අද දවසේ රට පුරා තද වැසි: නායයෑම් සහ අකුණු අනතුරු පිළිබඳ සූදානමින් සිටින්න!
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගගුරම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
LSN Sri Lanka ·

අග්නිදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (2026 ඔක්තෝබර් 13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා මෙන්ම දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගගුරම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

තද සුළං සහ අකුණු

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් මෙන්ම නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං ඊසාන දෙසින් හෝ වෙනස් වන දිශාවලින් පැයට කිලෝමීටර 20-30 ක පමණ වේගයකින් හමා යනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර 60-70 දක්වා වන තාවකාලික තද ප්‍රචණ්ඩ සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

ඔක්තෝබර් 12 වන දින නිකුත් කරන ලද විශේෂ කහ පැහැති කාලගුණ නිවේදනයකට අනුව, පළමු පැය 144 තුළ මෙම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වීමේ හැකියාවක් නොමැති අතර, පසුව ද ඒ සඳහා පවතින්නේ අඩු සම්භාවිතාවකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම පද්ධතිය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත.

නායේ යෑමේ අවදානම

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් නායයෑම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ද විමසිලිමත් විය යුතුය.

මීට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති 2 වන මට්ටමේ (තැඹිලි/අනතුරු ඇඟවීම්) අනතුරු ඇඟවීම් සහ බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති 1 වන මට්ටමේ (කහ/විමසිලිමත්) අනතුරු ඇඟවීම් ඇතුළත් වේ (මෙම අනතුරු ඇඟවීම් ඔක්තෝබර් 13 වන දින පස්වරු 4.00 දක්වා වලංගු වේ).

තද වැසි, තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට නිල යාවත්කාලීන කිරීම් සමීපව අනුගමනය කරන ලෙස සහ අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සැමට උපදෙස් දෙයි.