LSN News › Sri Lanka

ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය වාර්තාව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෙත: නඩුව හෙට නැවත කැඳවෙයි!

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළත් වන බවය.

LSN Sri Lanka · 15 October 2026

ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය වාර්තාව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෙත:  නඩුව හෙට නැවත කැඳවෙයි!

සිරිලිය සවිය ගිණුම හරහා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මණ්ඩල වාර්තාව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දී තිබේ.

එම වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළත් වන බවය.

ඇගේ හෘදයාබාධ තත්ත්වය සහ ඊට අවශ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම වෛද්‍ය මණ්ඩලය විසින් සිදු කර තිබේ.

මේ අතර, රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සවාද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුව හෙට (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

පසුගිය 13 වැනිදා මෙම නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග S. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් තම සේවාදායකය‍ෙට විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවය.