LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ජයග්‍රහණයේ රළ පහර අතරින් දියත දිනන ශ්‍රී ලංකාවේ පැරා පිහිනුම් තාරකාව: ගැලීනා බස්නායක

ඇය හුදෙක් පදක්කමක බලාපොරොත්තුවක් පමණක් නොවේ. ඇයගේ ප්‍රවේශය තුළ ඇත්තේ වසර ගණනාවක කැපවීම, නොපසුබස්නා උත්සාහය සහ ශාරීරික සීමාවන් යනු කිසිසේත්ම කෙනෙකුගේ හැකියාවන් මැනීමේ මිණුම්දණ්ඩක් නොවන බව ලෝකයටම පසක් කරන දැවැන්ත මානුෂිය ප්‍රකාශනයකි.

LSN Sri Lanka · 18 October 2026

ජයග්‍රහණයේ රළ පහර අතරින් දියත දිනන ශ්‍රී ලංකාවේ පැරා පිහිනුම් තාරකාව: ගැලීනා බස්නායක

ජපානයේ අයිචි-නගෝයා හිදී අද (ඔක්තෝබර් 18 වන 5 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේය. සමස්ත ආසියානු කලාපයේම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොපසුබස්නා උත්සාහය සහ ක්‍රීඩා කෞශල්‍යය ලොවටම විදහාපාන දැවැන්තම ක්‍රීඩා මංගල්‍යය ය. ඔක්තෝබර් 18 සිට 24 දක්වා දින 7 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ආසියාවේ රටවල් 45 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් එක්වන්නාහ. "Imagine One Heart" යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියට ක්‍රීඩා ඉසව් 18 ක් ඇතුළත්ය.

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද දක්ෂ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මව්බිමට අභිමානයක් අත්කර දීමේ අරමුණින් තරග බිමට පිවිසෙති. මේ තරු අඹරේ ශ්‍රී ලංකා නාමය අහස උසට ඔසවා තැබී කළ දීප්තිමත්ම තරුවක් වන්නීය.

ඇය පැරා පිහිනුම් ශූරී ගැලීනා බස්නායකයි.

ඇය හුදෙක් පදක්කමක බලාපොරොත්තුවක් පමණක් නොවේ. ඇයගේ ප්‍රවේශය තුළ ඇත්තේ වසර ගණනාවක කැපවීම, නොපසුබස්නා උත්සාහය සහ ශාරීරික සීමාවන් යනු කිසිසේත්ම කෙනෙකුගේ හැකියාවන් මැනීමේ මිණුම්දණ්ඩක් නොවන බව ලෝකයටම පසක් කරන දැවැන්ත මානුෂිය ප්‍රකාශනයකි.

මේ මොහොතවනවිට ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පදක්කම් බලාපොරොත්තුවක්වන ගැලීනා S9 වර්ගීකරණය යටතේ ජාත්‍යන්තර පිහිනුම් තටාගය ජයගත් විශිෂ්ඨ ක්‍රීඩිකාවකි. ඇය සිය නාමය ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකය තුළ සටහන් කරන්නේ කැපී පෙනෙන ජයග්‍රහණ පෙළක්ද සමගිනි.

ආසියානු තටාගයේ රන් රටාව සහ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය

ගැලීනාගේ ජාත්‍යන්තර ගමනේ මූලාරම්භය සටහන් වන්නේ 2021 වසරේ බහරේන් හි පැවැති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලෙනි. එස් 9 කාණ්ඩයේ මීටර් 50, 100 සහ 400 නිදහස් ආර පිහිනුම් තරගවලින් රන් පදක්කම් තුනක් සහ මීටර් 100 සමනල ආර තරගයෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් ඇය ආසියාවට තම ප්‍රවේශය සටහන් කළාය.

එහෙත් ඇගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම සංධිස්ථානය සටහන් වූයේ 2023 ඔක්තෝබර් මාසයේ චීනයේ හංජෝ හි පැවැති 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදීය. එහිදී මීටර් 400 නිදහස් ආර (S9) තරගය මිනිත්තු 5 යි තත්පර 18.28 ක පෞද්ගලික හොඳම කාලයකින් නිම කළ ඇය රිදී පදක්කම හිමිකර ගත්තාය. මෙය වසර 13 කට පසුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලකදී පිහිනුම් අංශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කම ලෙස ඉතිහාසයට එක් විය.

විවෘත දියඹෙන් ලෝක ශූරතාවලිය දක්වා

ගැලීනාගේ දක්ෂතාව තටාගයට පමණක් සීමා වූයේ නැත. ඉතාලියේ සාඩීනියා හි පැවැති 2024 ලෝක පැරා පිහිනුම් විවෘත දියඹ කුසලාන තරගාවලියේදී S7-S10 කාණ්ඩයේ කිලෝමීටර් 3 විවෘත දියඹ තරගයෙන් ලෝක මට්ටමේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් වූවාය. එසේම දේශීය වශයෙන් පැවැත්වෙන ගල්කිස්ස සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගයේදී හොඳම විවෘත කාන්තා පැරා පිහිනුම් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට ඇගේ ශක්තිමත් කායික හා මානසික පැවැත්ම හේතු විය.

2025 වසරේ සිංගප්පූරුවේ පැවැති ලෝක පැරා පිහිනුම් ශූරතාවලියේදී මීටර් 400 නිදහස් ආර තරගය මිනිත්තු 5:08.47 කින් නිම කරමින් ලොව 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඇය සමත් වූයේ ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩිකාවන් අතර තමාගේ ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමිනි.

ජූලියන් බෝලිංගේ මාර්ගෝපදේශනය සහ අධ්‍යාපනික ගමන

ගැලීනාගේ මේ සාර්ථකත්වයට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පිහිනුම් ශූර මෙන්ම පුහුණුකරු ජූලියන් බෝලිං ලබාදෙන ශික්ෂණය සහ උපදෙස් ප්‍රබල රුකුලක් වී ඇත. රේන්බෝ ඇක්වාටික්ස් (Rainbow Aquatics) ආයතනය යටතේ ඇය ලබන තාක්ෂණික සහ උපක්‍රමශීලී පුහුණුව, ඇගේ නිරන්තර ප්‍රගතියට හේතු වී තිබේ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙවැනි ඉහළ සාර්ථකත්වයක් ලබන අතරතුර, ගැලීනා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හරහා මනෝවිද්‍යාව පිළිබඳ සිය උපාධි අධ්‍යාපනයද සාර්ථකව හදාරන්නීය. අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන දෙකම එක හා සමානව කළමනාකරණය කරගනිමින් ඇය පෙන්වන කැපවීම, මෙරට නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සපයන්නේ විශිෂ්ට ආදර්ශයක් වැන්න.

ගැලීනා බස්නායක යනු ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක් ගෙන ආ ක්‍රීඩිකාවකි. මීළඟ ඉලක්කය වෙත අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර තටාකයේ තත්පරයෙන් තත්පරය තමාගේම වාර්තා අලුත් කරන ඇගේ මේ දියත තරණය ජාතියක බලාපොරොත්තු අවදි කරන්නේය.

අද ඇරඹෙන ආසියානු පැර මළල ක්‍රීඩා උළෙලේ දී ඇය ඒ බලාපොරොත්තුවේ අලුත්ම පහන්සිල දල්වනු ඇති බව අපට විශ්වාසය.