LSN News › Sri Lanka

රජයේ දත්ත වැරදියි... අවදානමට ලක් වූ දළ ඇතුන් ගණන 17 නොවෙයි... 30කට ආසන්නයි... විපක්ෂ නායකවරයා කියයි....

දැනට අමාත්‍යාංශය දියත් කර ඇති වැඩපිළිවෙළ යහපත් එකක් නමුත් ඊට යොදාගෙන ඇති දත්ත පද්ධතියේ අඩුවක් පවතින බව විපක්ෂනායකවරයා කීවේය. ඔහු කීවේ දැනට අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව එක් කරගෙන ඇති “වයිල්ඩ් ටස්කර්“ ආයතනය මෙන්ම තවත් එවැනි විද්වත් ආයතනත් සම්බන්ධ කරගෙන මේ දත්ත පද්ධතිය පුලුල් කරගත යුතු බවය

LSN Sri Lanka · 4 November 2026

රජයේ දත්ත වැරදියි... අවදානමට ලක් වූ දළ ඇතුන් ගණන 17 නොවෙයි... 30කට ආසන්නයි... විපක්ෂ නායකවරයා කියයි....

රජය විසින් දැනට දියත් කර ඇති අවදානමට ලක් වී ඇති වන අතුන් සංඛ්‍යාව 17ක් බවට කර ඇති ඇස්තමේන්තුව නිවැරදි දත්ත මත පදනම්ව ගත් එකක් නොවන බවත්, මේ වනවිට රට තුළ දැඩි අවදානමට ලක් වී සිටින ඇතුන්ගේ ප්‍රමාණය 30කට ආසන්න බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමෙින්තුවේදි පැවසුවේය.

දැනට අමාත්‍යාංශය දියත් කර ඇති වැඩපිළිවෙළ යහපත් එකක් නමුත් ඊට යොදාගෙන ඇති දත්ත පද්ධතියේ අඩුවක් පවතින බව විපක්ෂනායකවරයා කීවේය. ඔහු කීවේ දැනට අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව එක් කරගෙන ඇති “වයිල්ඩ් ටස්කර්“ ආයතනය මෙන්ම තවත් එවැනි විද්වත් ආයතනත් සම්බන්ධ කරගෙන මේ දත්ත පද්ධතිය පුලුල් කරගත යුතු බවය.

විපක්ෂ නායකවරයා ඒ බව කීවේ පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරක් සම්බන්ධව අදහස් දක්වමිනි.

ඇමතිවරයා ප්‍රකාශ කළේ අවදානමට ලක් වූ වන ඇතුන් 17ක් ආරක්ෂා කිරිම සඳහා ත්‍රිවිධ හමුදාව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන වයිල්ඩ් ටස්කර් ආයතනයේ ඇති හොඳ දත්ත පද්ධතිය මත පදනම්ව මේ ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

එම දළ ඇතුන් 17 දෙනා ආරක්ෂා කිරීම සඳහා අපි ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශයත් එක් කරගෙන දැනට 'හස්ති සේනා' නම් ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ඇමතිවරයා පැවසුවේය.

“ඒ වගේම වනජීවී කලාප වල මර උගුල්, ඒ වගේම බඳින තුවක්කු, හක්කපටස් ආදිය සොයා ගැනීම සඳහාත් ත්‍රිවිධ හමුදාවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගත්ත වැඩපිළිවෙළක් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒක සාර්ථක වැඩපිළිවෙළක් හැටියට ඉදිරියට යනවා.“ ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරගැනිම සඳහා අනෙක් විද්වත් ආයතනත් සම්බන්ධ කරගැනීම කළ යුතු බවය. ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා රජයට කීවේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ හස්ති සේනා ව්‍යාපෘතියේ ආරම්භය බවත් ඉදිරියේ දී අනෙක් සංවිධානත් එක් කරගෙන මෙම වැඩපිළිවෙළ පුළුල් කරන බවත්ය.