ප්රතිවාදීන්ගේ උගුල්වලට අහුවෙන්නේ නැහැ: විපක්ෂයේ අමුතු ආදරය ගැන අගමැතිනි හරිනි අමරසූරිය කියයි!
ජාතික ජන බලවේගය තුළ දෙදරීමක් ඇති බව පෙන්වා දීම සඳහා තමන්ව වෙනස් කොට ඇගයීමේ ස්වරූපය හොඳන්ම වටහාගෙන ඇති බවත්, මෙම ශක්තිමත් ජාතික ව්යාපාරය මෙවැනි ආකාරයකින් බිඳ දැමීමට ප්රතිවාදීන් දරන උත්සාහය කවදාවත් ඉටු නොවන බවත් අගමැතිනිය ප්රකාශ කළාය.
LSN Sri Lanka ·

ජාතික ජනබලවේගය තුළ බෙදීමක් තිබෙන බව පෙන්වීමේ අරමුණින් තමන්ට විශේෂත්වයක් දී ප්රතිවාදීන් කටයුතු කරන බවත්, ඒවාට තමන් කිසිවිටෙකත් අසු නොවන බවත් අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසයි.

ප්රතිවාදීන් තමන්ට මෙලෙස විශේෂත්වයක් දක්වන්නේ තමන් කෙරෙහි ඇති ආදරය නිසා හෝ ප්රතිපත්ති ගැන පැහැදීමකින් නොවන බව තමන් හොඳින්ම දන්නා බව ද අගමැතිනිය සඳහන් කළාය.

මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමින්ද්රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්ය වෙත අදහස් දක්වමින් අග්රාමාත්යවරිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය හරිනි අමරසූරිය:

"විසි දෙවන ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මම හිටියා. ඒකට පක්ෂව ඡන්දය දුන්නා. ඒ ගැන කතා කළා. මම මැදිහත් වෙන්නේ අවශ්යතාව අනුව සුදුසු තැන සුදුසු විදිහටයි. වෙන අයට ඕන විදිහට මම කතා කරන්නේ නැහැ. ඒක විපක්ෂයේ අය විසඳගන්න ඕන ප්රශ්නයක් මිස මගේ ප්රශ්නයක් නෙවෙයි.

ජාතික ජනබලවේගය තුළ කිසිම දෙදරීමක් නැහැ. ප්රතිවාදීන්ගේ බලාපොරොත්තුව මොකක්ද කියලා දන්නවා. ඒ බලාපොරොත්තුව කවදාවත් ඉටු වෙන්නේ නැහැ. හිත නරක් කරගෙන විවිධ කතා කියනවා ඇති. ඒකට මට කරන්න දෙයක් නැහැ. ජාතික ජනබලවේගය හැදුවේ එක පුද්ගලයෙක් නෙවෙයි. මේක ශක්තිමත් ව්යාපාරයක්. ගොඩක් දෙනෙක් එකතු වෙලා ගොඩනගපු ව්යාපාරයක්.

මේක තුළ අපේ ප්රතිවාදීන් මට විශේෂ තැනක් දෙන්නේ මට තියෙන ආදරයටවත් අපේ ප්රතිපත්ති ගැන පැහැදිලා නෙවෙයි. ඔවුන්ට වුවමනා වෙලා තියෙනවා පුද්ගලයෙක් මතු කරලා මෙතන මොකක් හරි විදිහක බෙදීමක් පෙන්වන්න. ඒවට අපි අහුවෙන්නේ නැහැ.

ජාතික ජනබලවේගය බුද්ධාගම නොසලකා හරිනවා කියලා ප්රතිවාදීන් ගෙන ගිය ප්රචාරය මහනායක ස්වාමින්ද්රයන් වහන්සේ නිවැරදි කළා. ඊට එහා අපිට කියන්න දෙයක් නැහැ කියලා තමයි මම හිතන්නේ. අපිට ක්රියාවෙන් තමයි පෙන්නුම් කරන්න වෙන්නේ අපි බෞද්ධ ධර්මයට කරන ගෞරවය හා ලබා දෙන තැන මොන වගේද කියලා. ඒක අපි ක්රියාවෙන් පෙන්නපු නිසා තමයි මහනායක ස්වාමින්ද්රයන් වහන්සේට එහෙම කියන්න පුළුවන් වුණේ. ඒ විදිහට අපි ඉදිරියටම යනවා.

මේ රටේ වෙනත් ආගම් අදහන අයටත් අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ. තමන්ගේ ආගම අදහන්න නිදහස තිබෙනවා. බුදු දහමට අවශ්ය ගෞරවය හා නිසි තැන දීලා තියෙනවා. ඒක තවත් කියන්න දෙයක් නෙවෙයි. අපි ඒක ක්රියාවෙන් පෙන්නලා තියෙනවා."