LSN News › Sri Lanka

බන්ධනාගාරගත භික්ෂූන්ගේ ඇඳුම: රජයේ කමිටුව ප්‍රශ්නය යට ගැසීමේ වංක ප්‍රයත්නයක් – එජාපයෙන් නිවේදනයක්!

මේ කරුණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන්ව පවතී. ඒ පිළිබඳව බන්ධනාගාර පනතේ නිතය නියෝග 550 හි දක්වා ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

LSN Sri Lanka · 14 October 2026

බන්ධනාගාරගත භික්ෂූන්ගේ ඇඳුම: රජයේ කමිටුව ප්‍රශ්නය යට ගැසීමේ වංක ප්‍රයත්නයක් – එජාපයෙන් නිවේදනයක්!

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටිය යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට රජය ගන්නා ප්‍රයත්නය හිතාමතා ප්‍රශ්නය යට ගැසීමට සහ තවත් ඇදගෙන යාමට ගත් වංක ප්‍රයත්නයක් බැවින් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන් සහ සංඝ සභාව හමුවට ගොස් සමාව ඇයැද සිටීම බව ද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් දන්වා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙවැනි කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස් බැන්දුමක් බවත්, එවැන්නක කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්ය. ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මීට පෙර පැහැදිලිවම පෙන්වා දී ඇති බව එම නිවේදනය දක්වයි.

එහි මෙසේද දැක්වෙයි.

මේ කරුණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන්ව පවතී. ඒ පිළිබඳව බන්ධනාගාර පනතේ නිතය නියෝග 550 හි මෙසේ දක්වා ඇත:

•"යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරනු ලැබූ සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් (සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය."

•"බන්ධනාගාර වීමට ප්‍රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැලපෙන වස්තුවක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය."

බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මග පෙන්වීමක් කර තිබියදී, ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම හරහා රජය ගන්නා උත්සාහය එක්සත් ජාතික පක්ෂයේ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇත.

අනතුරුව රජයට ඥානසාර හිමිගේ සිවුර ගැලවීම සම්බන්ධව සංඝයාවහන්සේගෙන් සමාව ගන්නා ලෙස ද එක්සත් ජාතික පක්ෂයය යෝජනා කරයි.