සෞදි ශ්රේෂ්ඨාධිකරණයෙන් අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ඉවත් කෙරෙයි!
2026 ඔක්තෝබර් 13 වන දින මෙම සුවිශේෂී තීන්දුව ලබා දී ඇති අතර, මෙය ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්ය තාන්ත්රික හා නීතිමය ප්රයත්නයන්හි විශිෂ්ට ප්රතිඵලයක් බව නියෝජ්ය විදේශ කටයුතු ඇමති අරුන් හේමචන්ද්ර පැවසීය.
LSN Sri Lanka ·

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ එම මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
</p>
<p>
2026 ඔක්තෝබර් 13 වන දින මෙම සුවිශේෂී තීන්දුව ලබා දී ඇති අතර, මෙය ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්ය තාන්ත්රික හා නීතිමය ප්රයත්නයන්හි විශිෂ්ට ප්රතිඵලයක් බව නියෝජ්ය විදේශ කටයුතු ඇමති අරුන් හේමචන්ද්ර පැවසීය.
</p>
<p>
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, මෙම සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට සිය ගෞරවනීය ස්තූතිය පිරිනමන බවයි.
</p>
<p>
එමෙන්ම, මෙම නීතිමය සහ රාජ්ය තාන්ත්රික ක්රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් මෙන්ම ශ්රී ලාංකික හා සෞදි නීතිඥ කණ්ඩායම් වෙතද නියෝජ්ය අමාත්යවරයා සිය හදපිරි ප්රසාදය පළ කර සිටියේය.
</p>
<p>
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/843264582_1545858254226935_5550024541158901096_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx677x290&ctp=s677x290&_nc_cat=107&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=-p6k3ywa4aEQ7kNvwH72qAo&_nc_oc=AdoCNJtr-71TRajO20RYJ_5MsrEwlEGYSY-0CHU48JOOJ2OLjI_Py4b3nPqTy9a2aCs&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=_Pq7jKZk_YxBUcZTWM4-sA&_nc_ss=7a2a8&oh=00_AQOyHY8JBK4SxRCyxD_ifa1ya4h_7UkeZ5U9e9DNWvfGzg&oe=6AD4DACC" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>
සෞදි අරාබියේ සේවය කරමින් සිටි අනෝජන් සිවරාසා නැමැති මෙම ශ්රී ලාංකික තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ සමාජ මාධ්ය ඔස්සේ ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් සටහනක් පළ කළ බවට චෝදනා කරමිනි. සෞදි අරාබියේ සයිබර් අපරාධ නීතිය යටතේ පවරා තිබූ නඩුවකට අදාළව ඔහුට මුලින්ම වසර 5ක සිරදඬුවමක් නියම වූ අතර, පසුව නීතිපතිවරයාගේ ඉල්ලීම මත ශරියා නීතිය යටතේ නඩුව නැවත විභාග කරමින් සෞදි අභියාචනාධිකරණය විසින් ඔහු වෙත මෙලෙස මරණ දඬුවම නියම කර තිබුණි.