LSN News › Sri Lanka

හිරේ ගිය භික්ෂුවකට සිවුර අඳින්න පුලුවන්... සිවුරට යුක්තිය... ඉතින් දැන් හරි ද?

ඥානසාර හිමි බෞද්ධ ආගමික චිරස්ථිතිය සඳහා කළ ජීවිත කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරත වූයේ නැත. ඔහු සිරගත වන්නේ අධිකරණයට අපහාස කිරීමේ වරදකටය. අධිකරණයට අපහාස කිරීම නිසා නීත්‍යානුකූලව දඬුවම් විඳින පුද්ගලයෙකු වෙනුවෙන් ‘ශාසනික අයිතිවාසිකම්’ නාමයෙන් සමාජය තුළ විරෝධයක් ඇති කිරීමට දැරූ උත්සාහයත්, ඊට සමගාමීව සමාජ මාධ්‍ය හරහා මවන්නට හැදූ කෘත්‍රිම රැල්ලත් , අවසානයේ දී කනවැන්දුම් දේශපාලනයක බුන්බත් මතවාදී හැසිරීම නිරුවත් කර පෙන්වා තිබේ.

LSN Sri Lanka · 15 October 2026

හිරේ ගිය භික්ෂුවකට සිවුර අඳින්න පුලුවන්... සිවුරට යුක්තිය... ඉතින් දැන් හරි ද?

බන්ධනාගාරගත භික්ෂුවකට චීවරය ඇන්දවීමෙන් ශාසනික චිරස්ථිතියක් අපේක්ෂා කරන්නේත් චීවරයේ ගෞරවය ආරක්ෂා වන්නේත් භික්ෂූත්වයේ අභිමානය ආරක්ෂා වන්නේත් කෙසේ දැයි සමාජ සංවාදයකට ලක්වෙමින් ඇති විපරීත කාලයක් ගතවෙමින් තිබේ.

ඒ මොහොතේ බන්ධනාගාරගත බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ශාසනික අයිතිවාසිකම් සහ චීවරයේ ගෞරවය සුරැකීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් ප්‍රකාශිත නව ප්‍රතිපත්තිමය තීරණය, මෙරට ආගමික හා රාජ්‍ය පාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කර ඇති බව පෙනේ.

බන්ධනාගාර ආඥාපනත යටතේ පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව පදනම් කරගනිමින්, වරදකරුවක් වී බන්ධනාගාරගත භික්ෂුවක බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසරය ලබාදීම සහ බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කිරීමට පියවර ගැනීම හරහා ආගමික උරුමයට හා භික්ෂුත්වයේ අභිමානයට හිමි විය යුතු නීතිමය ආරක්ෂාව තහවුරු වී තිබේ.

අධිකරණ ඇමතිවරයා ඊයේ මේ නෛතික තත්ත්වය ප්‍රකාශයට පත් කළේය.

"බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 'අ' ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකරුවෙකු වුණොත්, මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදාළ කරගත යුතු වෙනවා.

එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා.

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා. එම අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු.

මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත්, ලිපියත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා.

ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර, නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා"

දැන් මෙම නීතිමය හා සංස්කෘතික ගැටලුව නිරාකරණය වී ඇත. එහෙත් , ‘සිවුරට යුක්තිය’ නමින් මහනුවරින් ආරම්භ වී කොළඹින් අවසන් වීමට නියමිත පා ගමන තවමත් ක්‍රියාත්මකය. ඊට අදාළ සිදුවීම් මාලාව දෙස විමර්ශනාත්මකව බලන විට, නීතියේ ආධිපත්‍යයට හෝ ශාසනික ගෞරවයට එහා ගිය වෙනත් සමාජ-දේශපාලනික මානයන් කිහිපයක් දැන් ඉබේම සමාජ සංවාදයට විවෘත වනු පෙනේ.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය සහ මහා සංඝරත්නයේ සම්මුතිය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමත් සමඟ උද්ගත වූ සංවේදී තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය අනුගමනය කළේ විධග්ධ සහ සංවේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයකි. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කරමින් 356(අ) නියෝගය හඳුන්වා දීමටත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අදාළ නිකායන් සම්බන්ධ කරගනිමින් භික්ෂූන් වහන්සේලාගේ චීවරයට හිමි ගෞරවය සුරැකීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනය කිරීමටත් රාජ්‍ය යන්ත්‍රණය ගත් තීරණය මහානායක හිමිවරුන් විසින් පුණ්‍යානුමෝදනා පූර්වකව භාරගන්නා ලදී.

මෙමගින් පැහැදිලි වූයේ ආගමික අයිතිවාසිකම් සහ රාජ්‍ය පාලන නීති රීති අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීමට උත්තරීතර සංඝ සභාවත්, විධායකයත් අතර ප්‍රශස්ත සංවාදයක් ගොඩනැගී තිබූ බවත්, ආයතනික පටිපාටිය තුළින්ම ඊට ස්ථිරසාර විසඳුමක් ලැබී තිබූ බවත්ය.

සිදුවීම් පෙළගැස්ම තුළින් මතුවන සැබෑ ස්වරූපය

කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික හා ආගමික මට්ටමින් සියලු විසඳුම් ලැබෙමින් පැවති පසුබිමක, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වී කඩුගන්නාව, කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත හරහා කොළඹ දක්වා පැමිණි කිලෝමීටර 121ක ‘සිවුරට යුක්තිය’ පා ගමන ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන ඒ තුළම විසංවාදයක් තිබේ. පසුගිය කාලසීමාවන්හිදී සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අන්තවාදී හා අවරගණයේ දේශපාලන බලවේග යළිත් වරක් යම් සංකේතීය සිදුවීමක් කේන්ද්‍ර කරගනිමින් ඒකරාශී වීමට දරන උත්සාහයක ස්වරූපයක් මේ සමස්ථය තුළ දෝංකාරය දෙමින් තිබේ.

