LSN News › Sri Lanka

විහාරමහාදේවි උද්‍යානයේදී මහා සංඝරත්නයට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩිව හෙළා දකියි!

එමෙන්ම, මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ ආගමික සහජීවනය ප්‍රදර්ශනය කරමින් භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා ඉඩ සලසා දීමට කටයුතු කළ දවටගහ මුස්ලිම් පල්ලියේ පාලනාධිකාරියට ද විපක්ෂ නායකවරයා සිය කෘතඥතාව පළ කර ඇත.

LSN Sri Lanka · 17 October 2026

විහාරමහාදේවි උද්‍යානයේදී මහා සංඝරත්නයට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩිව හෙළා දකියි!

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාළිගා පරිශ්‍රයෙන් ඔක්තෝබර් 10 වනදා ආරම්භ වූ "සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන" ඔස්සේ කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේලා, අධිකරණ නියෝගයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වී බුද්ධශාසන අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වීමෙන් පසු විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිට ඇත.

එහිදී වර්ෂාව මධ්‍යයේ රැඳී සිටි උන්වහන්සේලා රාත්‍රී කාලයේ වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා ආවරණයක් ඉදිකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පිරිත් දේශනා කරමින් සිටි උන්වහන්සේලාට රජය මගින් ප්‍රහාරයක් එල්ල කළ බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අහුරා, වර්ෂාවෙන් ආරක්ෂා වීමට තිබූ ආවරණ බලහත්කාරයෙන් ඉවත් කිරීම අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් බවය. මහජනතාවගේ සහ මහා සංඝරත්නයේ ආරක්ෂාව තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත්, ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වහා කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එමෙන්ම, මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ ආගමික සහජීවනය ප්‍රදර්ශනය කරමින් භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා ඉඩ සලසා දීමට කටයුතු කළ දවටගහ මුස්ලිම් පල්ලියේ පාලනාධිකාරියට ද විපක්ෂ නායකවරයා සිය කෘතඥතාව පළ කර ඇත.

පසුගිය ඔක්තෝබර් 15 වනදා ද නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවේදී බුද්ධ ප්‍රතිමාවට ආවරණයක් සපයන ලද තාවකාලික ඉදිකිරීම ඉවත් කිරීම සහ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය.

පහත දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස විසින් අද නිකුත් කරන ලද නිවේදනය ය.