වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ අධිකරණය හමුවේ වරද පිළිගනී – දඬුවම් නියම කිරීම ජනවාරි 17!
අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මෙලෙස වරද පිළිගෙන ඇත. ඒ අනුව, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇයට දඬුවම් නියම කිරීම ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
LSN Sri Lanka ·
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාවට හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.
</p>
<p>
2015 ජූලි 17 වැනිදා සිට 2016 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට ඇයට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබිණි.
</p>
<p>
අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මෙලෙස වරද පිළිගෙන ඇත. ඒ අනුව, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇයට දඬුවම් නියම කිරීම ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
</p>
<p>
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු තවත් චෝදනා හයකට අදාළව ඇයට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් විභාග වෙමින් පවතී. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන පනත යටතේ ඩයනා ගමගේට එරෙහිව සමස්ත චෝදනා හතක් ගොනු කර තිබේ.