මහානායක හාමුදුරුවනේ... අනේ ඔවුන් මහණ කරන්න!
පිරිස පෙන්නන්ට අතදරු සාමනේරවරුත් මහ වැස්සේ පයින් රැගෙන පැමිණි අශීලාචාර සිවරු රඳවන දුටුවෙමු. මේ තරම් රාජ්ය තාන්ත්රික ලෙස විසඳුන ප්රශ්නයක් මුල් කරගෙන නීතියේ ආධිපත්යයට තර්ජනය කරමින් සිටින මැරකම අවසානයේ ව්යසනයට ලක් කරන්නේ චීවරයම බව මහා නායක හිමිවරුන් කල්පනා නොකිරීමේ ව්යසනය මේ වනවිට අපි දකිමින් සිටිමු.
LSN Sri Lanka ·

මේ වනවිට මහා සටනේ ස්වරූපය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙන් පෙනෙන්නේය. ඤාණසාර භික්ෂුව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නට පැමිණි තුන් හාරසියයක පිරිසෙන් විසිපහක්වත් රාත්රි 10.30 වනවිට එම භූමියේ ඉතිරිව නැත.

මේ වැඩේට එකතු වී හිටි සරත් විරසේකර, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චන්න ජයසුමන, මිලින්ද රාජපක්ෂ, හාමුදුරුවරු පෙරට දමා පසුපසින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ ටික වේලවකින් අතුරුදහන්ව සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබිණි. හමුදා ආරක්ෂාව ද ඇති අයුරු පෙනුණි. පා ගමනේ පැමිණි පිරිස මුලින්ම හැසිරෙන්නේ වියරුවකිනි. පොලිසියට බනිති. අභියෝග කරති. එහෙත් මේ විරෝධතාවය සංවිධානය කළ උලපනේ සුමංගල හාමුදුරුවන්ට අවශ්ය මේ කටයුත්ත වැදගත් ආකාරයට කරන්නටය. එහෙත් පැමිණ ඉන්න උන්ගෙන් එවැන්නක් අපේක්ෂා කළ නොහැකි බව පෙනෙන්නේය.

කෑ ගසති. බනිති. හූ කියති. වියරු හැසිරීම වාඩත් ප්රකට වන්නේ චීවර ඇඳගත් පිරිස අතිනි. අවසානයේ දී සුමංගල හාමුදුරුවන් මෙගා ෆෝනය අරන් කියන්නේ සංයමයෙන් හැසිරෙන ලෙසය. නිශ්ශබ්ද වන ලෙසය. කෑ ගැසුවොත් නිශ්ශබ්ද තාවය බින්දොත් ඔහු ඥානසාර හිමියන් නිදහස් වනවාට අකමැති අයෙක් වන බවය.

එහෙත් ඒ කටවල් වැහෙන්නේ නැත. මහා ඝෝෂාවක් ඇසෙන්නේය. මෛත්රී භාවනාව වඩන්නට උලපනේ උන්නාසේ කියන්නේය. ඒ අතර එන පිටිපස්සෙන් එන තල්ලුව නිසා මෛත්රී නොවැඩෙන්නේය. ඉදිරියෙන් සිටින උන් මරහඩ තලන්නට පටන් ගන්නේ තල්ලු කරන්නට එපා කියමිනි.

උලපනේ සුමංගල හිමියන් ඉදිරියේ ඇති බැරියර් එක වෙත අමාරුවෙන් යනවිට පිටුපසින් උසට උසේ පාතේගම ඤාණිස්සර උන්නාසේත් යන්නේය. උන්නාන්සේ මහාචාර්ය කෙනෙක් බව කියති. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මේ පිරිස අභියසට එන්නේ ඒ අතරය. ඔහුට මුලින්ම කතා කරන්නේ උලපනේ සුමංගල උන්නාන්සේය.

පයේ කරගැට එනතු කොළඹට පයින් පැමිණි ආකාරයත් වැස්සේ තෙමීගෙන දින පහක් පැමිණි ආකාරයත් ඤාණසාර හිමියන් නිදහස් කර ගැනීමට අවශ්ය හේතුවත් උලපනේ උන්නාසේ පවසන්නේය. සංයමයෙන් යුතුව ජනාධිපති ලේකම්වරයා මේ අයගේ කතාව අසා සිටින අයුරු පෙනෙන්නේය. නෛතිකව මේ කටයුත්ත කිරීමට ඇති අපහසුව අනතුරුව පහදන්නේය.

අනතුරුව චීවර සහිත පිරසගෙන් ජනාධිපති ලේකම්වරයාට එල්ල වන්නේ කුණු බැනුම්ය.

“මෙතන ඉන්නේ තෛනිකායික මහානායක හිමිවරු. මහාචාර්යවරු. නීතිඥයො. ඉතාම වැදගත් හාමුරදුරුවරු මෙතන ඉන්නේ. නිකම් තුට්ටු දෙකේ හාමුදුරුවරු නෙමෙයි. හොඳේ... “එකෙක් කියනු ඇසේ.

