බන්ධනාගාර ආඥාපනතේ නව සංශෝධන පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති ලේකම් වෙත භාර දෙයි!
ත්රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය 08 වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, අදාළ කරුණු අධ්යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරිණි.
LSN Sri Lanka ·

බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙනු ලැබීය.
</p>
<p>
ත්රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය 08 වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, අදාළ කරුණු අධ්යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරිණි.
</p>
<p>
ඒ අනුව, භික්ෂුන්වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසිවලට අදාළ සංශෝධිත යෝජනා මෙසේ ඉදිරිපත් කර තිබේ.
</p>
<p>
කමිටු සභාපති ලෙස කටයුතු කළ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර විසින් වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත භාරදෙනු ලැබූ අතර, කමිටු සාමාජිකයන් වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.