LSN News › Sri Lanka

ශිරන්ති බන්ධනාගාරයේ සිටිය දී බන්ධනාගාරගත නාමල් සහ ඇප පිට සිටින යෝෂිත අද අධිකරණය ඉදිරියට....

ක්‍රිෂ් (Krrish) ගනුදෙනුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවීමට නියමිතව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන විත් ඇත. යෝෂිත කැඳවා ඇත්තේ සුදුසුකම් නැතිව නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙක් ලෙස බඳවා ගැනීමේ සිද්ධියට අදාලවය.

LSN Sri Lanka · 13 October 2026

ශිරන්ති බන්ධනාගාරයේ සිටිය දී බන්ධනාගාරගත නාමල් සහ ඇප පිට සිටින යෝෂිත අද අධිකරණය ඉදිරියට....

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන දෙදෙනාම අද (ඔක්තෝබර් 13) දිනයේ අධිකරණ කටයුතු සඳහා පෙනී සිටියහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කර ඇති නඩු සම්බන්ධයෙන් මෙම පෙනීසිටීම් සිදු විය.

නාමල් රාජපක්ෂ (රක්ෂිත බන්ධනාගාරගතව)

ක්‍රිෂ් (Krrish) ගනුදෙනුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවීමට නියමිතව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන විත් ඇත.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩු දෙකකට අදාලව නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරගත කළේය.

•එයාර්බස් ගනුදෙනුවට අදාළව (රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට චෝදනා) ඔක්තෝබර් 13 දක්වාත්,

•ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව (කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය ක්‍රිෂ් සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට චෝදනා) ඔක්තෝබර් 6 දක්වාත් ඔහු බන්ධනාගාරගත වන්නේය.

ඔක්තෝබර් 6 වැනිදා ක්‍රිෂ් නඩුවේදී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන (ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරිය) යන දෙදෙනාම ඔක්තෝබර් 16 දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලද අතර ඇප ඉල්ලීම් පිළිබඳ තීරණය එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 4 සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මින් පෙර ඇප ලබා දී තිබුණද අනෙකුත් නඩුවල රිමාන්ඩ් නියෝග හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටී. අද දින කැඳවන නඩු අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ඒවාය.

නාමල්ගේ එයාර් බස් නඩු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ ඔහුට නඩු දෙකක් ගොනු විය. එක් නඩුවකට මුදල් විශුද්ධිකරණ චෝදනා මත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. සැප්තැම්බර් 30 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට ඇප ලබා දුන්නේය. ඒ, රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 500,000ක මුදල් ඇපක් යටතේය. විදේශ ගමන් තහනමක්ද පනවා ඇත. මෙම නඩුව ඔක්තෝබර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.

දෙවැනි නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කර ඇති වෙනම නඩුවකි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත. සැප්තැම්බර් 29 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අද (ඔක්තෝබර් 13) මෙම නඩුව යළි කැඳවීමට නියමිතව ඇති අතර, රිමාන්ඩ් කාලය අවසන් වන දිනය වන බැවින් ඇප ඉල්ලීමක් සලකා බැලීමට නියමිතය. අද දෙවැන් එයාර් බස් නඩුවටත් ඇප ලැබුණ ද නාමල් 16 වැනිදා දක්වා දිගටම රක්ෂිත බන්ධනාගාරයේ පසුවනු ඇත.

යෝෂිත රාජපක්ෂ

යෝෂිත රාජපක්ෂ අද නඩු කටයුත්තක් සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත. මෙය නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීම සහ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ (Britannia Royal Naval College) පාඨමාලාවකට රාජ්‍ය මුදල් වැය කර සහභාගි කරවීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අදාළය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සමඟ එකට චෝදනා එල්ල වී ඇති මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා අද (ඔක්තෝබර් 13) කැඳවීමට නියමිතව ඇත. ඒ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ ය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක පාර්ශ්වය විසින් සාක්ෂි පිටපත් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබිණි. යෝෂිත රාජපක්ෂ ඇප මත සිටින අතර විදේශ ගමන් තහනමක් පනවා ඇත.