LSN News › Sri Lanka

ඉන්ෆ්ලුවන්සා පැතිරීමේ වැඩිවීමක්: ගර්භනී මව්වරුන්ට, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට විශේෂ අවධානයක් යොමුකරන්න – වසංගත රෝග විද්‍යා අංශය!

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාව සහිතව ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් ලබාගත් සෙම පටල සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේදී පරික්ෂාවට ලක්කිරීමේදී, ඉන් සියයට තිස්පහක්ම (35%) ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වූවන් බව හෙළි වී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය

LSN Sri Lanka · 14 October 2026

ඉන්ෆ්ලුවන්සා පැතිරීමේ වැඩිවීමක්: ගර්භනී මව්වරුන්ට, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට විශේෂ අවධානයක් යොමුකරන්න – වසංගත රෝග විද්‍යා අංශය!

මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් ගර්භනී මව්වරුන්, නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් සහ කුඩා දරුවන් වඩාත් ආරක්ෂාකාරී වන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේලි සඳහන් කරයි.

</p>

<p>

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාව සහිතව ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් ලබාගත් සෙම පටල සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේදී පරික්ෂාවට ලක්කිරීමේදී, ඉන් සියයට තිස්පහක්ම (35%) ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වූවන් බව හෙළි වී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.

</p>

<p>

මෙම රෝග ලක්ෂණ දින තුනකින් හෝ හතරකින් සුව වන බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව පෙන්වාදෙන ඒ මහතා, ඇඳ විවේක ගැනීම, ජනගහනය වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත නොයෑම සහ ආසාදිත කුඩා දරුවන්ව පාසල් වෙත නොයවා නිවසේ තබා ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව සඳහන් කරයි.

</p>

<p>

මෙම රෝගය ආසාදිතයෙකුගේ කෙළ බිංදු මගින් හෝ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කිරීමෙන් ශ්වසන මාර්ගය හරහා බෝවන රෝගයක් බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේලි වැඩිදුරටත් පැවසීය.

</p>

<p>

මෙවැනි ආවේක්ෂණ කටයුතු රෝහල් 20ක් පුරා දෛනිකව සිදුකරමින් පැතිර යන්නාවූ වසංගත රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.