නේවාසිකව නවත්වාගෙන පූර්ණ පරීක්ෂණයක් කරන්න හදද්දී බලංගොඩ කස්සප හිමි ප්රතිකාර අනවශ්ය බව කියමින් කොළඹ ජාතික රෝහලෙන් පිටවෙයි...
හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්යවරුන් උන්වහන්සේට යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු ඒකකයේ හදිසි අනතුරු වාට්ටුවලට ඇතුළත් කරලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබාගන්න. නමුත් උන්වහන්සේ ඒ ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා රෝහලෙන් පිටව ගියා.. - ජාතික රෝහල් අධ්යක්ෂ
LSN Sri Lanka ·

තමන්ගේ හිසට පහර දුන් බව පවසා 1919 ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත රැගෙන පැමිණි බලංගොඩ කස්සප හිමියන්, වැඩි දුර පරික්ෂාව සඳහා නිරීක්ෂණ වාට්ටුවක නේවාසිකව ප්රතිකාර ගැනීම සඳහා යොමු කළ විට ප්රතිකාර අනවශ්ය බව කියමින් රෝහල්ගත කර පැයකින් පමණ රෝහලෙන් පිටවී ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර ඊයේ (11) රාත්රියේ දී ප්රකාශ .

රෝහල්ගත වුන කාරණාව සම්බන්ධව සියලුම පරීක්ෂණ සිදුකළ බවත් එම කිසිම පරීක්ෂණයක කිසිදු වරදක් සටහන් වී නැති බවත් අධ්යක්ෂවරයා විසින් අවධාරණය කළේය.

ඒ අනුව බලංගොඩ කස්සප හිමි ඊයේ (17) රාත්රී 9.30ට පමණ රෝහලෙන් පිටවී ගොස් තිබේ.

මේ පිලිබඳව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාරගෙන් කළ විමසීමේ දී ඔහු මෙසේ ප්රකාශ කළේය.

"අද දින පස්වරු 8:30 ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට පැමිණි, ප්රතිකාර සඳහා පැමිණි බලන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසුව ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව දන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබෙනවා.

ඒ වගේම උන්වහන්සේගේ පැමිණි කාරණාව සම්බන්ධයෙන් අදාළ වෛද්යවරුන් විසින් පරීක්ෂා කර බලලා අදාළ පරීක්ෂණ, විකිරණ පරීක්ෂණයන්, ඒ වගේම අල්ට්රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදු කර බලලා තියෙනවා. ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නැහැ.

ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්යවරුන් උන්වහන්සේට යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු ඒකකයේ හදිසි අනතුරු වාට්ටුවලට ඇතුළත් කරලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබාගන්න. එවැනි ක්රියාවලිය අවශ්යතාවය වෛද්යවරු උන්වහන්සේට දැනුම් දීලා තිබුණා.

නමුත් උන්වහන්සේ ඒ ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා රෝහලෙන් පැයකට පමණ පසු, රාත්රී 9:30 ට පමණ ආසන්න වේලාවකදී ශ්රී ලංකා ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇති බවට වාර්තා වෙනවා."