පසුගිය දශකය පුරා රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී උද්වේගයන් නිර්මාණය කරමින්, සමාජය ධ්‍රැවීකරණය කරමින් දේශපාලන වාසි තකා චීවරය සහ ජාතිකත්වය මෙවලමක් ලෙස භාවිත කළ මුග්ධ සංස්කෘතිය මහජනතාව විසින් බැහැර කරනු ලැබූවකි. මේ එළි දකින්නේ එයය.

ඥානසාර හිමි බෞද්ධ ආගමික චිරස්ථිතිය සඳහා කළ ජීවිත කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරත වූයේ නැත. ඔහු සිරගත වන්නේ අධිකරණයට අපහාස කිරීමේ වරදකටය.

අධිකරණයට අපහාස කිරීම නිසා නීත්‍යානුකූලව දඬුවම් විඳින පුද්ගලයෙකු වෙනුවෙන් ‘ශාසනික අයිතිවාසිකම්’ නාමයෙන් සමාජය තුළ විරෝධයක් ඇති කිරීමට දැරූ උත්සාහයත්, ඊට සමගාමීව සමාජ මාධ්‍ය හරහා මවන්නට හැදූ කෘත්‍රිම රැල්ලත් , අවසානයේ දී කනවැන්දුම් දේශපාලනයක බුන්බත් මතවාදී හැසිරීම නිරුවත් කර පෙන්වා තිබේ.

අතීත ඛේදනීය දුර්දාන්තය යළි මතක් කරදීම

මේ ඓතිහාසික පසුබිම දෙස බලන විට, චීවරය සහ බෞද්ධ සංකේත දේශපාලන උත්ප්‍රේරක ලෙස අනිසි ලෙස භාවිත කළ සෑම අවස්ථාවකදීම රටට හිමි වූයේ ඛේදනීය අත්දැකීමකි. වාරියපොල ශ්‍රි සුමංගල හිමියන් 1815 අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ ජාතික අභිමානය වෙනුවෙන් පෙනී සිටි ජාතියක වන්දනාවට පාත්‍රවන වීරවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසික භූමිකාව සමඟ අධිකරණමය නීති කඩකිරීමක් මත වරදකරුව සිර දඬුවම් විඳින මැරයෙක් සසඳමින් ජාතිමාමකත්වය අවදි කිරීමට කරන උත්සාහයම විකෘතියකට එහා ගිය ඛේදවාචකයකි.

2014-2019 කාලවකවානුවලදී චීවරයට මුවාවී සිදුකළ අන්තවාදී හැසිරීම් නිසා රට ජාත්‍යන්තරව හුදකලා වූ අතීතය රටට අමතක විය යුතු නැත. නීතියේ ආධිපත්‍යය බිඳවැටී ආගමික සහජීවනය සහමුලින්ම විනාශ වූ ඒ කාලකණ්ණි අතීත කතාව රටට අත් කර දුන් ඉරණම බිහිසුණුය.

චීවරය අවලමේ යැවූ භික්ෂූන් නීතියට ඉහළින් සිටිමින් කළ මැරකම් අවසානයේ දී භික්ෂුවකට ඇති සාමාජ ගෞරවය කෙලෙසූ ආකාරය අපිි අත් වින්දෙමු. අප පසුකර ආවේ එවැනි අතීතයකි. ඥානසාර භික්ෂුවගේ චීවරය යළිත් කරලියට ගෙන කරන මේ විගඩම අවසානයේ භික්ෂූත්වයේ ගෞරවය, චීවරයේ පාරිශුද්ධත්වයෙ හෝ ශාසනික විනය උත්කර්ෂයට නැගෙන්නේ කෙසේ දැයි ඒ පාගමනේ එන පිරසගෙන් අසා දැනගැනීමට කැමතිය.

පා ගමන කොළඹින් අවසන් වන අවස්ථාවේ දී මෙම සිදුවීම් පෙළගැස්ම ඔස්සේ සමාජය ඉදිරියේ බරපතල ගැටලුවක් ඉතිරී වී තිබේ:

“රටක නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස සාධාරණ විය යුතුද? නැතහොත් ආගමික හෝ සංකේතීය ආවරණයන් පිටුපස සැඟවී අධිකරණමය තීන්දු අභියෝගයට ලක් කිරීමට ඉඩ දිය යුතුද?"

රජය විසින් මහානායක හිමිවරුන්ගේද එකඟතාව සහිතව භික්ෂුත්වයේ ගෞරවය සුරැකීමට අවශ්‍ය නීතිමය සංශෝධන සිදුකර තිබේ. දැන් රටට අවශ්‍ය වන්නේ , නීතියේ ආධිපත්‍යය සහ සැබෑ ශාසනික පාරිශුද්ධත්වය ආරක්ෂා කරගැනීම උදෙසා විවේචනාත්මක හා සබුද්ධික සංවාදයකි. දැන් රටට ඒ සඳහා දියුණු සමාජයක් අවශ්‍ය බව මෙම සිදුවීම් මාලාව විසින්ම ප්‍රකාශ කරමින් ඇත.