Sport · Sri Lanka Bureau
පැතුම් නිශ්ශංක තුන්කොන් එක්දින තරගාවලියෙන් ඉවතට: ළහිරු උදාර සංචිතයට!
ආබාධයට ලක්ව සිටින පැතුම් සංචිතයට නම් කළේ ශාරිරික යෝග්යතා පරිසාධනය කිරිමෙන් කණ්ඩායමට ඇතුලු කිරිමේ කොන්දේසිය මතය. වෛද්ය කණ්ඩායම විසින් සිදුකරන ලද අවසන් ශාරීරික යෝග්යතා ඇගයීමේදී තවමත් තරගකාරී ලෙස ක්රීඩා කිරීමට තරම් ඔහුගේ ආබාධ තත්ත්වය සුව වී නොමැති බව තහවුරු වී ඇත.
LSN Sri Lanka ·

පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන ඉදිරි තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩා කිරීමට ශ්රී ලංකා එක්දින සංචිතයේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක් නොවනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයය නිවේදනය කරයි. ඔහුට තවමත් නැවත තරගකාරී ක්රිකට් ක්රීඩාවට පිවිසීමට අවශ්ය වෛද්ය නිර්දේශය සහ අනුමැතිය හිමි වී නොමැති වීම ඊට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය දන්වා සිටී.
</p>
<p>
පැතුම් නිශ්ශංක මෑතකදී නිමාවට පත්වූ ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුරදී වම් පාදයේ කලවා ප්රදේශයේ ආබාධයකට (Left Hamstring Injury) ලක්විය. එම සංචාරයේ පැවැති තෙවන එක්දින තරගයේදී ආබාධ තත්ත්වය නොතකා ක්රීඩා කිරීමට පියවර ගත්තද, තරගය අතරතුරදී ඔහු යම් අපහසුතාවයකින් පසුවන බව නිරීක්ෂණය විය.
</p>
<p>
පසුව සිදුකළ වෛද්ය පරීක්ෂණවලදී තහවුරු වූයේ ඔහුගේ වම් පාදයේ කලවා පේශි ඇදීමකට ලක්ව ඇති බවය. වෛද්ය උපදෙස් මත පූර්ණ විවේක සහ පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කෙරුණු අතර, ඉදිරි තුන්කොන් තරගාවලිය සඳහා ශාරීරික යෝග්යතාවය සපුරාලීමේ කොන්දේසිය මත මීට පෙර ඔහු සංචිතයට ඇතුළත් කර තිබුණි.
</p>
<p>
කෙසේවෙතත්, වෛද්ය කණ්ඩායම විසින් සිදුකරන ලද අවසන් ශාරීරික යෝග්යතා ඇගයීමේදී තවමත් තරගකාරී ලෙස ක්රීඩා කිරීමට තරම් ඔහුගේ ආබාධ තත්ත්වය සුව වී නොමැති බව තහවුරු වී ඇත.
</p>
<p>
මේ හේතුවෙන් එක්දින සංචිතයේ පැතුම් නිශ්ශංක වෙනුවට ආදේශකයෙකු ලෙස ආරම්භක පිතිකරු ළහිරු උදාර නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.