LSN News › Sri Lanka

ආයෝජකයන්ගෙන් කප්පම් ගන්නා චීන අපරාධකරුවෙක් අත් අඩංගුවට.... පෝට් සිටිය චීන අපරාධකල්ලිවල ගොදුරු බිමක් වීමට පෙර තබන සටහනකි...

වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි ප්‍රධාන විදේශීය කොටස්කරුවා වන්නේ චීනය ය. මෙම විශේෂ තත්ත්වය, ලිහිල් වීසා ප්‍රතිපත්තිය සහ අග්නිදිග ආසියාතික රටවල් (කාම්බෝජය සහ මියන්මාරය වැනි) සයිබර් අපරාධකරුවන්ට එරෙහිව දැඩි මර්දනකාරී පියවර ගැනීම යන කරුණු හේතුවෙන්, දකුණු ආසියාව දෙසට – විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දෙසට – මෙම අපරාධ ජාලයන්ගේ අවධානය යොමු වී ඇත.

LSN Sri Lanka · 13 October 2026

ආයෝජකයන්ගෙන් කප්පම් ගන්නා චීන අපරාධකරුවෙක් අත් අඩංගුවට.... පෝට් සිටිය චීන අපරාධකල්ලිවල ගොදුරු බිමක් වීමට පෙර තබන සටහනකි...

කොළඹ වරාය නගරයේ (Port City) ප්‍රමුඛ පෙළේ ආයෝජකයින්ගෙන් බලහත්කාරයෙන් කප්පම් ලබාගැනීමේ ජාවාරමකට සම්බන්ධ චීන ජාතිකයෙකු ඊයේ (12) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය.

මූලික විමර්ශනවලින් අනාවරණය වන පරිදි අත් අඩංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 04 ක් තිබූ බව වාර්තා වේ. මෙම ලේඛන භාවිතයෙන් ඔහු දීර්ඝ කාලයක් රට තුළ රැඳී සිට තිබේ. ඔහුගෙන් දිගින් දිගටම එල්ලවන තර්ජන සහ කප්පම් ඉල්ලීම් හේතුවෙන් වින්දිත පාර්ශව අවසානයේ නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර ඇත. සැකකරු අත් අඩංගුවට පත් වන්නේ ඒ අනුවය.

මේ අත්අඩංගුවට ගැනීම, හුදකලා සිදුවීමක් නොවේ. එය 2026 ජූලි මාසයේ වරාය නගර භූමිය තුළ සිදුවූ අමානුෂික ඝාතනයත්, ශ්‍රී ලංකාව වෙළාගනිමින් පවතින චීන ජාතිකයන් ප්‍රමුඛ සයිබර් වංචා ජාලයන්ගේ ව්‍යාප්තියත් අතර පවතින ගැඹුරු සබඳතාව එළිදරව් කරන ප්‍රබල සාක්ෂියකි.

මුලින් කී ආකාරයට මෙම සැකකරු චීනයේ ප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලියක නියෝජිතයෙකු බවට පොලිස් විමර්ශන මගින් තහවුරු කරගෙන ඇත. මේ ඔස්සේ මතුවන බරපතලම පැනය වන්නේ, අතිනවීන මූල්‍ය හා ආයෝජන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙන වරාය නගරය, ජාත්‍යන්තර අපරාධ කල්ලිවලට බාධාවකින් තොරව සැරිසැරීමට හැකි අඳුරු තෝතැන්නක් බවට පත්වෙමින් තිබෙන්නේද යන්නය.

ජූලි ඝාතනයෙන් එළිදරව් වූ පාතාල ක්‍රියාකාරකම්

2026 ජූලි 22 වන දා අලුයම වරාය නගරයේ පාලම (Suspension Bridge) අසලදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගත්තේය. එකලස් කරන ලද වෑන් රථයකින් පැමිණි 20 කට ආසන්න සන්නද්ධ පිරිසක්, එහි ධීවර කටයුතුවල යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළහ. ගිනි අවි (එයාර් පිස්ටල්) පෙන්වා බියගන්වා, වින්දිතයන්ගේ අත්පා බඳින ලද සන්නද්ධ පිරිස, ඔවුන්ගෙන් එක් අයෙකු පැහැරගෙන ගොස් තිබිණි.

