මහනුවරටත් මෙට්රො බස් සේවාවක්: මාර්ග හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද පැවැත්වෙයි!
ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේනගේ ප්රධානත්වයෙන් පැවති මෙම පරීක්ෂණ ධාවනය මහනුවර නගරයේ සිට පේරාදෙණිය හරහා ගම්පොල දක්වා කිලෝමීටර් 19ක මාර්ග පරිශ්රයක් ආවරණය කරමින් සිදු කෙරිණි.
LSN Sri Lanka ·

කොළඹ කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක කෙරෙන මෙට්රො බස් සේවාව මහනුවර ඇතුළු ප්රධාන නගර වෙත ව්යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, මහනුවර මෙට්රො බස් මාර්ග හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද (15) සාර්ථකව පැවැත්විණි.
</p>
<p>
ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේනගේ ප්රධානත්වයෙන් පැවති මෙම පරීක්ෂණ ධාවනය මහනුවර නගරයේ සිට පේරාදෙණිය හරහා ගම්පොල දක්වා කිලෝමීටර් 19ක මාර්ග පරිශ්රයක් ආවරණය කරමින් සිදු කෙරිණි.
</p>
<p>
මෙට්රො බස් ධාවනයට අවශ්ය මාර්ග සංවර්ධන කටයුතු සහ යටිතල පහසුකම් සැපයීම ද මෙම ව්යාපෘතියට සමගාමීව සිදු කිරීමට නියමිතව ඇත.
</p>
<p>
මේ වන විට බස්නාහිර පළාතේ මාර්ග 7ක මෙට්රො බස් රථ 122ක් මගී සේවාව සඳහා යොදවා ඇති අතර, ඉදිරියේදී මහනුවරට අමතරව යාපනය සහ ගාල්ල නගර දක්වා ද මෙම ප්රවාහන සේවාව ව්යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/847939655_1451802670468447_1026340992089576376_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1000x667&ctp=s1000x667&_nc_cat=107&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=yXN_iIjGIjIQ7kNvwHX7E8k&_nc_oc=Ado6O_qT97nm_9qcrhnlVTHSEiML9sL0FAwY671jdwDiJKSeOciKABOSXaOmzRj9beE&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=Kfw_IGirZ1U6EqoHVSY-pA&_nc_ss=7a2a8&oh=00_AQMKc9eAb5LEKqW99KaOEs2DR0b_VgDox1In5E2hDu5Egw&oe=6AD69113" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>