LSN News › Sri Lanka

අධිකරණ ක්‍රියාවලියකින් සිරගත වූ ඥානසාර හිමියන් සම්බන්ධව ඉදිරි උපදෙස් ලබා ගත යුත්තේ අධිකරණයෙන්ම තමයි... අගමැතිනිය කියයි!

රජයක් ලෙස තමන් කටයුතු කරන්නේ අධිකරණයට, රටේ සම්ප්‍රදායට මෙන්ම ව්‍යවස්ථාවටත් ගරු කරමින් බවත්, ජනාධිපතිවරයා ඒ අනුව එදා මෙන්ම අදත් තීරණ ගනු ලබන බවත් අගමැතිවරිය පැවසුවාය.

LSN Sri Lanka · 16 October 2026

අධිකරණ ක්‍රියාවලියකින් සිරගත වූ ඥානසාර හිමියන් සම්බන්ධව ඉදිරි උපදෙස් ලබා ගත යුත්තේ අධිකරණයෙන්ම තමයි... අගමැතිනිය කියයි!

අධිකරණ ක්‍රියාවලියකින් සිරගත වූ ඥානසාර හිමියන් සම්බන්ධව ඉදිරි උපදෙස් ලබා ගත යුත්තේ අධිකරණයෙන්ම බව අගමැතිනී හරිනී අමරසූරිය ඊයේ (15) පැවසුවාය.

රජයක් ලෙස තමන් කටයුතු කරන්නේ අධිකරණයට, රටේ සම්ප්‍රදායට මෙන්ම ව්‍යවස්ථාවටත් ගරු කරමින් බවත්, ජනාධිපතිවරයා ඒ අනුව එදා මෙන්ම අදත් තීරණ ගනු ලබන බවත් අගමැතිවරිය වැඩිදුරටත් කීවාය.

</p>

<p>

අගමැතිනිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර දී මහා නායක හිමිවරුන් බැහැදැක මාධ්‍ය හමුවූ අවස්ථාවේ දී ඥානසාර හිමියන්ට නිදහසද ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදිවෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

</p>

<p>

“ ඥානසාර හිමි සිරගත වුණේ අධිකරණ ක්‍රියාවලියක් තුළින්. ඒ සම්බන්ධ අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අපිට අධිකරණයෙන්ම තමයි උපදෙස් ගන්න වෙන්නේ. “

</p>

<p>

“ජනාධිපතිතුමා හරි තීරණය හරි වෙලාවට ගන්න කෙනෙක්. එතුමා බුද්ධිමත් ලෙස රටේ තත්ත්වය ගැන හොඳ අවබෝධයෙන් හැම වෙලාවෙම තීරණ ගන්නේ. “

</p>

<p>

“අපි අධිකරණයට ගරු කරනවා. රටේ සම්ප්‍රදායටත් ගරු කරනවා. ඒ වගේම රටේ ව්‍යවස්ථාවටත් ගරු කරනවා කියන එක ජනාධිතිතුමා කියලා තියෙනවා. “

“ඒ අනුව තමයි ජනාධිපතිතුමා දැන් වගේම ඉදිරියටත් තීරණ ගන්නේ.“