නිදහස් කිරිමේ පටිපාටියේ වැරද්දක් වී ඇති ආකාරයත් එය ජනාධිපතිවරයාගේ නියෝගයකින් කළ යුතු ආකාරයත් ලේකම්වරයා පෙන්වා දෙමින් සිටී. තමන් පිළිපදින්නේ මේ ජනාධිපතිවරයාගේ නියෝගය බවත් ලේකම්වරයා පැහැදිලි කරයි.

පැමිණ පිරිස හදන්නේ ජනාධිපති ලේකම්ගේ බෙල්ලට පිහිය තබා බලහත්කාරයෙන් ඤාණසාර උන්නාසේට ජනාධිපති සමාව ගන්නටය.

“ඔබතුමා කැමති නෑ එතකොට මේ වැඩේ කරන්න.උසට උසේ තල් කඳක් සේ ඉන්නා පාතේගම ඥාණිස්සර උන්නාසේ අහසන්නේ වේගයෙනි.

“අපට දෙන අවසාන උත්තරය මොකක් ද. “ ඒ උලපනේ සුමංගල උන්නාන්සේය.

“නුවර ඉඳලා අපි ආවෙ මෙතන බබා හුක්කුං බලන්න නෙමෙයිනේ. ඔබතුමා කතා කරන්නේ මුකුත් දන්නේ නෑ වගේ නේ... ඒ පාතේගම උන්නාසේය. පසුබිමින් ඇසෙන්නේ මෙසේය. “

“මුකුත් දන්නේ නෑ. තොත්ත බබා “

මේ අතර පාතේගම ඤාණිස්සර උන්නාසේ පොලිසිය සමගත් පැටලෙන්නේය.

“ඇයි මොකද. පොලිසිය ඉන්නෙ මගෙ කට වහන්න ද. පොලිසියට පුලුවන්ද මගේ කට වහන්න. ඔහේලා අපෙන් පඩි ගන්නේ...“ හෙතෙම අත දික්කරමින් කෑ ගසන්නේය.

“අවසාන උත්තරය මොකක්ද . “ පිරිස සන්සුන් කරන්නට හදමින් උලපනේ සුමංගල උන්නාසේ අසන්නේය.

වටේ ඉන්නා පිරිස උත්තරයක් අවශ්ය බව කියන්නේය. බණ කතා නොකියන ලෙස ලේකම්ට බනින්නේය.

“ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලිමක් කරනවානේ. ඒකට ජනාධිපති තුමා කියන්නේ මොකක්ද කියලා අපට උත්තරය දෙන්න විනාඩි 10ක් දෙන්නම්.“ ඒ උලපනේ සුමංගල උන්නාසේය. චීවර සහිත පිරිස් වටේ සිට බෙරිහන් දෙන්නේය.

“මොකද උත්තරයක් දෙන්න බැරි.. ඔබතුමා පඹයෙක් නෙමෙයි නේ. පැලවත්තේ ඩෝබිලා ද ?. නෙවෙයිනේ. “

“ඔබතුමා මෙතන බණ කියන්න එනවනේ. දෙමළ ළමයෙකුව බේරගන්න රුපියල් කෝටි ගානක් වියදම් කළේ. ඇයි හාමුදුරු කෙනෙක් වෙනුවෙන් බැරි.“ එකෙක් මරණීය දණ්ඩනයෙන් බේරාගත් ලාංකික තරුණයා බේරා ගැනීම ද විවේචනය කරමින් කතා කරන ජාතිවාදී ස්වරූපය තූ නොදකින් යැයි සිතෙන්නේය.

“දැන් ගිහින් විනාඩි දහකින් අපිට උත්තරයක් කියන්න. එච්චරයි. ඥානසාර හාමුදුරුවො දෙනව නැද්ද. “එක් භික්ෂුවක් ලේකම්ගෙන් අහන්නේ දෙරණ මයික්රොෆෝනය ඔහු වෙත දික් කරමිනි. හිරු මයික්රෆෝනයත් ඊට පසුපසිනි.

ලේකම්වරයා මේ කතාව අවසන් කරමින් ඉතාම සංයමයකින් කියන්නේ ජනාධිපතිවරයා අමතා පිළිතුරක් දෙන බවය. එසේ කියා එන ලේකම්වරයා සිය නියෝජිතයන් නැවත මේ පිරිස එන විරාමය තුළ ඇඟේ මයිල් ස්මයිල් වෙන කතාය. පාතේගම ඤාණිස්සර උන්නාසේ, සමන්ත භද්ර උන්නාසේ, ආරණ්යවාසීව වැඩ වාසය කරන බව කියන බලංගොඩ කස්සප උන්නාසේ ඇඟේ ලේ කකියවන කතා කියමින් මෛත්රී වඩන්නට කියන්නේය.අහන් ඉන්න උන්ටත් ලජ්ජා හිතෙන නින්දිත ජාතිවාදය ආගම්වාදය උත්කර්ෂයට නන්වන්නේය. අප දකින්නේ චීවරයට අමුඩය ගැස්සූ අශීලාචාරකමය.

