LSN News › Sri Lanka

ජාතියක් හඬවා කාවන්තිස්ස සමුගනී....

කාවන්තිස්ස හස්තිරාජයා 2012 දී සියඹලන්ගමුව දළ ඇතාගේ මරණයෙන් පසු රටේ අභිමානවත් හස්ති උරුමයේ ජීවමාන සංකේතයක් බවට පත් විය. ඔහුගේ සම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග කලා වැව, බලාලු වැව සහ විල්පත්තු දක්වා විහිදුණත්, මිනිස් ආක්‍රමණය හේතුවෙන් මෑත වසරවලදී ගල්ගමුව–මීගලෑව–තඹුත්තේගම ප්‍රදේශවලට සීමා වී තිබුණි. වෙඩි තුවාලයෙන් පසු ඔහු ආක්‍රමණශීලී බවට පත් වූ අතර, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පසුපස හඹා ගිය අවස්ථාද වාර්තා විය.

LSN Sri Lanka · 16 October 2026

ජාතියක් හඬවා කාවන්තිස්ස සමුගනී....

ජාතියක් හඬවමින් කාවන්තිස්ස හස්තිරාජයා අප හැර ගොස්ය.

මෙරට ජීවත් වූ විශාලතම සහ උසම දළ ඇතුන්ගෙන් කෙනෙකු ලෙස මේ හස්ථි රාජයා ජනතාවගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වී සිටියේය.

රෝගී තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද පෙරවරුවේ සියඹලන්ගමුව ප්‍රදේශයේ කුඹුරක් මැද ඇදවැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් හඳුනාගෙන වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබිණි. ගල්ගමුව ප්‍රදේශයේ වාසය කළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ සිට ගැටලු මතුව තිබුණි.

සැප්තැම්බර් මැද භාගයේ ඉදිරි දකුණු පාදයට වෙඩි වැදීමකින් (උගුල් තුවක්කුවකින් යැයි වාර්තා) ඇති වූ බව සඳහන් තුවාලයකට සැප්තැම්බර් 24 වන දින පස්වරුවේ සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් විසින් ප්‍රතිකාර ආරම්භ කරන ලදී. පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපය තුළ ආහාර නොගැනීම, පාචන තත්ත්වය සහ අනෙකුත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්‍යවරු පවසති.

කාවන්තිස්ස හස්තිරාජයා 2012 දී සියඹලන්ගමුව දළ ඇතාගේ මරණයෙන් පසු රටේ අභිමානවත් හස්ති උරුමයේ ජීවමාන සංකේතයක් බවට පත් විය. ඔහුගේ සම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග කලා වැව, බලාලු වැව සහ විල්පත්තු දක්වා විහිදුණත්, මිනිස් ආක්‍රමණය හේතුවෙන් මෑත වසරවලදී ගල්ගමුව–මීගලෑව–තඹුත්තේගම ප්‍රදේශවලට සීමා වී තිබුණි. වෙඩි තුවාලයෙන් පසු ඔහු ආක්‍රමණශීලී බවට පත් වූ අතර, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පසුපස හඹා ගිය අවස්ථාද වාර්තා විය.

පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් (වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය) පැය 24 පුරා ප්‍රතිකාර කරමින් සිටි අතර, තායිලන්තයෙන් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට අනුමැතියද ලැබී තිබුණි. කෙසේ වෙතත්, එම උත්සාහයන් අතරතුරම හස්තිරාජයා මියගොස් ඇත.

කාවන්තිස්සගේ මරණය, ශ්‍රී ලංකාවේ අලි–මිනිස් ගැටුම සහ ලාංඡනික දළ ඇතුන් ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව නැවතත් මහජන අවධානය යොමු කර ඇත. වනජීවී බලධාරීන්ගේ නිල තහවුරු කිරීම බලාපොරොත්තු වන අතර, ඔහුගේ මරණය රටේ වනජීවී උරුමයට සිදු වූ විශාල අලාභයක් ලෙස සැලකේ.