විවෘත හෘද සැත්කමක් කළ යුතුයි... වෛද්ය මණ්ඩලයේ නිර්දේශයෙන් පසු ශිරන්තට අධිකරණයෙන් ඇප... ඒත් විදේශ ගමන් තහනම්...
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී 14 දෙනෙකුගෙන් යුතු කොළඹ ජාතික රෝහලේ වෛද්ය මණ්ඩලයක් විසින් සූදානම් කරන ලද වෛද්ය වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ශිරන්ති රාජපක්ෂට විවෘත හෘද සැත්කමක් (බයිපාස් සැත්කමක්) සිදු කළ යුතු බව එම වෛද්ය වාර්තාවේ සඳහන් විය.
LSN Sri Lanka ·

අත් අඩංගුවේ සිටිය දී කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ගනිමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට විවෘත හෘද සැත්කමක් කිරීමට සිදුවන බවට වෛද්ය මණ්ඩලයක් විසින් කළ නිර්දේශය ට අනුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් අද (16) පස්වරුවේ ඇය ඇප මත මුදා හරිනු ලැබුවාය.

ඒ අනුව, රුපියල් 100,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ඇප කොන්දේසිවලට අමතරව ශිරන්ති රාජපක්ෂට විදේශගත වීම තහනම් කරමින්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියාය.

‘සිරියලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමක සිදුවී ඇතැයි කියන මූල්ය අක්රමිකතා සහ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.