විටෙක වටේ ඉන්න පිරිස සාධු කියන්නේය. විටෙක ජයවේවා කියන්නේය. විටෙක හූ කියන්නේය.

පන්සිල් ගන්න ගොස් නමස්කාරය පස් වතාවක් කියනු ඇසිනි. බුද්ධං සරණං ගච්ඡාමී යැයි සිව් වතාවක් කියනු ඇසිනි. පංචශීලයත් විහිලුවක් වනු පෙනෙමින් තිබිණි. අවසානයේ දී ප්රශ්නයට පිළිතුරක් දීමට මාසයක කාලයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගේ නියෝජිතවරු දෙදෙනෙක් පැමිණියහ.

ඔවුන්ට තිත්ත කතාවෙන් බනින අයුරු ඇසිනි. උත්ත ලැබෙන තුරු ජනාධිපති ලේකම් කාර්යලෙන් පිටව නොයන බව කියැවිනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර දන්නා බවත්, ගෝල්ෆේස් එක නුපුරුදු තැනක් නොවන බවත් කියමින් ආරණ්යවාසී බලංගොඩ කස්සප උන්නාසේ අනතුරු අඟවනු අසා සිටියෙමි.

පැමිණි පිරිසෙන් අඩක් පමණ අඩුවන විට රාත්රි 8.30ට පමණ පිරිස ගාලුපාර හරස් කළහ. හරස්කර ඉඳගත්හ. අනතුරුව පාර මැද අට්ටාලයක් සවි කිරීමට ගියහ. ඒ අවස්ථාවේ දී ඊට එරෙහි වූ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත්හ.

දැන් මහ රෑය. මේ ලියන මොහොත වනවිට රෑ 12ට ආසන්නය. අසරණයින් කීප දෙනෙක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට සීතලේ රැඳී සිටිති. උන්ට ඤාණසාර උන්නාසේ කියපු විදිහටම “අබ සරණය.“ උන් පවුය.

පිරිස පෙන්නන්ට අතදරු සාමනේරවරුත් මහ වැස්සේ පයින් රැගෙන පැමිණි අශීලාචාර සිවරු රඳවන දුටුවෙමු. මේ තරම් රාජ්ය තාන්ත්රික ලෙස විසඳුන ප්රශ්නයක් මුල් කරගෙන නීතියේ ආධිපත්යයට තර්ජනය කරමින් සිටින මැරකම අවසානයේ ව්යසනයට ලක් කරන්නේ චීවරයම බව මහා නායක හිමිවරුන් කල්පනා නොකිරීමේ ව්යසනය මේ වනවිට අපි දකිමින් සිටිමු.

බුද්ධ ශාසනය ව්යසනයට ලක් වන්නේ පිටස්තර බලවේග හෝ ස්වාභාවික හේතු නිසා නොවන බවත්, එය විනාශ වන්නේ ශාසනය තුළම සිටින ශාසන භාර ධාරී භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගේ නොමනා හැසිරීම් සහ වැරදි ක්රියාකලාපයන් නිසාම බවත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මහා කස්සප වර්ගයට අයත් සද්ධම්මපතිරූපක සූත්රයේ දී මහා කාශප හිමියන්ට දේශනා කළහ.

"කාශ්යපය, පඨවි ධාතුව (පොළොව) සද්ධර්මය අතුරුදහන් නොකරයි. ආපෝ ධාතුව (ජලය), තේජෝ ධාතුව (ගින්න), වායෝ ධාතුව (සුළඟ) සද්ධර්මය අතුරුදහන් නොකරයි. මෙම ශාසනය තුළම ශාසනය නසන හිස් මිනිස්සු පහළ වෙති. ඔවුහු මේ සද්ධර්මය අතුරුදහන් කරති. කාශ්යපය, නැවක් අධික බර පැටවීමෙන් ගිලී යන්නාක් මෙන් සද්ධර්මය අතුරුදහන් වීම සිදුවේ."

ඒ ශාසන ව්යසනය ආරම්භ වී ඇති අයුරු දකිමු. ශාසනය බේරාගත යුත්තේ ඤාණසාරගේ සිවුර ගැලවූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් නොවේ. ශාසන ප්රතිපදාව ගෞරවණීය ආකාරයට ක්රියාත්මක කළා නම් ඤාණසාරලා බිහිවන්නේත්, බිහිව පවතින්නේත් නැත. ඔවුන්ගේ සිවුරු බන්ධනාගාර තුළ ගැලවෙන්නේත් නැත.
මහණ කළ යුතු බොහෝ සිවුරු රඳවන සිටින බව අද අපි ජනාධිපති ලේකම් කාර්යාලය අභියස දුටුවෙමු.

අපේ හාමුදුරුවනේ... මොවුන්ගෙන් ශාසනය රැක ගැනීම ඔබවහන්සේලාට භාරය.