පසුව කරන ලද සෝදිසි කිරීම්වලදී, එම පැහැරගත් පුද්ගලයාගේ මළසිරුර ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ ඝන කැලෑබද ගල් ගොඩක් යට සඟවා තිබියදී සොයාගන්නා ලදී. බහුවිධ පහරදීම්වලින් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ හාවෝ සොං (Hao Song / Hao Zong) නමැති චීන ජාතිකයාය. විමර්ශන මගින් අනාවරණය වූයේ ඔහු චීන සංවිධානාත්මක පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම, සයිබර් වංචා හරහා කෝටි ගණනින් මුදල් උපයාගත් ජාවාරම්කරුවෙකු බවය. සුරිනාම් රාජ්‍යයේ (Suriname) විදේශගමන් බලපත්‍රයක් යොදාගනිමින් කාම්බෝජයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඔහු ළඟ තිබී ව්‍යාජ යැයි සැකකෙරෙන කාම්බෝජ විදේශගමන් බලපත්‍රයක් ද සොයාගන්නා ලදී. කිසිදු නීත්‍යානුකූල රැකියාවක නිරත නොවූ මොහුගේ ඝාතනයට ආසන්නතම හේතුව වී ඇත්තේ, සයිබර් අපරාධවලින් උපයාගත් නීතිවිරෝධී ආදායම් බෙදාගැනීම සම්බන්ධයෙන් හටගත් අභ්‍යන්තර ආරවුලකි.

ඝාතනයෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ රටින් පලායාමට තැත් කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ පසුව සීගිරිය ප්‍රදේශයේ සැඟව සිටි තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මෙම සිදුවීමට සම්බන්ධ අටදෙනෙකුගෙන් යුත් කල්ලිය හඳුනාගෙන ඇති අතර, චීන තානාපති කාර්යාලයේ සහ ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ඇතිව පරීක්ෂණ පුළුල් කර ඇත.

මෙය සාමාන්‍ය පෞද්ගලික ආරවුලක් නොව, සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ කල්ලියක් තුළ සිදු වූ අභ්‍යන්තර බල පොරයක ප්‍රතිඵලයක් බව නීතිය බලාත්මක කරන ආයතන නිගමනය කර තිබේ.

සයිබර් ජාවාරම සහ කප්පම් ගැනීමේ යටිතල ව්‍යූහය

මෙම චීන ජාතිකයන් බහුතරයක් ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ සංචාරක හෝ ව්‍යාපාරික වීසා බලපත්‍ර උපයෝගී කරගනිමිනි. වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැඳී සිටින ඔවුහු, තරු පහේ හෝටල්, සුඛෝපභෝගී මහල් නිවාස සහ කුලී නිවාස මධ්‍යස්ථාන කරගනිමින් නීතිවිරෝධී සයිබර් ඇමතුම් මධ්‍යස්ථාන (Boiler Rooms) පවත්වාගෙන යති. ඉහළ වැටුප් සහිත රැකියා සිහින පෙන්වමින් තරුණයන් මෙරටට ගෙනවිත්, බලාත්කාරයෙන් සයිබර් මූල්‍ය වංචාවල යෙදවීම මොවුන්ගේ ප්‍රධාන ක්‍රමවේදයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2021 සිට 2026 ජූලි දක්වා සිදුකරන ලද ප්‍රධාන වැටලීම්වලදී අත්අඩංගුවට ගත් 408 දෙනාගෙන් 284 දෙනෙකුම (70% කට ආසන්න ප්‍රමාණයක්) චීන ජාතිකයන් වීම විශේෂත්වයකි. 2026 වසරේ මුල් මාස හත තුළ පමණක් අත්අඩංගුවට ගත් පිරිසෙන් ශ්‍රී ලාංකිකයන් හැරුණු විට බහුතරය චීන ජාතිකයන් වේ.

මෙම ජාවාරම්වලින් උපයන මහා පරිමාණ නීතිවිරෝධී මුදල්, බලය පැතිරවීම, සහ ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් මාරු කරවාගැනීම් වැනි අභ්‍යන්තර ගැටුම්, අවසානයේ පැහැරගැනීම් සහ ඝාතන දක්වා වර්ධනය වේ. වර්තමානයේ සිදුවන අලුත්ම පරිණාමය වන්නේ, මෙම අපරාධ කල්ලි වරාය නගරයේ ආයෝජකයන්ගෙන් සෘජුවම කප්පම් ගැනීමේ මට්ටමට පැමිණ තිබීමය. ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට "ආරක්ෂාව සපයන" බව පවසමින් මුදල් කඩාවැඩීම (Protection Racket), ලොව පුරා සංවිධානාත්මක පාතාල කල්ලි භාවිත කරන ප්‍රකට උපක්‍රමයකි.

වරාය නගරය අපරාධ කේන්ද්‍රස්ථානයක් වීමේ අවදානම

වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි ප්‍රධාන විදේශීය කොටස්කරුවා වන්නේ චීනය ය. මෙම විශේෂ තත්ත්වය, ලිහිල් වීසා ප්‍රතිපත්තිය සහ අග්නිදිග ආසියාතික රටවල් (කාම්බෝජය සහ මියන්මාරය වැනි) සයිබර් අපරාධකරුවන්ට එරෙහිව දැඩි මර්දනකාරී පියවර ගැනීම යන කරුණු හේතුවෙන්, දකුණු ආසියාව දෙසට – විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දෙසට – මෙම අපරාධ ජාලයන්ගේ අවධානය යොමු වී ඇත.

ජූලි ඝාතනයෙන් පසු පූර්ණ විමර්ශනයක යෙදුණු ආරක්ෂක අංශ සහ මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, නීතිමය සිදුරු සහ අධීක්ෂණ දුර්වලතා හේතුවෙන් වරාය නගරය චීන අපරාධ කල්ලිවල ප්‍රධාන මූලස්ථානයක් බවට පත්වීමේ බරපතල තර්ජනයක් පවතින බවය. මුදල් විශුද්ධිකරණය (Money Laundering), ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් මින් මතුවන ප්‍රධාන අනතුරුවලින් කිහිපයකි.

මේ වන විට සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට (Deport) බලධාරීන් කටයුතු කර ඇත. චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර යම් සහයෝගීතාවක් පැවතියද, වරාය නගරය වැනි විශේෂ ආර්ථික කලාප තුළ නීතිය බලාත්මක කිරීමේ සහ නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණය දැඩි නොකළහොත්, මෙම ජාත්‍යන්තර අපරාධ ජාලයන් මෙරට තුළ ස්ථාවර මුල් ඇදගැනීම වැළැක්විය නොහැක.

අප තේරුම් ගත යුත්තේ මෑතකදී සිදු වූ අත්අඩංගුවට ගැනීම්, ජූලි මාසයේ ඝාතනය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල දත්ත සැසඳීමේදී අතිශය අනතුරුදායක යථාර්ථයක් මතුවන බවය. එනම්, චීන සංවිධානාත්මක පාතාල කල්ලි ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආශ්‍රිත භූමිය, තම ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් කරගනිමින් ඇති බවය.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් ආරම්භ කළ ආයෝජන ව්‍යාපෘතියක්, නීති බලාත්මක කිරීමේ අඩපණකම් සහ වීසා පාලනයේ පවතින ලිහිල් බව හේතුවෙන් ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ගොදුරු බිමක් බවට පත්වීමේ අවදානම ජාතික ආරක්ෂාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර විශ්වසනීයත්වයට ද එල්ල වන බරපතල තර්ජනයක් වෙමින් ඇත.

මේ පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එළිදකින තොරතුරු මගින් මෙම ජාත්‍යන්තර අපරාධ ජාලයේ තවත් අඳුරු පැතිමානයන් රැසක් අනාවරණය වනු ඇත.