LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: අංජල බණ්ඩාරට මංගල ටෙස්ට් කැඳවීමක්

මෙම සංචිතය සඳහා නැගී එන ක්‍රීඩක අංජල බණ්ඩාර මංගල ටෙස්ට් වරම් සඳහා කැඳවා තිබීම විශේෂත්වයකි. අංජල බණ්ඩාර සංචිතයට එක් වන්නේ කඩුළු රකින පිතිකරුවෙක් ලෙසිනි. වමතින් දඟපන්දු යවන පිිතිකරුවෙක් වූ කේෂර නුවන්ත ද සංචිතයට කැඳවා තිබේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම ටෙස්ට් සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබේ.

LSN Sri Lanka · 13 October 2026

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: අංජල බණ්ඩාරට මංගල ටෙස්ට් කැඳවීමක්

පකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සංචිතය සඳහා නැගී එන ක්‍රීඩක අංජල බණ්ඩාර මංගල ටෙස්ට් වරම් සඳහා කැඳවා තිබීම විශේෂත්වයකි. අංජල බණ්ඩාර සංචිතයට එක් වන්නේ කඩුළු රකින පිතිකරුවෙක් ලෙසිනි. වමතින් දඟපන්දු යවන පිිතිකරුවෙක් වූ කේෂර නුවන්ත ද සංචිතයට කැඳවා තිබේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම ටෙස්ට් සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබේ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහු තරගාවලිය සඳහා කණ්ඩායම සමග එක්වීම ශාරීරික යෝග්‍යතාවය සහ වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බව නිවේදනය කර ඇත.

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (2025-2027) චක්‍රයට අයත් මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 09 වැනිදා රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතය.

පකිස්ථාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

1. පැතුම් නිශ්ශංක

2. පසිඳු සූරියබණ්ඩාර

3. දිනේෂ් චන්දිමාල්

4. කමිඳු මෙන්ඩිස්

5. සොනාල් දිනූෂ

6. කුසල් මෙන්ඩිස් (නායක)

7. ධනංජය ද සිල්වා

8. අංජල බණ්ඩාර

9. කේෂර නුවන්ත

10. ප්‍රභාත් ජයසූරිය

11. මිලාන් රත්නායක

12. ළහිරු කුමාර

13. අසිත ප්‍රනාන්දු

14. දිල්ෂාන් මධුෂංක

15. එෂාන් මාලිංග