LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ආශ්චර්යයක් තබා වැස්සක්වත් නැත... ඉතින් අප ලකුණු 165කින් පරාදය....

LSN Sri Lanka · 19 August 2026

ආශ්චර්යයක් තබා වැස්සක්වත් නැත... ඉතින් අප ලකුණු 165කින් පරාදය....

ආශ්චර්යයක් පහළ වුනේ නැත. අඩුම තරමින් උදේ වරුවේ වැස්සේවත් නැත. ඉතින් අප පරාදය. ගාල්ලේ පැවැති 50 වැනි ටෙස්ට් තරගය අප පරදින්නේ ලකුණු 165කිනි. කෙසේ වෙතත් ආසියාවේ ටෙස්ට් තරග 50කට සත්කාරකත්වය සැපයූ ප්‍රථම ක්‍රීඩාංගණය බවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉතිහාසයට එක්වූනේය. එයත් ඇතිය.

සිය දෙවැනි ටෙස්ට් තරගයට සහභාගීවන ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක මානව් සුතාර් දෙවැනි ඉනිමේ දී ලකුණු 55ට ශ්‍රී ලංකා කඩුළු 06ක් දවා ගනිමින් අපේ පිතිකරණය සුන් කර දැම්මේය. මුල් ඉනිමේ දීත් කඩුළු 04ක් දවා ගැනීමට මානව් සුතාර් සමත් විය. ඔහු තරගයේ දී කඩුළු 10ක් දවා ගත්තේය.

ඊයේ ලකුණු 47කට ශ්‍රී ලංකා කණ්ඩායමේ 1, 2, 3, 4, පිතිකරුවන් සිවු දෙනාම දැවී ගොස් සිටි අවස්ථාවේ දී මැද පෙළ සාර්ථක පිතිකරණයක යෙදුන ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. අද ධනංජය ද සිල්වා දැවී යන්නේ ලකුණු 59ක් ලබා සිටියදී ය.

මුල් ඉනිමේ ශතක ලාභී සොනාල් දිනූෂ අදත් විශිෂ්ඨ ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළේය. දිනූෂ දෙවැනි ඉනිමේදී දැවී යන්නේ ශතකය දකිමිනි. ඔහු ලකුණු 84ක් රැස් කරගත්තේය. අංක 08 පිතිකරු කේශර නුවන්ත ලකුණු 20ක් ලබා ගත්තේය. නිරෝෂන් දික්වැල්ල ලබා ගන්නේ ලකුණු 10කි.

සාරාංශය -

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 462ක් රැස් කළේය. දෙව්දූත් පඩික්කාල් ලකුණු 167ක් ලබා ගත්තේය. කේ.එල් රාහුල් ලකුණු 82කි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 284ක් පමණි. මුල් පෙළ පිතිකරුවන් පස් දෙනාම නොදරුවන් ලෙසින් දැවී යද්දී සොනාල් දිනූෂ සහ නිරෝෂන් දික්වැල්ල තරගය ඉනිමකින් පරාජය වීමේ අවදානම නැති කළහ. සොනාල් දිනූෂ විශිෂ්ඨ ලකුණු 100ක් රැස් කළේය. වසර තුනකට පසු ටෙස්ට් කණ්ඩායමට පැමිණි දික්වැල්ල ලකුණු 80ක් ලැබුවේය.

අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානුවන් ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. රිෂාඩ් පාන්ට් වේගවත් ලකුණු 66ක් රැස් කළේය. රාහුල් ලකුණු 35කි. දේව්දූත් පඩික්කල් 44කි. නමුත් ඉන්දියාව පිතිකරණය ආරම්භ කළේ ලකුණු 178ක් ඉදිරියෙන් සිටය. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ගාල්ලේ දී ලඟා විය නොහැකි ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 206කට සීමා කරමින් ඉන්දියාව තරගයේ ජය තහවුරු කරගත්තේය.

දැන් ක්‍රිකට් බලන අපට දැන් අපේ කට්ටියට ඉන්දියාව වගේ ක්‍රීඩා කිරීමට උපදෙස් දී තේරුමක් නැත. අප ඉන්නේ බොහොම කොට තැනකය. අඩුම තරමින් බංගලි කණ්ඩායම වගේ සෙල්ලම් කරන්නට බැරිනම් ඒ ලඟින් යන්නට හෝ දෙවැනි තරගය ක්‍රීඩා කරනු ඇතැයි අපේ ප්‍රාර්ථනාවය.