කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට නියෝගයක්!
නියෝගය යටතේ පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය අවට අධි ආරක්ෂිත කලාපයේ රැඳී සිටීම, පදික වේදිකා අවහිර කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය මෙන්ම මුදල් අමාත්යාංශය ඇතුළු ප්රධාන රාජ්ය ආයතනවලට ඇතුළුවීම තහනම් කර ඇත.
LSN Sri Lanka ·

කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලන නියෝගයක් අද (16) නිකුත් කර තිබේ.
මෙම නියෝගය පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් ලබා දී ඇත.

නියෝගය යටතේ පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය අවට අධි ආරක්ෂිත කලාපයේ රැඳී සිටීම, පදික වේදිකා අවහිර කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය මෙන්ම මුදල් අමාත්යාංශය ඇතුළු ප්රධාන රාජ්ය ආයතනවලට ඇතුළුවීම තහනම් කර ඇත.
මෙම පිරිසට භික්ෂූන් 30ක් පමණ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයින් 11 දෙනෙකු සහ සිවිල් සමාජ නියෝජිතයින් 18 දෙනෙකු ඇතුළත් වේ. අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඉහළ ආරක්ෂිත කලාපයක මහජන අපහසුතාවයක් ඇති කිරීම හේතුවක් ලෙස පොලිසිය දක්වා තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ “සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන” පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාළිගා පරිශ්රයෙන් ආරම්භ විය. කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත යන ප්රදේශ පසුකරමින් දින හයක් පුරා පැවති මෙම පා ගමන ඊයේ (15) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු නිලධාරීන් හිමිවරුන් සමඟ සාකච්ඡා කළ නමුත්, එම අවස්ථාවේ නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බව දැනුම්දීමෙන් පසු ඉන් ස්වල්ප දෙනෙක් රැය පහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියහ. ගාලු පාර ජනාධිපති මන්දිරය අසලින් වසා දැමිණි. දැන් වසා දැමූ ගාලු පාර විවෘතව ඇත.

ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ සිරදඬුවම් විඳිමින් සිටින්නේය. එම භික්ෂුව නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේය. එය පසුපස මේ වනවිට සියලුම පරාජිත දේශපාලන බලවේග ඒකරාශී වී ඇත.

මේ වනවිට අධිකරණ නියෝගය නිකුත් වී ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත. විරෝධතාවයේ අනාගත දිශාව සහ රජයේ ප්රතිචාරය පිළිබඳව නිරීක්ෂණය කෙරෙමින් පවතී.