LSN News › Sri Lanka

කිරිඳිවැල සිනමා හලක සඟවා තිබූ ගිනි අවි, ජීව අත්බෝම්බ සහ පතොරොම් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට!

LSN Sri Lanka · 18 October 2026

කිරිඳිවැල සිනමා හලක සඟවා තිබූ ගිනි අවි, ජීව අත්බෝම්බ සහ පතොරොම් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට!

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා හලක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිනි අවි 5ක්, ජීව අත්බෝම්බ 2ක් සහ ජීව පතොරොම් 3,800කට අධික විශාල තොගයක් සමඟ 38 හැවිරිදි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අනාවරණය වන්නේ ඔහු හිටපු ඇමතිවරයෙකුගේ ඥාති සහෝදරයෙක් වූ කෝටිපති ව්‍යාපාරිකයෙක් බවය.

ලද තොරතුරකට අනුව සෙනසුරාදා (ඔක්තෝබර් 17) පස්වරුවේ කිරිඳිවැල පොලිස් වසමේ හන්වැල්ල පාරේ පිහිටි ප්‍රසිද්ධ සිනමා හලක් වන 'සී.කේ. සිනමාස්' (CK Cinema) නැමැති සිනමා වටලා මෙම ගිනි අවි සහ ඇමෝ තොගය අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු කිරිඳිවැල, මිල්ලත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව දින 3ක රැඳවුම් නියෝග මත තබාගෙන විමර්ශන කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

සෝදිසි කිරීමේදී සිනමා හල තුළ තිබී සොයාගත් ගිනි අවි සහ පතොරොම් මෙසේය:

• විදේශීය නිෂ්පාදිත පිස්තෝල 2ක්

• රිවෝල්වර 1ක්

• විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්

• විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්

මීට අමතරව, බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතොරොම් 398ක්, බෝර 16 තුවක්කු පතොරොම් 35ක්, මිලිමීටර් 9 වර්ගයේ පතොරොම් 278ක්, 0.32 කැලිබර් පතොරොම් 49ක් සහ 0.22 කැලිබර් පතොරොම් 3,083ක් ඇතුළුව ජීව පතොරොම් 3,850කට ආසන්න ප්‍රමාණයක්ද, ජීව අත්බෝම්බ 2ක්ද සොයාගෙන තිබේ.

මෙම සැකකරු මෙපමණ විශාල ආයුධ සහ පතොරොම් තොගයක් ලබාගත්තේ කෙසේද යන්න සහ ඒවා යම් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබුණේද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෑත කාලයේ සොයාගත් විශාලතම නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වන මෙය සම්බන්ධයෙන් පොලිසිය විමරශන සිදුකරයි.