ජනපති ලේකම් කාර්යාල අසල උනුසුම් වූයේ ඇයි?
ගාලු පාර වසාගෙන භික්ෂූන් වාඩි ගෙන සිටියහ. අනතුරුව පදිකවේදිකාව වසාගෙන හට් ගැසීමට සැරසුනහ. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ භික්ෂූන් ගාලුපාර අවහිර කළ ආකාරය ය.
LSN Sri Lanka ·

පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයක් අතරතුර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
</p>
<p>
විරෝධතාවයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා ගාලු පාර අවහිර කරමින් මහපාරේ වාඩි වී වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට කටයුතු කර ඇති අතර, මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ ප්රථමයෙන් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය විය.
</p>
<p>
ඊට අමතරව, විරෝධතාවයේ නිරත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාව ආවරණය වන පරිදි අට්ටාලයක් ඉදිකිරීමට තැත් කර ඇත. කෙසේ වෙතත්, එම අට්ටාලය ඉදිකිරීම වැළැක්වීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමඟ දෙපිරිස අතර නැවතත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://adaderana.lk/_next/image?url=https%3A%2F%2Fmedia.adaderanaenglish.lk%2Farticles%2F250036%2FMediaFile_20261015_155623_451.jpg&w=1280&q=75" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>