. මේක නතර කරන්න ක්‍රමවේදයක් නැහැ කියලා තමයි කිහිප දෙනෙක් පැවසුවේ. ඒක ප්‍රශ්නයක්. දැන් චීනයේ මේවා නැහැ. පාලනය කරලා තියෙන්නේ. “

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ තමන් බලයේ සිටිද්දී සදාචාරාත්මකව හැසිරුණ බවය.

“අපි බලයේ සිටිත්දී මුහුණ පොතේ මේ වගේ දේවල් වැටුණේ නැහැ. මේ ආණ්ඩුව යටතේ තමයි මේ විදිහට බය නැතුව අපහාස කරන්නේ. මේ අයට මඩ බලකායක් ඉන්නවා. “

මල්වතු මහනාහිමි මද්දුමබණ්ඩාරගේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසූහ.

“මේවා කරන්නේ ආණ්ඩුවමයි කියලා අපිට කියන්න බැහැ. කවුරු කළත් ඒක හොඳ නැහැ. “

එවිට ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මේක ආණ්ඩුවේම වැඩක් බවය.

“ආණ්ඩුවේ ආකල්ප මොනවාද කියලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලනවා. ආණ්ඩුවේ ආකල්පය මත සමාජ මාධ්‍ය පෙළ ගැහෙනවා. ආණ්ඩුව බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පියවරක් ගන්නේ නැත්නම්, භික්ෂුන් ආරක්ෂා කරන්නත් සිවුරට ගරු කරන්ත් පියවර නොගන්නවා නම් සමාජ මාධ්‍යයත් ඒ මාර්ගයේ යනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ.“

එවිට මල්වතු මහා නායක හිමි කළ ප්‍රකාශයට කණ්ඩායමේ ඇතැමුන් තිගස්වෙනු පෙනුණි.

“ජනාධිපතිතුමාටත් සිවුරක් අන්දලා තියෙන්වා මම දැක්කා. ආණ්ඩුවම කරනවා කියලා කියන්න බැරි ඒ නිසයි. “

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සිය ප්‍රවේශය අත් හැරියේම නැත.

“මේ ආණ්ඩුව පටන් ගත්තේම නිරාගමික කතාවකින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා.“

මල්වතු මහනායක හිමි ඊට පිළිතුරු දුන්නේ මද්දුමබණ්ඩාරට කට උත්තර නැතිවන ලෙසය.

“ඕවා කොච්චර දුරට ඇත්තද කියන්න බැහැ. මේ අය බලයට ආවොත් පෙරහර නතර කරනවා කිව්වා. කෝ නතර වුණේ නැහැනේ. ඔය කරගෙන යන්නේ. වෙනත් ආගමික උත්සව වලටත් එතුමන්ලා සහභාගි වෙනවා. “

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මල්වතු මහා නායක හිමියන්ට කිවේ ඒ උනත් මේ ආණ්ඩුවේ ඉන්නේ බෞද්ධ විරෝධීන් බවය.

“ මේ අය කතරගම පෙරහරට බෝම්බ ගැහුවා. දළදා මාලිගාවට බෝම්බ ගැහුවා.“

මල්වතු මහනාහිමි ඊට නම් මද්දුම බණ්ඩාරට දුන් පිළිතුර මේ පැමිණි පිරිස කිසිසේත්ම බලාපොරොත්තු නොවුන බව පෙනුණි.

“මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ... කවුරුවත් විශ්වාස කරන්න බැහැ... අපි දන්නවා ඇත්ත... තුවක්කු නම් උදුර ගත්තා... උපන් දිනය සමරන්න කේක් කවලා මාලිගාවේ මුරට ඉන්න පොලිස් නිලධාරීන්ගේ තුවක්කු උදුර ගත්තා. මේ අය ඒල්.ටි.ටි ඊ වගේ බෝම්බ ගැහුවේ නැහැ. මේවා හිටපු දියවඩන නිලමේ නෙරංජන් කියන බොරු. සමහරු කියන්න දෙයක් නැති වුණාම බොරුවක් හරි කියනවා“

“දැන් බලන්න දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව ගැන කියන දේවල්. රජවරු ඉන්නකොට පූජා කළ කරඬුව ඉවත් කරලා වෙන එකක් දැම්මා කියලා විවේචනය කරනවා. එයා ඉන්නකොට මොකක්ද කළේ. ඕකේ ගෑවා ලැකර්. මගේ ළඟ පිංතූර තියෙනවා... හොඳ කරඩුවක් රත්තරං වලින් හදලා පූජා කරලා තියෙන්නේ. පරණ කරඬුව තියෙනවා. ඒක විකුණ ගත්තා වගේ කතා කරනවා. මාලිගාවේ හොඳ තැනක තියන්න සාකච්ඡා කරනවා. කොෟතුගාරයේ තියනවාද පහළ වෙනත් තැනක තියනවාද කියලා තීන්දු කරනවා. කිසි වරදක් වෙලා නැහැ. බොරුවට කෑගහනවා.“

“කියන්න කරන්න දෙයක් නැති වුණාම බොරු හදලා කියනවා. එදා තිබුණු පිත්තල පාත්‍ර වෙනුවට දැන් තියෙන්නේ දැන් රත්තරන් පාන්තර. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපි ඒක අගය කළ යුතුයි. “

අප දුටුවේ ඇද වී විපක්ෂ දේශපාලන කණ්ඩායමේ මුහුණු බව වාර්තා කර තැබිය යුතුය.

සමගි ජනබලවේගයේ නියෝජිත පිරිස අස්ගිරි පාරශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද බැහැදැක අදාළ කරුණු ඉදිරිපත් කළේය. එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමිපණන් වහන්සේද සහභාගි වූහ.