LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

පුතේ... උඹලා මාරයි.!

දෙවැනි කඩුල්ල ලෙස සංජානා දැවී යනව විට ඇය තවත් අර්ධ ශතකයක් සම්පූර්ණ කර තිබුණාය. සංජානා පන්දු 44ක දී හතරේ පහර 07ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 64ක් ලැබුවාය.

LSN Sri Lanka · 16 October 2026

පුතේ... උඹලා මාරයි.!

ශ්‍රී ලංකා, පකිස්ථාන සහ බංගලාදේශය අතර පැවති විස්සයි 20, 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය චමුදි ප්‍රබෝධා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අද (16) දිනා ගත්තේය.

එය බංගලාදේශ කාන්තා කණ්ඩායම පරදවමින් ලබා ගත් කඩුළු 04ක විශිෂ්ට ජයග්‍රහණයකි.

එම ජයග්‍රහණය අත්පත් කරගන්නේ රැකගත යුතු ඉතා පහසු උඩපන්දු හතරක් ගිලිහී ගොස් ශ්‍රී ලංකා කණ්ඩායම අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී යෑමේ අවදානමක් ද මතුවෙද්දීය.

ශ්‍රි ලංකා ඉනිම

තරගය අද ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩා පිටියේ ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10. 30ට ආරම්භ වූයේය. කාසියේ වාසිය දිනු බංගලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.

පන්දුවට පහරදීමට පැමිණියේ අනාගතයේ ශ්‍රි ලංකාවේ විශිෂ්ටම බලාපොරොත්තව ලෙස ලෝකයට ගමන් කළ හැකි රුව ගුණ පෙන්වන වමත් පිතිකාරීනි සංජානා කාවින්දි සමග විමෝක්ෂා බාලසූරිය විසිනි. සංජානා යනු මේ තරගාවලිය පුරාම විශිෂ්ඨ දක්ෂතා ප්‍රකට කළ විශිෂඨම පිිතිකාරණිය ය. ඇය ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර අත්දැකීම් ලද 18 හැවිරිදි ක්‍රීඩිකාවකි.

පළමු කඩුල්ල වෙනුවෙන් සංජානා සහ විමෝක්ෂා එක්ව විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූහ. පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී පළමු කඩුල්ල ලෙස විමෝක්ෂා දැවී යනවිට මුළු ලකුණු ගණන 49කි. විමෝක්ෂා ලකුණු 23ක් ලබා සිටියාය. ඊට හතරේ පහර 05ක් එල්ල විය. ඇය ලකුණු 23 ලබා ගන්නී පන්දු 15ක් තුළය.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් නෙත්මි උපේක්ෂා සහ සංජානා කාවින්දි අතර තවත් ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැගිනි. දෙවැනි කඩුල්ල ලෙස සංජානා දැවී යනව විට ඇය තවත් අර්ධ ශතකයක් සම්පූර්ණ කර තිබුණාය. සංජානා පන්දු 44ක දී හතරේ පහර 07ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 64ක් ලැබුවාය. සංජානා දැවී යන්නී ලකුණු 104ක් කණ්ඩායම ලබා සිටියදී 13වැනි ඕවරයේ 4වැනි පන්දුවේ දීය.

එතැන් සිටි නෙත්මි උපේක්ෂා ලකුණු 22ක්, ධනෝද්‍යා සෙව්මිනි ලකුණු 15ක්, උමයංගනා පීරිස් නොදැවි ලකුණු 28ක් ලැබූහ. ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ දි කඩුළු 06ක් දැවී ලකුණු 158ක සටන්කාමී ඉලක්කයක් බංගලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා දුන්නේය.

බංගලාදේශය වෙනුවෙන් ෆර්ජානා එස්මින්, නිශ්හිතා අක්තාර් නිෂි, ජන්නතුල් ෆෙර්ඩොස්, ඇෆ්රින් මිම් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ මුල් පෙළ බිහිසුණු ලෙස බිඳවැටුනේය. ආරම්භක පිතිකාරියන් දෙපලවන මයිමුරා නෙහාර්, ආචෙනා ජෙනට් ලකුණු නොලබා දැවි ගියේය. ලකුණු 4ට කඩුලු 02ක් දැවී ගියේය.

තුන්වන කඩුල්ල ලෙස ශිරිනා කාතුන් දැවී යන විට මුළු ලකුණු ගණන ලකුණු 21කි.

අනතුරුව පිටියට පැමිණි නෂීටා අක්තාර් නිෂි, ලකුණු 32ක්, සදිලා ස්ලාම් පන්දු 36ක දී හතරේ පහර 03ක් සහ හයේ පහර 05ක් සමගින් ලැබූ සටන්කාමී කුණු 59ක්, සාදියා අක්තාර් අවසන් මොහොත වනතුරු තරගය අත් නොහැර පන්දු 22ක දී හතරේ පහර 01ක් සහ හයේ පහර 03ක් සමග ලැබූ ලකුණු 35ක්, තරගය අවසානයේ දී උනුසුම් කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අතිශය පහසු උඩපන්දු හතරක් අත්හැරීමත් සමග තරගය මුලුමනින්ම බංගලාදේශය දෙසට ගමන් කරනු පෙනුනි. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ යළිත් පාලනය සියතට ගත්හ.

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම ලකුණු 154කට සිමා විය. ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු ලකුණු 04ක ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය.

පන්දු යැවීමේ දී චමෝදි හේරත් කඩුළු 02ක්, නායිකා චමුදි ප්‍රබෝධා ලකුණු 17ට කඩුළු 02ක්, දනෝද්‍යා සෙව්මිනි ලකුණු 23ට කඩුල්ලක් ලැබූහ.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ විරයා වූයේ ද සන්ජානා කාවින්දිය. දිගින් දිගටම කුල්ල කුජීත වෙන්නට පරාදවන ක්‍රිකට් සම්බන්ධව බලාපොරොත්තු ගේන මේ පුංචි කෙල්ලන්ට ආදරේ හිතෙන්නේය.

පුතේ... උඹලා මාරයි...